දයා සමූහ ව්‍යාපාරයේ දොපොළ මහජන බැංකුවට සින්න වේ මහජන බැංකුවට උකස් කරන ලද සිය දේපළ වෙන්දේසි කිරීමට ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් දයා සමූහ ව්‍යාපාරය සහ දයා ඇපරල් අපනයන (පුද්ගලික) සමාගම ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 21 June 2026
‘‘ඩෙංගු මර්දන අමතර නිලධාරීන් ඉල්ලුවත් දීලා නෑ‘‘ පොසොන් උත්සවය නිමිත්තෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා මදුරු ගහනය පාලනය කිරීම සඳහා අනුරාධපුරය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුමා ඩෙංගු මර්දන ප්‍රධාන කාර්යාලයෙන් අතිරේක කාර්ය මණ්ඩලය එවන්න කියලා ලිඛිතව ඉල්ලීම් කර ඇතත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් ඒ සඳහා අනුමැතිය ලබාදී නැතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පැවසීය. 21 June 2026
ස්විට්සර්ලන්තයේ දී ඇමෙරිකා - ඉරාන සාකච්ඡා ආරම්භ වේ යුද්ධය නිමා කිරීම වෙනුවෙන් එක්සත් ජනපදය සහ ඉරානය අතර ස්විට්සර්ලන්තයේ දී පැවැත්වෙන පළමුවටයේ සාකච්ඡා ආරම් කර ඇතැයි කටාර් විදේශ අමාත්‍යංශය නිවේදනය කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. 21 June 2026
වියානා ඇළට ට්‍රැක්ටරයක් පෙරළේ මහියංගන වියානා ඇළට අද (21) පස්වරුවේ ට්‍රැක්ටරයක් පෙරලීයාමෙන් එහි රියැදුරු දියේ ගිලි අතුරුදන්වී ඇතයි මහියංගන පොලිසිය පවසයි . 21 June 2026
ඩෙංගු රෝගීන් හතළිස් හය දහස පනී ජනවාරි මාසයේ සිට අද දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 46,037 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසයි. 21 June 2026
QR දිගටම ඉන්ධන නිකුත් කිරීමේදී භාවිත කරන QR ක්‍රමවේදය ඉවත් නොකරන බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 21 June 2026
ටිල්වින් - චීන තානාපති හමුවක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්වරුන් අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. 21 June 2026
ඇමෙරිකා ඉරාන සාකච්ඡා අද මැදපෙරදිග කලාපයේ යුද වාතාවරණය නිමා කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් එකඟතාව ක්‍රියාත්මක කිරීමේ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා අද (21) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වෙයි. 21 June 2026
කටාරයෙන් තෑගි ලැබුණු යානය ට්‍රම්පේ පරිහරණයට කටාර් රජය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තෑගි දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා බෝයිං 747-8 වර්ගයේ ගුවන් යානය ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය වන ’’එයාර් ෆෝස් වන්’’ බවට පරිවර්තනය කරමින් පසුගියදා එළි දැක්වූවේය. 21 June 2026
සොහොන් කොතේ බලි තොවිල් කළ කන්තාවෝ දෙකක් මාට්ටු පොලොන්නරුව බකමූණ යාය 25 ගම්මානයේ සුසාන භූමියට වැනි දා දහවල් 12 ට කාන්තවන් දෙදෙනෙකු ඇතුල් වී සොහොන් කොත්මත බලි පූජා කරමින් සිටියදී කාන්තාවන් දෙදෙනකු අත්තඩංගුවට ගත් බව බකමූණ පොලීසිය පවසයි. 21 June 2026
සාම සාකච්ඡාවලට දෙපිරිසම ස්විට්සර්ලන්තයට සෑම පාර්ශ්වයක්ම ඇමෙරිකාව සහ ඉරානය අත්සන් තැබූ මූලික අවබෝධතා ගිවිසුමේ කොන්දේසි පිළිපදින බව සහතික කර ගැනීමට බලාපොරොත්තු වන බව ස්විට්සර්ලන්ත සාම සාකච්ඡාවලට සහභාගී වන ඉරාන දූත පිරිස අද ප්‍රකාශ කළේය. 21 June 2026
දුම්රියේ හැපුණු පිය පුතු මරුට කදාන ප්‍රදේශයේ සිට රාගම දක්වා යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි පිය පුතු දෙදෙනකු ගමන් ගත් යතුරු පැදියක් කදාන පේරලන්ද දුම්රිය හරස් මාර්ගයෙදී දුම්රිය ගැටීමෙන් පිය පුතු දෙදෙනා මිය ගිය බව පොලිසිය කියයි. 21 June 2026
තරුණ කතක් අභිරහස් ලෙස මිය ගිහින් බලගොල්ල කුණ්ඩසාලේ වරාපිටිය පෙදෙසේ නිවසක තරුණ විවාහක කාන්තාවක අභිරහස් ලෙස මරණයට පත්ව සිටියදී සොයාගත් බව පල්ලේකැලේ පොලිසිය කියයි. 21 June 2026
සජිත් පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය කියයි පළාත් සභා මැතිවරණය තිබ්බොත් සමගි ජන බලවේගය අනිවාර්යෙන් දිනන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවරදී පැවැසීය. පළාත් සභා මැතිවරණය ලබා ගැනීම සඳහා සියලුම ප්රජාතන්ත්රවාදී ක්‍රියාදාමයන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් සිදු කරන බව විපක්ෂ නායකවරයා කීය. 21 June 2026
