ආබාධිත සෙබළකුට පහරදුන් ප්‍රා.මන්ත්‍රී අල්ලයි ආබාධිත රණවිරුවකුට අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. 17 March 2021
කැලණි ගඟ දූෂ්‍ය කිරීමේ සමාජ විරෝධී වැඩ නවත්වනු කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ පාරිසරික වශයෙන් අවදානම් කර්මාන්ත ශාලා 17ක් පවතින බවට කැලණි ගඟේ ජල දූෂණය පිළිබඳ විශේෂ විගණන වාර්තාවෙන් තොරතුරු හෙළිදරව් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියට අනුව කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ ඒ සහ බී කාණ්ඩයට අයත් කර්මාන්ත ශාලා 294ක් තිබේ. 17 March 2021
කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාදයි ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.25ට කොළඹ කොටුව බලා ගමන් අරඹන කාර්යාල දුම්රිය ගනේගොඩ ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අද (17) උදෑසන එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය. 17 March 2021
අසාද් සාලිගේ මෝටර් රථයෙන් ගිනි අවියක්:උණ්ඩ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ උණ්ඩ කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 17 March 2021
කෝටි දෙකක කුඩු රාජගිරියෙන් අල්ලයි රුපියල් කෝටි දෙකකට අධික වටිනා කමින් යුත් හෙරොයින් මත් කුඩු තොගයක් සමඟ සැකකරුවකු රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 17 March 2021
මන්ත්‍රීවරු 200කට කෝවිඩ් - 19 එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 200කට අධික පිරිසක් කෝවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. 17 March 2021
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුම් අමාත්‍යංශයේ ව්‍යාපෘති 22ක් අතරමග විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුම් අමාත්‍යංශය පසුගිය රජය සමයේදී අධික පිරිවැයක් දරමින් ආරම්භ කළ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති 22 අතරමග නවතා දැමීම නිසා රුපියල් කෝටි 200 වැඩි මුදලක් පාඩු වී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. 17 March 2021
ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වැඩි කරන්න සාකච්ඡා එක්සත් අරාබි එමිර් රාජයේ සේවය කරන ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වැඩි කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපතිවරයා හරහා සාකච්ඡා ආරම්භ කරන බව කම්කරු අමාත්‍යංශය පවසයි. 16 March 2021
ජනාධිපති, අගමැති ඡායාරූප එකලස් කොට ව්‍යාජ නිර්මාණයක් කළ ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඡායාරූප සමග පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ බෝම්බකරුවන්ගේ ඡායාරූප සමග එකලස් කොට ව්‍යාජ නිර්මාණයක් කර අන්තර්ජාලයට මුදා හැර ජාතීන් අතර වෛරී හැඟීම් ඇවිස්සූවැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මාතලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කර ඇත. 16 March 2021
‘‘ලුසී‘‘ නිදහස් කර ගන්න පා ගමනක් ශ්‍රී ලංකාවෙන් 1977 වසරේ ගෙනගොස් මේ වන විට කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව ජීවත්වන ලුසී නැමති ඇතින්න ස්වභාවික පරිසරයකට නිදහස් කරන්නැයි ඉල්ලා සංවිධානය කළ පා ගමනක් කොළඹ දී අද (16) පැවැත්විණි. 16 March 2021
පාස්කු ප්‍රහාරයට අසාද් සාලි අත්අඩංගුවට ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොල්ලූපිටියේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. 16 March 2021
අසාද්ගේ ප්‍රකාශයට රාමඤ්ඤ නිකායේ විරෝධය රටෙි පොදු නීතිය පිළිගන්නේ නැතැයි ද මුස්ලිම් ජනතාව යටත් වන්නේ ශරියා නීතියට යැයිද කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය අද(16) යෝජනාවක් සම්මත කර ගත්තේය. 16 March 2021
පාසල් සිසුන්ට නීතිය උගන්වන්න යයි ‘නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා ප්‍රකාශ කළේය. 16 March 2021
රජරට සිසුහු පාරට බසිති කොරෝනා වසංගතය නිසා වසා දැමුණු රජරට විශ්ව විද්‍යාලය ඇතුළු දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වහා විවෘත කරන්නැයි ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණයක් අද ( 16) පස්වරුවේ මිහින්තලේ රජරට විශ්ව විද්‍යාල පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්විණි. 16 March 2021
වරායෙන් සුවඳවිලවුන් පන්නන්න බැරිවෙයි කඩදාසි ගෙන්වන මුවාවෙන්,චීනයේ සිට නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා සුවඳ විලවුන් තොගයක් රැගෙන ආ බහාලුමක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුවේ කර්මාන්ත සහ සේවා අංශය කියයි. 16 March 2021
