ඉන්දීය ආරක්ෂක ඇමැති ගංගාරාමයට තෙතින නිල සංචාරයක් සඳහා දිවයින්ට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජා නාද්සිං මහතා අද පස්වරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් වල නිරත විය. 09 September 2026
තලවතුගොඩ රැකියා නියෝජිත ආයතනයේ කොල්ලයේ මහ මොලකරු මාට්ටු තලවතුගොඩ සංචාරක රැකියා නියෝජිත ආයතනයක සේවකයන් දණගස්වා රුපියල් කෝටි 08 කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කෑ කණ්ඩායමේ මහා මොලකරු කොල්ල කෑ මුදල්වලින් කොටසක් ද සමග මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 09 September 2026
බගවන්තලාවේ තේ වත්තේ තඩි කොටියෙක් බගවන්තලාව තෙරේසියා වත්තේ සිංගාර කොටසේ තේ වත්තේ සැරසරණ කදුකර කොටියා බෝපත්තලාව රක්ෂිතයට පළවා හැරීමට කටයුතු කරන්නැයි වතු කම්කරුවෝ පොලිසියෙන් ඉල්ලා සිටිති. 09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පුටුව අහෝසියි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන රහිතව සම්මත විය. 09 September 2026
රුසියන් ජනපති ඉන්දියාවට බ්‍රික්ස් සමුළුවට සහභාගි වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉදිරි දිනවලදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බවත් මෙම සංචාරයේදී ජනපති පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බවත් ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පසුගියදා ප්‍රකාශ කළේය. 09 September 2026
පාන් පස්සේ පාරිභෝගික අධිකාරිය යයි පාන් නියමිත බරින් යුක්තව තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් දිවයින පුරා විශේෂ වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සදහන් කරයි. 09 September 2026
කපිලගේ දුරකථන දත්ත ඉල්ලා ඇපල් සමාගමට ලිපියක් සැකකටයුතු ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ ‘ඇපල්’ වර්ගයේ ජංගම දුරකථනයේ අන්තර්ගත දත්ත ලබා දීමට නියම කරමින් නිකුත් කළ අධිකරණ නියෝගය ඊමේල් මගින් ඇපල් සමාගමට දැනුම් දුන් බව කොළඹ අපරාධ කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට අද (09) දැනුම් දුන්නේය. 09 September 2026
මළ ගෙදර ගිය මවයි පුතායි ලොරි අනතුරින් මරුට අනුරාධපුර, මරදන්කඩවල පොලිස් බලප්‍රදේශයට අයත් මරදන්කඩවල නගරයේදී අද උදෑසන 10.35 ට පමණ සිදු වූ දරුණු රිය අනතුරකින් මව සහ පුතු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මරදන්කඩවල පොලිසිය පවසයි. 09 September 2026
අලුත් චීන තානාපති මහින්ද බලන්න යයි ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹදී අද (09) පැවැත්විණි. 09 September 2026
කෝටි 500ක කුඩු ගැන ඔත්තුකරු ඝාතනය තැතට යොදා ගත් ජීප් රිය අල්ලයි රුපියල් කෝටි 500 අධික වටිනා අයිස් මත්ද්‍රවය තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබා දුන් ඔත්තුකරු ඝාතනය කිරීම සඳහා සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යොදාගෙන තිබූ පොලිස් ජීප් රථයට සමාන ජීප් රථය මාස 09 කට පමණ පසු පොලිස් භාරයට ගත් බව පානදුර වළාන මධ්‍යම දූෂණ මර්ධණ ප්‍රහාරක ඒකකය කියයි. 09 September 2026
වතු ප්‍රජාවට ඉඩමක් සමඟ නිවසක් දෙනවා වතු ආශ්රිත ප්‍රජාව සඳහා පර්චස් දහයක ඉඩම් කැබැල්ලක් සමඟ නිවසක් ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 09 September 2026
කෝටි 5 ’’කුෂ්’’ සමඟ කතුන් දෙකක් කටුනායකදී මාට්ටු රුපියල් පන් කෝටි තිස් හත් ලක්ෂ විසි දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (09) උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ. 09 September 2026
කතකට අතවර කළැයි අධිවේගයේ රියැදුරා-කොන්දොස්තර මාසයකට වැඩ නෑ අධිවේගී මාර්ගයේ ධාවනය වන කඩවත නාවින්න සුඛෝපභෝගී බස් රථයක ගමන් ගත් තරුණියකට අතවර කළැයි කියන එහි රියදුරුගේ හා කොන්දොස්තරවරයාගේ සේවය මාසයකට තහනම් කළ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය බස් රථයේ ගමන්වාර දින තුනකට අත්හිටුවීමට පියවර ගත්තේය. 09 September 2026
අයිස් ඇල්ලූ පොලිසියේ අය ගැන පරීක්ෂණ කිරීම ලැජ්ජ නැති වැඩක් කොළඹ වරායේදී අයිස් කිලෝ 472ක් සමග අත්අඩංගුවට ගත් අය ගැන පරීක්ෂණ පවත්වනවා වෙනුවට එම වැටලීම කළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීම ලැජ්ජ නැති වැඩක් බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය. 09 September 2026
යතුරු පැදි දෙකක් ගැටේ,එක් යතුරු පැදි කරුවෙක් බසයකට යට වී මරු දකියි මාතර ගොඩගම ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා හැපීමෙන් පසු එක් යතුරු පැදි කරුවකු බසයක රෝදයකට ද යට වී එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව අනෙක් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 09 September 2026
විෂ මත මඩින්න ජනපති ඉන්දියාවෙන් සහය ඉල්ලයි ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා හමුවේ පැවසීය 09 September 2026
