අලියා බේරන්න ගිය බසය පාරෙන් පිට පනී කොළඹ සිට දෙහිඅත්තකණ්ඩිය බලා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක් ඊයේ 14 වෙනිදා රාත්‍රි 11.30 ට පමණ දිඹුලාගල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරෙන් රියැදුරු සුළු තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි. 15 January 2026
ජුලී- හරිනි හමු වෙයි ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති Julie Jiyoon Chung මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අරලියගහ මන්දිරයේදී හමුවිය. 15 January 2026
සහ කම්පනය ඇති සමාජයක් හදමු එකිනෙකට ගරු කරන සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනගමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තෛපොංගල් දින පණිවිඩයෙන් පවසයි. 15 January 2026
අභියෝග මැද ගමන යනවා අභියෝග මධ්‍යයේ වුවද රජයක් ලෙස වගකීම් බාරගෙන දේශයේ අභිවෘද්ධිය උදෙසා අධිෂ්ඨානයෙන් යුතුව ගමනට මුලපුරා තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය තෛපොංගල් දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. 15 January 2026
අන්ධකාරයෙන් පසු ආලෝකය එනවාමයි ඕනෑම අන්ධකාරයකට පසුව ආලෝකයක් ඇති බව දැඩිව විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. 15 January 2026
අවතැන් වූවන්ට යළි නැගිටීමට නිලධාරීන්ගේ අතහිත ප්‍රමාදලු දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානියෙන් යළි නැගිටීම සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාදීම ප්‍රමාද වීම සහ රජයේ ආයතන අතර දුර්වල සම්බන්ධීකරණය එලෙස යළි නැගිටීම සඳහා ගන්නා උත්සාහයන් ප්‍රමාද කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ ඇස්තමේන්තු වාර්තාවේ දැක්වේ. 14 January 2026
ට්‍රම්ප්ගෙන් ඉරාන විරෝධතාකරුවන්ට තල්ලුවක් ඉරානයේ රාජ්‍ය ආයතන යටත් කර ගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන විරෝධතාකරුවන්ට පෙරේදා(13) දැනුම් දුන්නේය. 14 January 2026
ත්‍රිකුණාමලේ බුදු පිළිම සිද්ධියට හිමිවරු සිවු නමක් රිමාන්ඩ් වලංගු බලපත්‍රයක් නොමැතිව ත්‍රිකුණාමලය කොටුව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් අද (14) පැවති නඩු විභාගයේදී භික්ෂූන් වහන්සේලා සිව් නමක් ඇතුළු 09 දෙනකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්.සම්සුදීන් මහතා ත්‍රිකුණාමල වරාය පොලිසියට නියම කළේය . 14 January 2026
රට නගන හැටි දැන ගන්න අන්තර්ජාල දොරක් රීබිල්ඩින් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙළ පිළිබඳ දැන ගැනීමට අන්තර්ජාල ද්වාරයක් හඳුන්වා දී තිබේ. 14 January 2026
පළමු කාර්තුවේ විදුලි බිල සංශෝධනයක් නෑ 2026 පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. 14 January 2026
‘එක්ස්ප්‍රස් පර්ල්‘ දේශිය සමාගමේ 7කට රටින් පිටවීම තහනම් කරයි මෙරට මුහුදු තීරයේදී ගින ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නැව් සමාගමේ නියෝජිතයින් හත් දෙනකුට රටින් පිටවීම තහනම් කරමින් විදෙස් ගමන් තහනම් නියෝගයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා අද නිකුත් කළේය. 14 January 2026
කිරිපිටි මිල අඩු කරයි ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟතාව පළ කර තිබේ. 14 January 2026
දිට්වා” සුළි කුණාටුව විවාදය 21 ‘දිට්වා” සුළි කුනාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් කර වාර්තා කිරීමටත් ඒ සඳහා සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන විශේෂ කාරක සභාව පත්කිරීමේ යෝජනා සම්මතය ලබන 21 වැනිදා පාර්ලිමේන්තුවට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 14 January 2026
මේ අවුරුද්දෙ අධ්‍යාපන වැඩ කෙරෙන විදිය ගැන නිවේදනයක් මේ වසරේ පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යා යුතු ආකාරය ගැන අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. 14 January 2026
ඉන්දීය පාර්ලිමේන්තුවෙන් ලංකා පාර්ලිමේන්තුවට ආරාධනයක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් ඉන්දීය පාර්ලිමේන්තුව විසින් කරන ලද ආරාධනයකට අනුව ඉන්දියාවේ නවදිල්ලියේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මුලසුන හොබවන නිලධාරීන්ගේ 28 වන සමුළුවට (CSPOC) සහභාගී වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව ගියහ. 14 January 2026
