හොරණ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක් හොරණ, වවුලගල, ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක අද(29) උදෑසන ඇතිවූ ගින්නකින් එම කර්මාන්තශාලාව ගිනිගෙන දැවෙමින් පවතින බව හොරණ පොලිසිය කියයි. 4 days ago
ප්‍රදේශ කීපයකට තරමක තද වැසි ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව,මාතලේ,නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 4 days ago
සෙලෙන්ස්කී ජනපති ට්‍රම්ප් හමුවෙයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ ට්‍රම්ප්ට අයත් මාර් අ ලාගෝ මන්දිරයේ දී පැවැත්විණි. ඒ රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්ය. 4 days ago
ලොව වේගවත්ම දුම්රිය චීනය නිපදවයි තත්පර දෙකක් තුළ පැයට කිලෝ මීටර් 700 ක වේගයක් ලබා ගනිමින් චීන දුම්රියක් නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. 4 days ago
රටේ ණය කන්ද කෝටි විසිනව ලක්ෂයත් පනී මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට මෙරට රජය ගෙවීමට ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 2,967,500 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ. 4 days ago
කොළඹ කොටුව - හලාවත අතර හෙට සිට දුම්රිය ධාවනයට දිට්වා සුළි කුණාටුවෙන් හලාවත දුම්රිය මාර්ගයට සිදු වූ හානිය යළි යථා තත්වයට පත් කිරීමෙන් අනතුරුව හලාවත දක්වා හෙට සිට දුම්රිය ධාවනය සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 4 days ago
හිටපු අමාත්‍ය ඩග්ලස් රිමාන්ඩ් රජය නීත්‍යානුකූලව ලබා දුන් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් පාතාල කල්ලි සාමාජිකයකු අතට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වූ ඩග්ලස් දේවානන්දා ජනවාරි 9 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ගම්පහ වැඩබලන මහේත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය අද නියම කළාය. 4 days ago
මියන්මාර මැතිවරණය සංදර්ශණයක් 2021 වසරේදී නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සුකීගේ ප්රජාතන්ත්රවාදී රජය හමුදා කුමන්ත්රණයකින් පෙරළා දැමීමෙන් පසු මියන්මාරයේ පැවැත්වෙන පළමු මහ මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම මේවනවිට අවසන් වී තිබේ. 4 days ago
ෆූජි ගිනි කන්දට ඉහළින් අහසේ එළියක් ජපානයේ ෆූජි කන්දට (Mount Fuji) ඉහළින් අහස දීප්තිමත් වන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධය ඔස්සේ සංසරණය වෙමින් පවතී. 4 days ago
කටුනායක යානයකත් බෝම්බ බියක් දෝහා කටාර් සිට පැමිණෙන ගුවන් යානයක ගුවන් මගි වෙස් ගත් පුද්ගලයන් සිව් දෙනකු බෝම්බ පුපුරවාගෙන සිය දිවි හානි කර ගැනිමේ සූදානමක් පවතින බවට ලද ඊ මේල් පණිවිඩයක් අනුව සිදු කළ පරික්ෂාවේදී එවැනි සැක සහිත කිසිවක් හමු නොවු බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසිය. 4 days ago
මියන්මාර මැතිවරණය ආරම්භ වේ 2021 වසරේ කුමන්ත්රණයකින් මියන්මාර හමුදාව විසින් නොබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජය පෙරළා දැමීමෙන් පසු මියන්මාරයේ පැවැත්වෙන පළමු මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (28) දින ආරම්භ කර තිබේ. 4 days ago
31 සිට මහනුවර පදික වෙළඳාම තහනම් මහනුවර මහ නගර සීමාව තුළ සිටින සියලුම අනවසර පදික වෙළදුන් දෙසැම්බර් මස 31 වැනි දිනයෙන් පසු ඉවත් කිරීමට පියවර ගන්නා බව නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා කියයි. 4 days ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago