පාසල් හෙට වසා තැබේ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට දින දිවයිනේ සියලු පාසල් වසා තැබෙන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 26 October 2026
සහරාන් සමග එක්ව ගිනි අවි තබා ගත් සැකකරුවන්ට වසර 12ක සිර දඬුවමක් පාස්කු ඉරුදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරන් එල්ල කළ සහරාන් හෂිම් ඇතුළු ආගමික අන්තවාදීන් සමග එක්ව පුත්තලම වනාතවිල්ලුව ‘ලැස්ටෝස් වත්තේ’ නීති විරෝධී ආකාරයෙන් ගිනිඅවි ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට මීගමුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වසර 12 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් අද නියම කළේය. 26 October 2026
කොග්ගලදී දුම්රියේ ගැටුණු බසයේ බලපත අවලංගුයි හබරාදූව කොග්ගල දුම්රිය හරස් මාර්ගයක් හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීම නිසා දුම්රියේ ගැටුණු බසයේ මාර්ග බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අවලංගු කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පවසයි. 26 October 2026
ඥානසාර හිමිට ජනපති සමාව දී අර්බුදය අවසන් කරන්න ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේද මැදිහත් වීම යටතේ ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළ යුතු බවට දැඩිව අවධාරණය කරන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 26 October 2026
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තව දුරටත් විවෘත කර ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය. 26 October 2026
කන්දේවිහාරයේදී අලි පහරින් ගයිඩ් මරු දකියි අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරයේදී අලියකු පහරදීමෙන් සංචාරක මඟ පෙන්වන්නකු අද ( 26) දහවල් මියගොස් ඇති බව පොලිසිය පවසයි. 26 October 2026
ධීවරයන්ට අනතුරු ඇඟවීම් ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස සියළුම ධීවර ප්‍රජාවට දැනුම් දෙන අතර පද්ධතියේ බලපෑම මත ලංකාව වටා වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි. 26 October 2026
බොරුවක් ප්‍රචාරය කළාට කස්සප හිමිට එරෙහිව විමර්ශනයක් සිර දඬුවම් ලද ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා විහාර මහා දේවී උද්‍යානයේ පැවති සත්‍යග්‍රහයේදී ජනතාව කුපිත කරවන, නොමග යවන සුළු සහ ජනතා විශ්වාසය කඩ කරන අසත්‍ය ප්‍රකාශ බලන්ගොඩ කස්සප හිමියන් මාධ්‍යයට නිකුත් කර ඇති බවට පැලවත්ත ජාතික ජන බලවේගය පක්ෂ කාර්යාලයෙන් ලද පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කුරුඳුවත්ත පොලිසිය අද පැවසීය. 26 October 2026
කොත්මලේ යළි විවෘත වීමේ අවදානමක් පවතින අධික වර්ෂාවත් සමග කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා, එහි වාන් දොරටු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. 26 October 2026
ගැරඩිඇල්ල මාර්ගය හරහා ගලායෑමෙන් රථවාහන තදබදයක් කොත්මලේ ප්‍රදේශයට අද ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ගැරඩිඇල්ලේ ජලය නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගය හරහා ගලා යැම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයකට ආසන්න කාලයක් ඇනහිට තිබූ බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා පැවසීය. 26 October 2026
මෝටර් රථ ක්‍රීඩා සංගමයේ පරිපාලනය අමාත්‍යාංශ ලේකම්වරයා යටතට මෝටර් රථ ක්‍රීඩා සංගමයේ පරිපාලන වගකීම් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 26 October 2026
අතීත අවතාර වලට ජනතාව රවටන්න බෑ බ්‍රසීලයේ ජනාධිපතිවරණයෙන් ලූලා ද සිල්වා නැවත වරක් ජයග්‍රහණය කිරීමෙන් පෙනී යන්නේ බංකොලොත් දේශපාලන රාජ වංශවලට සහ අතීතයේ අවතාරවලට ජනතාව රැවටිය නොහැකි බව යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ස් පණිවිඩයකින් පවසයි. 26 October 2026
නොරෝච්චෝලේ දෙවන ජනනය නවතී නඩත්තු කටයුත්තක් වෙනුවෙන් නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද පෙරවරුවේ සිට දින නවතා දැමිමට කටයුතු කළ බව ලක්විජය බලාගාරයේ පාලනාධිකාරිය පවසයි. 26 October 2026
කෝටි 5 ’’කුෂ්’’ කටුනායකදී මාට්ටු රුපියල් පන් කෝටි දශ ලක්ෂයක් වටිනා ’’කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’හරිත මාවත’’ (Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (26) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ . 26 October 2026