සාපෙළ හොඳම ප්‍රතිඵල දකුණු පළාතෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ (2025) ප්‍රථිපලවලට අනුව මෙවරද දකුණු පළාත සියයට 75.57ක ප්‍රතිශතයක් ලබාගෙන අනිකුත් සියලු පළාත් අභිබවා පළමු ස්ථානයට පත්ව ඇතැයි බැ විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති වාර්තාව මගින් අනාවරණය වි ඇත. 21 June 2026
බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වේ? බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් තිබෙන බවත් ඔහු හෙට ඒ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් එරට ඔබ්සර්වර් පුවත්පත වාර්තා කළේය. 21 June 2026
උසස් පෙළ කල් දාන්නේ නෑ අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 21 June 2026
‘‘ලෝකෙම තෙල් මිල අඩු වන විට අපේ ආණ්ඩුව වැඩි කරනවා‘‘ ලෝකයේ හැම රටකම ලෝක තෙල් මිලට සාපේක්ෂව තෙල් මිල අඩු කරන විට ලංකා ආණ්ඩුව තෙල් මිල වැඩි කරන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 21 June 2026
I.M.F නියෝජිත පිරිසක් දිවයිනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් 24 සිට එළැඹෙන 30 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරත වනු ඇතැයි අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා අද (21) ප්‍රකාශ කළේය. 21 June 2026
පාකිස්තානය ඉන්ධන මිල පහළ දමයි ගෝලීය බොරතෙල් වෙළෙඳපොළේ අඛණ්ඩව පහළ යෑමේ සහනය ජනතාවට ලබාදීම සඳහා පෙට්‍රල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 74කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 67කින් පහළ දමන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් පසුගියදා ප්‍රකාශ කළේය. 21 June 2026
රෝග විනිශ්චයට අධි තාක්ෂණ උපකරණ 11ක් ආඝාත, පිළිකා, හෘද ඇතුළු රෝග විනිශ්චය සඳහා රෝහල් පද්ධතියට රුපියල් මිලියන 1950 ක වියදමකින් අධි තාක්ෂණික නවීනතම CT ස්කෑන් යන්ත්‍ර 11 ක් ලබා දී තිබේ. 21 June 2026
පාසල් සිසුවා දියේ ගිලි මරුට ආරච්චිකට්ටුව සෙන්ගල්ඔය වැලිතුඩුව මංකඩට තම පාසල් මිතුරකු සමග දිය නෑමට ගිය පාසල් සිසුවකු ගිලි මරණයට පත්ව ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි. 21 June 2026
මැති ඇමති නිලධාරී 30කගේ වත්කම් විමර්ශන ඉක්මන් කරයි පසුගිය රජයේ හිටපු ප්‍රබල මැති ඇමැතිවරුන් හා නිලධාරීන් තිහකට ආසන්න පිරිසකගේ වත්කම් විමර්ශන කඩිනම් කර ඇති බව විශ්වසනීය ආරංචි මාර්ග අනාවරණය කළේ ය. 21 June 2026
කෝටියකට වැඩි වටිනා සිගරැට් ගුවන්තොටෙන් මාට්ටු රුපියල් එක් කෝටි තිස් දෙලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතික ව්‍යාපාරික අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති. 21 June 2026
අදත් පළාත් කීපයකට වැසි වාර කිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 June 2026
ඉරානය හෝමූස් යළි වහයි දකුණු ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානයේ IRGC පවසයි. 20 June 2026
ඇමති බංගලා බෙදන්න පාලන කමිටුවක් ඇමති බංගලා විවිධ ව්‍යාපෘති සඳහා විධිමත්ව වෙන් කිරීම සඳහා පාලන කමිටුවක්(Steering Committee ) පත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත 20 June 2026
මාස හතකට පසු පොඩි මැණිකේ බදුලු යයි දිට්වා සුලි කුණාටුවෙන් මාස 7කට පසු නානුඔය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවන කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සහ ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු - නානුඔය දනුෂ්ක මහතුන්ගේ ප්‍රධානත්වයෙන් අද (20) දින උදෑසන 9:00ට නානුඔය දුම්රිය ස්ථානයේන ආරම්භ කෙරිණ. 20 June 2026
තෙල් මිල අඩු කරනවාද නැද්ද: තීරණය මේ මස අග මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල් පෙට්‍රල් ඇතුළු ඉන්ධන මිල පහත දමනවාද නැද්ද යන්න ගැන මේ මස අග තීරණය කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. 20 June 2026
අමාත්‍යංශ ලේකම්වරු ජනපති කාර්යාලයට කැඳවති ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 20 June 2026
ආණ්ඩුවේ හැම සල්ලියක්ම යන්නෙ වැරදි ගිණුම්වලට මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම් වලට යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය... 13 June 2026