පුහුණුවකට බදුල්ලට ආ පොලිසියේ හතකට කොරෝනා බදුල්ල දිස්ත්‍රික් පොලිස් සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවකට සහබාගි වී සිටි පොලිසියේ හත් දෙනකුට කොවිඩ් - 19 ආසාධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 16 March 2021
‘‘බුර්කාව තහනම් කරන්න තවම තීරණයක් නෑ‘‘ බුර්කාව සහ නිකාබය තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි විදෙශ කටයුතු අමාතයංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 16 March 2021
ස්වර්ණමහල් අධ්යක්ෂ සිවු දෙනා අත්අඩංගුවට මුදල් විශුද්ධි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්වර්ණමහල් ජුවලස් ආයතයේ හිටපු අධ්යක්ෂවරුන් සිවු දෙනා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. 16 March 2021
‘‘රන්ජන්ගේ මන්ත්‍රීධූරය ගැන 18 තෙක් තීරණයක් ගන්න එපා‘‘ රන්ජන් රාමනායක මහතා ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නැයි පාර්ලිමේන්තු මහලේකම්ට කළ නියෝග (18) දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (16) තීන්දු කළේය. 16 March 2021
උසස් පෙළ සිසුවා කොරෝනාවට බිලි මැණික්හින්න ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරණ සිසුවකු කොවිඩ් - 19 තත්ත්වයෙන් මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 16 March 2021
තලේමන්නාරම දුම්රිය අනතුරින් සිසුවෙක් මරුට:20කට තුවාල තලේමන්නාරම දුම්රිය ස්ථානය අසල දුම්රිය රහස් මාර්ගයේ දී අ මගී ප්‍රවාහන බස් රථයක් දුම්රියේ ගැටීමේ සිදු වු අනතුරින් 9 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් තවත් 20 ක් තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 16 March 2021
හිටපු අගවිනිසුරුට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගන්නවා - අල්ලස් කොමිසම හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුව ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට දැනුම් දුන්නේය. 16 March 2021
හිරේ ඉන්න රන්ජන්ට ඊෂි කෑස් ක්‍රමයට දුරකතනයක්:පරීක්ෂණ සීඅයිඩීයට අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ බිම වළ දමා තිබියදී සොයාගනු ලැබූ නවීන පන්නයේ ජංගම දුරකතනය හා එහි උපාංග එම බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා කිසියම් පුද්ගලයකුට ‘‘ඊෂි කෑෂ් මාර්ගයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවා ගෙන්වා ගත් එකක් බවට තොරතුරු ලැබී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. 16 March 2021
ඩොලරය ඉහළට:රුපියල පහළට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නැවත වරක් අද (16) 200 සීමාව ඉක්මවා පහළ ගියේය. 16 March 2021
භාණ්ඩ ප්‍රවාහනයට ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් සමාගමට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කල් බදු පදනම මත ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 16 March 2021
ඇඟළුම් නංවන්න රජයේ අනුග්‍රහය-ජනාධිපති ඇඟළුම් ක්ෂේත්රය ඉහළ නංවීම සඳහා පූර්ණ අනුග්‍රහය දීමට රජය සූදානම් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. 16 March 2021
අපේ එන්නත ගැන බිය වියයුතු නැහැ-ඇමැති රමේෂ් මෙරට ජනතාවට ලබාදෙන්නේ යුරෝපයේ තහනම් කර ඇති ඇස්ට්‍රා සෙනෙකා එන්නත් කාණ්ඩය නොවන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. 16 March 2021
අත්තනගල්ල අධිකරණය නිලධාරිනියකට කොරෝනා අත්තනගල්ල අධිකරණ සංකීර්ණයේ නිළධාරිණියකටද කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි නිට්ටඹුව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මනිල් සෝමතිලක මහතා පවසයි. 16 March 2021
එකතැන පල්වෙන කැබිනට් පත්‍රිකා අමාත්‍යවරයකුට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යාංශ ලේකම්වරයා ලවා සකස් කරවා ගැනීමට ගතවන කාලය කොපමණදැයි නිශ්චිත නැත. එහෙත් එම කාලය මාස ගණනාවක් නම් විය නොහැක. කැබිනට් පත්‍රිකාවක් සැකසීමට මාස ගණනාවක් ගතවන්නේ නම් එය අමාත්‍යාංශයේ කාර්යක්ෂම බව පිළිබඳ ප්රශ්නයකි. මෙවැනි ප්‍රශ්න මතුවූ විට එයින් බැටකන්නේ අමාත්‍යවරයා නොව මහජනතාවයි. 16 March 2021
ජංගම පුස්තකාලයක් වූ නිල රථය සිය රාජකාරි කටයුතු සදහා රජය විසින් ලබා දී ඇති නිල රථය අද(16) සිට ජංගම පුස්තකාලයක් බවට පත්කරන බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි. 16 March 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026