ඉන්ධන ගාස්තු සංශෝධනයක් ඉල්ලීමට සූදානම් ඉන්ධන මෙරටට ආනයනය කිරීමට යන පිරිවැය සමාලෝචනයට ලක් කර නව ඉන්ධන සහනාධාරයක් හෝ ගාස්තු සංශෝධනයක් ලබා දෙන ලෙස ඉදිරියේදී රජයෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අප පුවත්පතට පසුගියදා ප්‍රකාශ කළේය. 17 August 2026
සරුංගල් අනතුරු වැඩි වෙලා පවතින වියළි කාලගුණික තත්ත්වය සහ පාසල් නිවාඩු සමය හේතුවෙන් මේ දිනවල දරුවන් අතර සරුංගල් යැවීම ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්ව ඇති අතර ඒ හේතුවෙන් එම ක්‍රියාකාරකම් ආශ්‍රිතව සිදුවන හදිසි අනතුරුද බහුලව වාර්තාවන බැවින්, සරුංගල් යැවීමේදී නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී. 17 August 2026
හසීනා බංග්ලාදේශයට එවන්න ඉන්දියාවේ ආරක්ෂාව ලැබ, එරට රැඳී සිටින, බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනා යළි ඉන්දියාවට පිටුවහල්කරනතුරු තමන් ඉන්දීය සංචාරයක් සඳහා සහභාගී නොවන්නේ යැයි බංග්ලාදේශයේ වත්මන් අග්‍රමාත්‍ය තාරික් රහමාන්, ඉන්දියාවට පවසා ඇත. 17 August 2026
ඇමෙරිකන් සෙබළුන් මරන සිවිල් වැසියන්ට තෑගි ඇමෙරිකා සෙබළුන් ඝාතනය කරන හෝ පණපිටින් අල්ලා භාරදෙන පුද්ගලයන් සඳහා ඇමෙරිකන් ඩොලර් 30,000 ක (ඉරාන ටෝමාන් බිලියන 5 ක) මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඉරාන හමුදා ප්‍රධානී අමීර් හතාමි පවසයි. 17 August 2026
දකුණු කොරියාව සමග යුද අභ්‍යාස අඩු කරනවා - ජනපති ට්‍රම්ප් ඇමෙරිකා ඉරාන යුද්ධයේ දී, ඇමෙරිකාවට සහාය නොදැක්වීම හේතුවෙන්, දකුණු කොරියාව සමඟ පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාස සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. 17 August 2026
ඉන්දුනීසියා භූමිකම්පාවෙන් මියගිය ගණන 51 ක් නැගෙනහිර ඉන්දුනීසියාවට බලපෑ රික්ටර් මාපක 7.7 ක ප්‍රබල භූමිකම්පාව මියගිය ගණන 51 ක් බවත්, 500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉන්දුනීසියානු බලධාරීහු පවසති. තුවාල ලැබූ 36 දෙනකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වේ. 17 August 2026
‘හවුස් ඔෆ් ඩ්‍රැගන්’ මකරකුගේ නමින් කටුසු විශේෂයක් තායිලන්තයෙන් නව කටුසු විශේෂයක් හමුවී ඇත. විද්‍යාඥයන් මෙම කටුස්සන් නම් කර ඇත්තේ, අතිශය ජනප්‍රිය, ‘හවුස් ඔෆ් ඩ්‍රැගන්’ කතාමාලාවේ දැකිය හැකි මකරකුගේ නමින් වීම විශේෂත්වකි. 17 August 2026
2026 ලොව කැතම සුනඛයා ‘ජිනී ලූ’ කැලිෆෝනියාවේ සැන්ටා රෝසා නුවර, ලොව කැතම බලු සුරතලා තේරීමේ තරගය පැවැත්විණි. ලොව කැතම බලු සුරතලා තේරීමේ තරගය මෙසේ පැවැත්වූයේ 50 වැනි වරටය. 17 August 2026
ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අල්ලයි අහුන්ගල්ල ගල්බොක්ක ප්‍රදේශයේදි ඊයේ (16) රාතියේදී රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග 20 හැවැරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි. 17 August 2026
මේ මගේ අවසන් තරගවාරය විය හැකියි විශිෂ්ට ක්‍රීඩා දිවියකට හිමිකම් කියන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසන්නේ, ක්‍රීඩකයෙකු ලෙස මෙය ඔහුගේ අවසාන තරග වාරය වීමට ඉඩ ඇති බවයි. 17 August 2026
කොළඹ මහල් නිවෙසකින් දරුවෙක් බිමට වැටී මරුට කොළඹ නවයේ මහල් නිවාසයක 14 වන මහලේ නාන තටාකයක් අසල සිටි දරුවන් පිරිසක් අතරින් 12 හැවිරිදි දරුවකු එම මහල් නිවාසයෙන් ඇදවැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 17 August 2026
අයිස් සමග තරුණයෙක් මාට්ටු අහුන්ගල්ල ගල්බොක්ක ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා අයිස් මත් ද්‍රව්‍ය සමග එක් තරුණයකු සැකපිට අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි. 17 August 2026
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භයි ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට ජාතික ගුවන් සේවය වන ’’ වියට්නාම් එයාර් ලයින්ස් ’’ , මංගල ගුවන් යානය ( Inogaral Flight ) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 17 August 2026
ඩොල්ෆ් යද්දී අනතුරට පත් යාත්‍රාවේ පිරිස බේරා ගැනෙති අයහපත් කාලගුණ තත්වය හමුවේ ඇඟවූ අනතුරු ද නොතකා කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්ව තිබූ මගී බෝට්ටුවේ සිටි 10 දෙනා බේරා ගත් බව නාවික හමුදාව පවසයි. 16 August 2026
රාජ්‍ය නිලධාරීන්ට දීලීප පීරිස්ගෙන් පාඩමක් යම් තීරණාත්මක කාරණයක් සම්බන්ධයෙන් වන ලියවිල්ලක ’’ සුදුසු කටයුතු පිණිස’’ යනුවෙන් සඳහන් කර පහළ නිලධාරියෙක්ට යවා වගකීමෙන් ගැලවෙන්නට ඉහළ රාජ්‍ය නිලධාරීන්ට නොහැකි යැයි හේමසිරි-පූජිත් නඩු තීන්දුව කදිමට කියාදෙන බව අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹදී පැවසීය. 16 August 2026
මාස පහට ආණ්ඩුව ගැන කැමැත්ත සියයට 15කින් පහළට ’’රට හිතන හැටි’’ මත විමසුමේ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පසුගිය ජූලි මාසයේදී සැළකිය යුතු මට්ටමකින් සියයට 50 දක්වා අඩුවී ඇති බවත් එය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සියයට 15 කින් පහළ යෑමක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 16 August 2026
විනිසුරු විශ්‍රාම වයස යෝජනාවට විග්නේෂ්වරන් කැමතියි ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම හොද දෙයක් බව ජනතා ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ උතුරු පළාත් හිටපු මහ ඇමැති සීවී විග්නේෂ්වරන් මහතා පවසයි. 16 August 2026
ඩෙංගු රෝගීන් අනූදෙදහ පනී වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව වාර්ථා වී ඇති මුලු ඩෙංගු රෝගීන් සඛ්‍යාව 92,011 ක් බවත් එම ඒකකය පවසයි. 16 August 2026
මාස අටට කුරුණෑගල නව දෙනෙක් අලින්ට බිලි:අලි 13 දෙනෙක් මිනිසුන්ට බිලි මේ වසරේ ජනවාරි සිට මේ දක්වා කාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනිස් ජිවිත 9 ක් සහ අලින් 13 ක් රටට අහිමිවි ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මහතා පැවසීය. 16 August 2026
ආණ්ඩුව නන්දෙඩූ ලක්ෂ 12 කාර් කෝ? මැතිවරණ වේදිකාවේ ලක්ෂ 12ට විට්ස් කාර් ලබා දෙන බවට පැවසූ මාලිමා ආණ්ඩුව අද වනවිට වාහන ආනයන මත 50% අධිභාර බද්දක් පනවා පාරිභෝගික අයිතිවාසිකම් සුනුවිසුණු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 16 August 2026