බීමත් රියදුරෝ 7000ක් අත්අඩංගුවට ගතවූ දින 13ක ඇතුළත කාලය තුළ බීමත් රියදුරන් 7000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධිර මහතා පවසයි. 14 January 2026
තවත් ලොක්කන් පහකට මැති සබයේ අනුමැතිය උසස් නිලතල පිළිබඳ කාරක සභාව නව තානාපතිවරුන් තිදෙනෙකුගේ සහ නව මහ කොමසාරිස්වරයෙකුගේ නාමයෝජනා අනුමත කර ඇත 14 January 2026
මුහුදු සීමා කඩන ධීවරයින්ට දැඩි දඬුවමක් විදෙස් මුහුදු සීමා නීතිවිරෝධී ලෙස උල්ලංඝනය කරන හෝ යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය (VMS) හිතාමතා ක්‍රියා විරහිත කරන බවට වරදකරු වන ඕනෑම යාත්‍රාවක නියමුවාට සහ සමස්ත කාර්ය මණ්ඩලයට පවතින නීති රෙගුලාසි යටතේ මාස හයක ධීවර තහනමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවැසීය. 14 January 2026
සජබෙන් විරෝධයක් නිදහස් අධ්‍යාපනය රැකගන්නා ලෙසට බල කරමින් සහ වැඩි කිරිමට යන විදුලි බිල විරෝධය පාමින් නාවලපිටිය නගරයේ දී අද දින සජබ ආධාරකරුවෝ පිරිසක් උද්ගෝෂණයක නිරත වූහ. 14 January 2026
වැටුප් - විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව පිහිටුවීම කඩිනම් කරයි මෙවර අයවැය මගින් යෝජිත වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව පිහිටුවීමේ කටයුතු කඩිනම් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය. 14 January 2026
අධිවේගයේ ඉදිකිරීම් කළ දොඹකරය දුම්රිය මැදිරියකට වැටේ තායිලන්ත අගනුවර සිට උබොන් රට්චතානි පළාත දක්වා ගමන් කරමින් තිබු දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 28කු මියගොස් තවත් 64 දෙනකු තුවාල ලබා ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තුවාල කරුවන් හත් දෙනකුගේ තත්වය බරපතල බවද සඳහන් වේ. 14 January 2026
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොකිරීම නිසා එසේ සිරවී ඇති බවත් ආනයනකරුවෝ පවසති. 14 January 2026
කොවිඩ් සහ පාස්කුවෙන් වැටුණු ව්‍යවසායකයන් රැසක් කබලෙන් ලිපට පාස්කු ප්‍රහාරයෙන් හා කොවිඩ් වසංගතය හේතුවෙන් කඩා වැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නැංවීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය ලබාදී ඇති නිර්දේශ වානිජ බැංකු ප්‍රතික්ෂේප කිරීම නිසා රට පුරා ව්‍යවසායකයන් රැසක් කබලෙන් ලිපට වැටී ඇතැයි දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසායක සංවිධානය සඳහන් කරයි. 14 January 2026
සමෘද්ධියේ පඩි ගැන මුදල් කමිටුවෙන් විමර්ශනයක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සිදුකරන සියලුම සුබ සාධන සහ සවිබලගැන්වීමේ වැඩසටහන් ඇතුළුව සියලු සුබ සාධන ව්‍යාපෘති පිළිබඳව ස්වාධීන ඇගයීමක් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි නිලධාරීන්ට නිර්දේශ කළේය. 14 January 2026
කලාඔයේ ගසාන ගිය බසයේ රියැදුරා යළි රිමාන්ඩ් කලාඔය පිටාර ගලද්දී මගීන් 68 දෙනකුගේ ජීවිත අවධානමකට දමා කලාඔය පාලමින් බස් රථය ධාවනය කළ බව කියන එම බස් රථයේ රියැදුරා යළි මෙම මස 21 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නොච්චියාගම මහේස්ත්‍රාත් පී ආර් අයි ජමීල් මහතා නියෝග කළේය. 14 January 2026
නාමල් - ලිමිනි බුද්ධගයාවේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ බුද්ධගයා සංචාරයක නිරත විය. 14 January 2026
කුණුවලට මුවාවී වරායේ කෝටි ගණනක වැලිවලට විදලා කොළඹ වරායේ අදානි පර්යන්තයේ අබිලි ද්‍රව්‍ය ඉවත්කරන්නේ යැයි හඟවමින් එම පර්යන්ථයේ ගොඩගසා ඇති රජයට අයත් මුහුදු වැලි බලපත්‍ර නොමැතිව වංචනික ලෙස විකිණිමේ ජාවාරමක් හෙළිවී ඇති බවත් එම ජාවාරම්කරුවන් මාස අටකට අධික කාලයක් රුපියල් කෝටි 100 කට අධික වටිනාකමින් යුත් වැලි බාහිර පාර්ශවලට අළෙවි කරන්නට ඇතැයි අනුමාන කළ හැකි බවත් වරාය සේවකයෝ පවසති. 14 January 2026
මත් කිලෝ 11ක් සමග දෙකක් මාට්ටු මත්ද්‍රව්‍ය කිලෝ 11ක් සමග දෙදෙනකු මාතර ගොඩගම පාලටුව අධිවේගී අන්තර් හුවමාරුවේදී අද දහවල් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 14 January 2026
කොළඹ නගර සභාවේ මුදල් කමිටුවේ බලය විපක්ෂයට කොළඹ මහ නගර සභාවේ ප්‍රධානම කමිටුව වන මුදල් කාරක සභාවේ බලය පිහිටුවීමට සමඟි ජනබලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය අද (14) සමත් විය. 14 January 2026
මන්ත්‍රී ’’පැන්ෂන්’’ කපන කෙටුම්පත මැතිසබේ න්‍යාය පුස්තකයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. 14 January 2026
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025