කල්පිටියේ දේව ප්‍රතිමාවකට හානි කරලා කල්පිටිය ඒත්තාල කොළණියේ ප්‍රධාන මංසන්ධියේ පිහිටි වේලන්කන්නී මාතා දේව ප්‍රතිමාව සහිත කුටීරයේ විදුරු බිද දමා,එම ප්‍රතිමා පොළවේ ගසා සුණු විසුණු කර ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 16 March 2021
සහල් මිලට කැබිනට් මණ්ඩලයෙන් වෙට්ටුවක් වෙළෙඳපොළේ සහල් මිල තවදුරටත් ඉහළ ගියහොත් ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම සඳහා සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 16 March 2021
බොරු එස්.අයිට වැඩ වරදි උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන්ම පෙනී සිටිමින්, එම නිල ඇඳුමෙන් සැරසී සිටි පුද්ගලයකු පන්නිපිටිය පොල්වත්ත ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ බස්නාහිර-දකුණ අපරාධ කොට්ඨාශය කියයි. 16 March 2021
කෝටියක කුඩු හංගන්න බැරිවෙයි කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකකට අධික ප්‍රමානයක් සමග දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 16 March 2021
ලක්ෂ 6ක හොර සල්ලි අල්ලයි රුපියල් ලක්ෂ 6ක 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සමග සැකකරුවන් දෙදෙනකු අක්කරෙයිපත්තුව ඔලුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි 16 March 2021
බුර්කාව තහනම් කරන නව නීති පාර්ලිමේන්තුවට බුර්කාව තහනම් කෙරෙන නව නීතිය පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. 16 March 2021
කොරෝනා පාලනය කළා- යුද හමුදාපති ශ්‍රී ලංකාව තුළ කොරෝනා වයිරසය පැතිරයාම විශාල වශයෙන් පාලනය වී ඇතැයි කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සධක බළකායේ ප්‍රධානි යුද හුමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත. 16 March 2021
රජයේ ඇමැතිවරු 10ක් මන්ත්‍රී නිල නිවාසවලටත් විදි රජයේ නිල නිවාස හිමි වී ඇති ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් දසදෙනකුට ඔවුන් මන්ත්‍රීවරුන් ලෙස සිටි කාලයේදී ලබාගෙන තිබූ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්වන ලෙසට පාර්ලිමේන්තු නිලධාරීන් දැනුම් දී ඇතත් ඔවුන් ඒ නිවාසවලින් ඉවත්වීම මඟහැර ඒවා තවදුරටත් භාවිත කරමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ. 16 March 2021
කෝටි ගණනක ඉඩම දන් දෙයි රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් තම සුවිසල් නිවස ඇතුළු එහි භාණ්ඩ සමග වටිනා ඉඩම වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාම සඳහා දන්දීමට කටයුතු කරන ධානපති යුවළක් පිළිබඳව මාතලේ නාලන්ද උඩුදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වේ. 16 March 2021
පාරේ මියගිය යාචකයාට කොරෝනා නාරම්මල බස්නැවතුම්පොළ පිටුපස රා තැබෑරුමක් අසල වැටී මියගොස් සිටි අවුරුදු 56ක් පමණ වයසැති පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව ක්ෂණික ප්‍රතිදේශ පරික්ෂාවේදී (රැපිඩ් ඇන්ටිජන්) ඊයේ (15) අනාවරණයවූ බව දඹදෙණිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී නදීකා මුණසිංහ මහත්මිය පවසයි. 16 March 2021
ඉඩම් කොල්ලයේ තොරතුරු කීවැයි ගොවියට ගහලා දඹුල්ල වෑවලවැව, සීගිරිය අලකොළවැව ප්‍රදේශවල රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම් පිළිබඳව මාධ්‍යයට තොරතුරු දුන්නැයි චෝදනා කරමින් ප්‍රදේශයේ ගොවියකුට ඉකුත් 23 වැනිදා බරපතළ ලෙස පහරදී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 16 March 2021
ත්‍රි‘මලේ අන්තවාදි සංවිධානයකට එතෙරින් කෝටි 100ක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන අන්තවාදී මුස්ලිම් සංවිධානයක ගිණුමකට වසර 4 ක කාලයක් රුපියල් කෝටි 100 කට ආසන්න මුදලක් බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇත. 16 March 2021
මළසිරුරු ආවරණ කැලණි ගඟට පානීය අවශ්‍යතා සඳහා ජලය ලබාගන්නා කැලණි ගඟට කොහිලවත්ත හා හංවැල්ල ප්‍රදේශවල සුසාන භූමි දෙකකින් මළ සිරුරු ආවරණය කරන ඉටි කොළ එකතු වීමේ අවදානමක් මතු වී ඇතැයි එම ගංගාවේ ජල දූෂණය පිළිබඳ පරිසර විගණන වාර්තාවේ දැක්වෙන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය. 16 March 2021
එන්නත් තවත් ලක්ෂ 5ක් ලබන සතියේ මෙරටට රජය ඇනවුම් කර ඇති එන්නත් තොගයෙන් තවත් මාත්‍රා ලක්ෂ පහක් ලබන සතියේදී මෙරටට ලැබෙනු ඇතැයි කොවිඩ් එන්නත් ගෙන්වීම පිළිබඳ ජනපති කමිටුවේ ප්‍රධානි ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ‘ලංකාදීප’යට පැවැසීය. 16 March 2021
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ඉල්ලා අස්වීමට තීරණය තානාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා කියා සිටී. 15 March 2021
පාස්කු වාර්තාවේ ප්‍රගතිය අප්‍රේල් 21 වන විට බලාගත හැකියි-ජී.එල් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් එම ප්‍රහාරය සිදුවී වසර දෙකක් සම්පූර්ණ වන ලබන අප්‍රේල් 21 වැනිදා වන විට දැකගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 15 March 2021
විදේශ් ශ්‍රමිකයන් නොමිලේ නිරෝධායනයට - ඇමති සිරිපාල විදේශ සේවා කාර්යංශයේ ලියාපදිංචි වී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ශ්‍රමිකයන්ට නොමිලයේ ‘නිරෝධායන’ පහසුකම් ලබාදීමට පියවර ගනිමින් සිටින බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 15 March 2021
‘‘පාස්කු වාර්තාව අසම්පූර්ණය‘‘ පාස්කු ප්‍රහාරය සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කීහ. 15 March 2021
‘‘ලුසීට‘‘ නිදහස ඉල්ලා හිමිවරු පාරට ශ්‍රී ලංකාවෙන් 1977 වසරේ ගෙනගොස් මේ වන විට කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව ජීවත්වන ලුසී නැමති ඇතින්න ස්වභාවික පරිසරයකට නිදහස් කරන්නැයි ඉල්ලා හෙට (16) දැවැන්ත පා ගමනක් පවත්වන බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නා හිමියෝ පැවසූහ. 15 March 2021
නවීන ඡංගම දුරකතනයක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාර භූමියෙන් මතුවෙයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට ලබාදීමට රැුගෙන ආ බවට සැක කෙරෙන නවීන පන්නයේ ජංගම දුරකතනයක් සහ උපාංග කිහිපයක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ බිම වළදමා තිබියදී බන්ධනාගාර බුද්ධි අංශය සොයා ගත් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. 15 March 2021
2025 අපේ රජයක්-සජිත් කියයි සමගි ජන බලවේගයේ ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් 2025 වසර වන විට නියත වශයෙන්ම බිහි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(15) පැවසීය. 15 March 2021
නීතිපති දුන් උපදෙස් තවම ලැබී නෑ : සී.සී.ඩිය අධිකරණයට කියයි නිතී ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට පහරදුන් බව කියන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසට නිතිපතිවරයා ලබාදුන් උපදෙස් තමන්ට මේ වන තෙක් ලැබී නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණීය මහතාට දැනුම් දුන්නේය. 15 March 2021
දාහට එරෙහිව වතු සමාගම් 20 අභියාචනාධිකරණයට තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලශුන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත. 15 March 2021
කළමනාකරණ සේවයේ ඉහළ තනතුරු කප්පාදුවට විරෝධය රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාවට අයත් ඉහළ තනතුරු වෙනත් සේවාවකට ලබාදීමේ යෝජනාවට විරෝධය දැක්වීම සඳහා ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට එම සේවාවේ වෘත්තීය සමිති තීරණය කර තිබේ. 15 March 2021
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් සජබ සංවත්සරය ඇරැඹෙයි සමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍යය නිර්දේශවලට අනුකූලව අභිමානවත් අයුරින් කොළඹ හයිඞ් පිටියේදී අද(15) පස්වරුවේ පැවැත්විණ. 15 March 2021
සිසුන් පැමිණීම සාර්ථකයි පාසල් ආරම්භ කළ අද (15) රට පුරා සිසුන්ගේ පැමිණීම සියයට 73ක්ව පැවැති අතර, ගුරුවරුන්ගේ පැමිණීම සියයට 86ක් ලෙස සටහන්ව තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 15 March 2021
කසල ගොඩේ ගින්න පන්තිකාමර දෙකක් අළු කරයි පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක පිහිටි කසල ගොඩකට දැමූ ගින්නක් පැතිර යාමෙන් කුරුණෑගල ආදර්ශ මහා විද්‍යාලයේ පන්ති කාමර දෙකක් සම්පූර්ණයෙන්ම දැවී ගොස් බරපතළ හානියක් සිදුව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි. 15 March 2021
කළුතර කහඉරමතදී හතරක් බසයක ගැටෙයි කළුතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පදික මාරුව මතින් ගමන් කරමින් සිටි කුඩා දරු දෙදෙනකු ඇතුළු සිව් දෙනෙකු හමුදා සෙබළුන් ප්‍රවාහනය කළ බසයක ගැටී තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව කළුතර දකුණ පොලිසිය කියයි . 15 March 2021
සිල් රෙදි ඇපෑලේ තින්දුව කියවයි 2015 ජනාධිපතිවරණ අවස්ථාවේ මැතිවරණයට බලපෑමක් විය හැකි ආකාරයට එක් මැතිවරණ අපෙක්ෂකයකුට වාසි වන අන්දමින් සිල් රෙදි බෙදා දුන්නෙැයි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුනට මහාධිකරණය නියම කළ දැඩවම් අභියාචනාධිකරණය විසින් ඉවත දමා ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ප්‍රකාශ කළේය. 15 March 2021
ඉඩම් නඩුවෙන් වාස් නිදහස් අන් අයකුට අයත් රුපියල් කෝටි හතක් පමණ වටිනා මහරගම ප්‍රදේශයේ අක්කර එක හමාරක ඉඩකමක් ව්‍යාජ ඔප්පු මගින් අත්පත්කර ගත් බවට චෝදනා ලබා සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන , ඔහුගේ බිරිය ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා යුවළ කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදි. 15 March 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026