කෝටි දෙකකට විශ්වාසය කඩ කළ කෑගල්ල පුංචි මන්ත්‍රී රිමාන්ඩ්
සංචාරක ව්‍යාපාරයක් සඳහා කබානා ඉදිකර දෙන බව පවසා මුදල් ලබාගෙන ,එයින් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් පිළිබඳව විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශණ කොට්ඨාසය අඩංගුවට ගෙන,මහනුවර අධිකරණයට ඉදිරිපත් කරන ලද කෑගල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයා ලබන 09 වන දින තෙක් ,රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහනුවර මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා අද නියෝග කළේය,