විශ්ව විද්‍යාල වසා දමා වසරකට ආධික කාලයක් ගත වුවද ඒ්වා නැවත විවෘත කිරීමට රජයට කිසිදු සැලසුමක් නැතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ගයාන් අකිල ජයතිලක මහතා කියයි.
විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීමටත් මහපොළ ශිෂ්‍යාධාර සම්බන්ධ ගැටළු විසඳීමටත් ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද සභාපතිවරයා පවසයි.
රාජ්‍ය ආයතන,කර්මාන්තශාලා සහ වෙනත් ආයතනවල වැඩ යළි ආරම්භ කර මාස කීපයක් ගත වි ඇතත් විශ්ව විද්‍යාල විවෘත කිරීමට රජයට අවශ්‍යතාවක් නැතැයි ද හෙතෙම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක උගතුන් බිහිවනවාට පාලකයින් කැමති නැත. ඒ මන්ද ජනතාව බූරුවන් සේ හැසිරෙන විට ඔවුන්ව ඉතාමත් පහසුවෙන් පාලනය කළ හැකි නිසායි. එම නිසා පාසැල්, විශ්ව විද්‍යාල ඔය විදියටම තියන එක එයාලගේ පැවැත්මට හිතකරයි.
විශ්වවිද්‍යාල පමණක් නොව බස්නාහිර පළාතේ උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳ චක්‍රලේඛය ද යාවත්කාලීන කර නැත නමුත් යාපනය ඇතුළු වෙනත් දිස්ත්‍රික්කවලට අවසර ලබා දී තිබේ මෙය විහිලුවකි.මහා පරිමාණ උපකාරක පන්ති සදහා online මගින් ආදායම් සරු කරගැනීමට හා බහු ජාතික සමාගම් වලට දුරකථන හා ඩෛටා සඳහා ආදායම් සරු කරගැනීමට ත් අවස්ථාව ලබා දෙයි. කනගාටුවට කරුණ මෙම තත්ත්වය නිසා අසරණ වන දරුවන් පිළිබඳ ව ජනමාධ්‍ය මගින් ද නිහඩවම සිටීමයි