ඉෂාරා ඉන්දියාවට යැවූ බෝට්ටුකරු රිමාන්ඩ් ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි හට යාපනයේ අලෙයියාලෙයි සිට ඉන්දියාවට පලා යෑම සඳහා ආධාර අනුබල දුන් බෝට්ටු රියදුරා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය. 09 September 2026
ආණ්ඩුවේ උදවියගේ කතා වලින් රටට අගතියක් වෙනවා පොදුරාජ්‍ය මණ්ඩල නීතිඥ සංවිධානයට අපහාස වන ලෙස ආණ්ඩුවේ උදවිය කතා කිරීමෙන් රටට අගතියක් සිදුවන බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 09 September 2026
වාහන අංක තහඩු ලක්ෂ 3ක් තව දුරටත් ගොඩගැසිලා වාහන අංක තහඩු තුන්ලක්ෂදසදහසක පමණ ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට ඇති බවත් ගොඩගැසී ඇති අංක තහඩු මුද්‍රණයට නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා අද (9) පැවසීය. 09 September 2026
තම අයිතිවාසිකම් කඩවුණැයි මලල ක්‍රීඩක ජූලියන් ශ්‍රේෂ්ඨාධිකරණයට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට තෝරාගෙන තිබියදී එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමෙන් තම මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඉදිරියේදී එවැනි ක්‍රියා වැළැක්වීම සඳහා සුදුසු ජාතික මාර්ග උපදේශන වැඩපිළිවෙළක් සකස් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාත්‍යන්තර මල්ල ක්‍රීඩකයෙකු වන ජුලියන් විජේසිංහ මහතා විසින් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් 11 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. 09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට මිලියන 8777ක වැය බරක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා රුපියල් මිලියන 8777ක වැය බරක් දරා තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා:-(ජා.ජ.බ) මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 September 2026
කොණ්ඩ රංජි රැගෙන එයි සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවකු වූ දිසානායක මුදියන්සේලාගේ රංජිත් කුමාර නොහොත් ’’ කොණ්ඩ රංජි ’’ නැමැත්තා ඩුබායි හි රැදී සිටියදී අත් අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කර අද අලුයම දිවයිනට රැගෙන ආවේ. 09 September 2026
චමින්ද විජේසිරි හිරගේ ඇතුලේ මහ බැංකු හොරා හොයලා තමා වැලිකඩ හිර ගෙදර සති දෙකක් සිටියත් මහ බැංකු බැඳුම්කර වංචාවේ හොරා ඒ හිර ගෙදර ඇතුලේ හිටියේ නැතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:-(ස.ජ.බ)පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 09 September 2026
වාහනයක් අයිතිකරුම ධාවනය කළයුතුයැයි නීතියක් නෑ යතුරුපැදි ඇතුළු මෝටර් වාහනවල අදාල වාහනයේ ලියාපදිංචි අයිතිකරුම පැදවිය යුතු යැයි නීතියක් පනවා නොමැති බවත් වාහනයක් වෙනත් ආයතනයකට කිසියම් කටයුත්තක් සඳහා පැවරුවේ නම් පමණක් ඒ අවස්ථාවේදී ‘පැවරීමේ රක්ෂණයක්’ තිබිය යුතු යැයි නීතියක් ක්‍රියාත්මක වන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා පැවසීය. 09 September 2026
හිටපු ඇමැති සරණට සරණක් වෙන්න ගිය ආරච්චිට වැඩ වරදී වසර 16 ක සිර දඬුවම් නියම වූ හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට එරෙහිව පවතින තවත් අල්ලස් නඩුවකට අත්හිටවූ සිර දඬුවමක් ලබාදීමට කටයුතු සම්පාදනය කිරීමට රුපියල් හත්ලක්ෂ පනස් දහසක මුදලක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ මහාධීකරණ ආරච්චිවරයා ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය. 09 September 2026
රට පුරා වෙඩි තැබීම්: පාලනයට ආණ්ඩුවට හැකියාවක් නෑ රට පුරා දිනපතා සිදුවන වෙඩි තැබීම් පාලනයට රජයට හැකියාවක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද චෝදනා කළේය. 09 September 2026
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලංකාවට ලොකු ඇගයීමක් ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍ය ක්ෂේත්රයේ අත්කර ගෙන ඇති සුවිශේෂී සහ ඓතිහාසික ජයග්‍රහණ දෙකක් අගයමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක් පිරිනමා තිබේ. 09 September 2026
අතුරුදන් පලස්තීන ජාතික තරුණයා හමුවේ බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙනන සිටියදී හිටි හැටියේ අතුරුදහන් වූ 22 හැවිරිදි පලස්තීන ජාතික තරුණයා පැය 12 කට පමණ පසු සොයා ගත් බව බම්බලපිටිය පොලිසිය සඳහන් කරයි. 09 September 2026
දුම්රිය වෘත්තිය සමිති 24 ක් 17 - 18 වැඩ වර්ජනයක දුම්රිය දෙපාර්තමේන්තු පරිපාලනය වෘත්තීය සමිති නිලධාරීන් මර්ධනය කිරීමට එරෙහිව දුම්රිය දෙපාර්තමේන්තුවේ එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මෙම මස 17 සහ 18 දෙදින පැය 48 ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සන්ධානය පැවසීය. 08 September 2026
හබරකඩ වෙඩි තැබීමක් අතුරුගිරිය පරණ හන්දිය, ප්‍රදේශයේ හෝටලයක සේවකයකුට අද රාත්‍රී වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී එෆ් යු වුට්ලර් මහතා පැවසීය. 08 September 2026
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026