ලූලා දිනුම් බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට වාමාංශික නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සමත් විය. 26 October 2026
ප්‍රතිකාල ලැබූ ඉරාන නාවිකයන් මව් රටට ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඉරාන නාවිකයන් 40 දෙනා ප්‍රතිකාර ලබදීමෙන් පසුව නැවතත් ඉරානයට පිටත් කර යැවූ තව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 26 October 2026
පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 26 October 2026
විහාර මහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහය තාවකාලිකව අත් හරි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම වෙනුවෙන් කොළඹ විහාරමහා දේවී උද්යාලයේ ආරම්භ කළ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හල බව උලපනේ සුමංගල හිමියෝ පවසති. 25 October 2026
මහා නාහිමිවරුන්ගෙන් සත්‍යග්‍රහයේ නිතර භික්ෂූන්ට ලිපියක් ජනතා ගෞරවය සහ පිළිගැනීම සුරැකී පවතින්නේ භික්ෂුත්වයට ආවේණික වූ සංවරශීලී පැවිදි ප්‍රතිපදාව සහ සම්බුද්ධ විනය ආරක්ෂා වන තාක් කල් පමණක් බව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විරෝධතා වල නිරත මහා සංඝරත්නය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 25 October 2026
අත්අඩංගුවට ගත් තරුණයෙක් හෝමාගම පොලිසියේදී මැරිලා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමගම පොලිසියේ නිලධාරීන් විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන සිර මැදිරියෙහි රදවා ගෙන සිටි තරුණයකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර ඇතැයි තරුණයාගේ ෙ ඥාතීහු චෝදනා කරති. 25 October 2026
රඹුක්කන - පේරාදෙණිය- ගම්පොල දුම්රිය යළි දැනුම් දෙන තුරු නවතී අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රඹුක්කන - පේරාදෙණිය, ගම්පොල අතර දුම්රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. 25 October 2026
හබරාදූව අනතුරේ බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට හබරාදූව කොක්ගල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියේ ගැටුණු බසයේ රියැදුරා සහ කොන්දොස්තර්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 25 October 2026
සිසුන් පිරිසක් රැගත් බසය දුම්රිය හැපේ:දහයක් රෝහලට කොග්ගල හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක ගැටීමෙන් හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 25 October 2026
දළ ඇතුන් 13 කට හමුදා රැකවල් දිවයින පුරා ගම්මාන ආශ්‍රිතව වෙසෙන දළ ඇතුන් 13 දෙනෙකුගේ ආරක්ෂාව සඳහා හමුදා අනු කණ්ඩ යෙදවීමට පියවර ගෙන අැත. 25 October 2026
හැම දරුවාටම අධ්‍යාපනයේ උපරිම ඵල නෙලාගන්න රටක් හදනවා සෑම දරුවෙකුටම අධ්‍යාපනයේ උපරිම ප්රතිලාභ අත්කරගත හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම රජයේ ප්රමුඛ අරමුණක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. 25 October 2026
රජයේ වෙබ් අඩවිවලට හැකරුන්ගේ අවදානමක් ? පීඑච්පී( PHP) පරිඝණක භාෂාව භාවිතයෙන් සංවර්ධනය කරන ලද වෙබ් අඩවි සහ වෙබ් යෙදුම්වල පවතින ආරක්ෂක දුර්වලතා නිරාකරණය කිරීම සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන වෙත, චක්‍රලේඛයක් නිතුත් කර අැත. 25 October 2026
හිරගෙදර තදබදය අඩු කරන්න අලුත් නීති දහයක් බන්ධනාගාරවල සිරකරැ තදබදය වැළැක්වීම අලුත් නීති දහයක් පමණ හඳුන්වාදී ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා පැවසීය. 25 October 2026
මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සම්පත් ප්‍රනාන්දු යුද හමුදාවේ 71 වන මාණ්ඩලික ප්‍රධාන වශයෙන් මේජර් ජෙනරල් සම්පත් ප්‍රනාන්දු මහතා පත්කර ඇත. 25 October 2026
අනතුරින් දස හැවිරිදි දරුවා මරුට අනුරාධපුර, දහයියාගම වටරවුම දෙස සිට ගෙවල් 55 දෙසට දිවෙන මාර්ගයේ ඩී.එස්. සේනානායක ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 10ක දියණියක ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 25 October 2026
මෝදර චතුදුන් ඔත්තුවකින් අත් බෝම්බ දෙකක් සොයා ගනී මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන කේ.ඩී. චතුරංග පෙරේරා නොහොත් ’මෝදර චතු’ නමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කරගත් තොරතුරු මත මාදම්පිටිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 25 October 2026
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026