යුක්රේනයෙන් රුසියාවට දැවැන්ත ප්‍රහාරයක් යුක්රේනය, ඩ්‍රෝන යානා 600 ක් යොදා ගනිමින් ඊයේ (15) රාත්‍රියේ සිට අද (16) පෙරවරුව තෙක් දැවැන්ත ප්‍රහාරයක් රුසියාවට එල්ල කළ බව නගරාධිපති සර්ගෙයි සොබියානින් ප්‍රකාශ කළේය. 16 August 2026
රෝහල් වල නැවතුනු වැඩ නිම කරන්න බිලියන 45ක් කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ නවීකරණය කරන ලද ඒකක හා වැඩිදියුණු කරන ලද යටිතල පහසුකම් රැසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) රෝගී සත්කාර සේවාව සඳහා නිල වශයෙන් එක් කෙරිණි. 16 August 2026
යතුරු පැදියෙන් ආ මාරයා පිය - පුතු බිලි ගනී යතුරු පැදියක්,විදුලි කණුවක ගැටීමෙන් එම යතුරු පැදියේ ගමන් ගත්,පිය පුතු දෙපළ,රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි කල්පිටිය පොලිසිය කියයි. 16 August 2026
දිත්වාගෙන් පහළට ආ මෙම අවදානම් ගල ඉවත් කරන්නේ කවදාද? දිට්ඨා සුළිං කුණාටුව හේතුවෙන් හෙම්මාතගම අම්බුළුවාව හරහා ගම්පොල මාර්ගයේ කඩා වැටුණු යෝධ ගල් පර්වතය තවමත් ඉවත් කර නොමැති නිසා එම මාර්ගයේ ගමන් කරන රථ වාහාන වලට දැඩි අනතුරු තත්වයක් පවතී. 16 August 2026
පසුගිය වසර තුනට මනුෂ්‍ය ඝාතන 1,664ක් සිදුවෙලා මෙරට මනුෂ්‍ය ඝාතන 1,664ක් ඉකුත් වසර තුන තුල (2023,2024,2025) සිදුවි ඇති බැව් ශ්‍රිලංකා පොලිසිය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සදහන් වේ. 16 August 2026
මත්තල ගුවන්තොට ගන්න ’’දළකාරයෝ’’ 19ක් පාඩු ලබන මත්තල ගුවන්තොටුපොළේ විවිධ ආයෝජන කටයුතු සඳහා දෙස් විදෙස් ආයෝජකයන් 19 දෙනෙකු අභිලාෂ ඉදිරිපත් කර ඇතැයි වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා ලංකාදීපයට පැවසීය. 16 August 2026
නුවරඑළියේ සමෘද්ධි හොර අල්ලන්න ජනපති කමිටුවක් පත් කරයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු වී ඇති මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලිමට ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ විගණන කණ්ඩායමක් පත් කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පැවසිය. 16 August 2026
අපරාද වෙනුවෙන් සැකසූ වාහන හොර අංක තහඩු සමග අයෙක් අත්අඩංගුවට මනුෂ්‍ය ඝාතන සඳහා යොදා ගැනීමට ව්‍යාජ ලෙස සකස් කළ විවිධ වාහන රැසක අංක තහඩු, රක්ෂණ සහතික සහ ආදායම් බලපත්‍ර තොගයක් සඟවාගෙන සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව හිරන පොලිසිය සඳහන් කරයි. 16 August 2026
සෝමාවතිය රක්ෂිතයෙන් දඩයම් කරුවෝ අටක් මාට්ටු සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ත්‍රිකෝණමඩුව ස්වභාවික රක්ෂිතයේ විල්ලුව ප්‍රදේශයේ විවිධ සතුන් දඩයම් කරන පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව සෝමාවතීය අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි. 16 August 2026
මා ඔයට පිය පුතු දෙපළ බිලි මිරිගම මදුරුපිටිය, අධිවේගී මාර්ග පාලම අසල මා ඔයේ දිය නෑමට ගිය පිය-පුතු යුවළකගෙන් පුත්‍රයා දියගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පියා අතුරුදන්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි. 16 August 2026
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026