සංඝරත්නයේ මඟපෙන්වීම රජයට ශක්තියක් රජයේ වැඩපිළිවෙළට මහා සංඝරත්නයෙන් ලැබෙන ආධ්‍යාත්මික මඟපෙන්වීම සහ සමාජයේ යහපත් වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලැබෙන සහයෝගය වටිනා ශක්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 16 August 2026
පළාත් කීපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවනාවරණය කරයි. 16 August 2026
තුවක්කුවක් දෑතින් නොඇල්ලූ නිලදරුවෝ 3069ක් බන්ධනාගාර සේවයේ සිරකරුවන් හා සම්බන්ධ වන බන්ධනාගාර නිලධාරීන් 3069කට තවමත් කිසිදු ගිනි අවි පුහුණුවක්දී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 16 August 2026
නාවික යාත්‍රාවක් අනතුරට:නාවිකයෙක් අතුරුදන් නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මොරටුව අගුලාන වෙරළ තීරයේ සිට කිලෝ මිටර් 3 ක පමණ දුරකදී අනතුරට පත්වීමෙන් එක් නාවිකයකු අතුරුදන්ව ඇතැයි අඟුලාන පොලිසිය සඳහන් කරයි. 15 August 2026
ඉන්දියාවේ හොඳම මිතුරා ශ්‍රී ලංකාව ලෝකයේ ඉන්දියාවට වැඩිම කැමැත්තක් දක්වන රට ශ්‍රී ලංකාව බව ඇමෙරිකාව පදනම් කර කරගත් පියු පර්යේෂණ මධ්‍යස්ථානය සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. 15 August 2026
ඕස්ට්‍රේලියා ආයෝජකයන්ට ලංකාව ගැන හිත වැටෙයි ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ ආයෝජකයින් සහ ව්‍යවසායකයින් රැසක් මෙරට ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජන කිරීමට එකඟතාව පළ කර ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 15 August 2026
මුහුදු කොල්ලකරුවන් මට්ටු කරන්න වැඩ පිළිවෙලක් ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට විශාල තර්ජනයක්ව පවතින මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට සහ එම ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා කඩිනම් හා ස්ථිර වැඩපිළිවෙළක් සකස් කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවැසීය. 15 August 2026
මහජන ආරක්ෂක ඇමති බන්ධනාගාර තුනකට යයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපල මහතා මීගමුව බන්ධනාගාරය, මීගමුව පල්ලන්සේන එලිමහන් බන්ධනාගාරයේ සහ වාරියපොල බන්ධනාගාරයේත් නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 15 August 2026
ඉන්දුනීසියා භූමිකම්පාවෙන් මරණ 38 දක්වා ඉහළට ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ අද පෙරවරුවේ ඇති වූ රික්ටර් මාපකයේ 7.7 ක භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 38 දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආපදා අවම කිරීමේ ඒජන්සිය පවසයි. 15 August 2026
කූරියර් මුවාවෙන් මත්පෙති බෙදලා මාට්ටු වේ කුරියර් සේවා මුවාවෙන් කටුනායක සිට ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයට මත්පෙති ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනකු යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. 15 August 2026
වල්අලි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට කොස්ලන්ද මකල්දෙණිය සහ රිදීමලියද්ද ඇකිරියන්කුබුර ප්‍රදේශවලදි සිදුවු වන අලි පහරදීම් වලින් පොල්වත්තක මුරකරුවකු සහ විශ්‍රාමික යුධ හමුදා සෙබළකු මියගොස් ඇතැයි ඌවපලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයය අද (15) පැවසීය 15 August 2026
මහනුවර රෝහලේ මිලියන 570 ක උපකරණ පද්ධතිය විවෘත වෙයි මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම හා විධිමත් කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සුවිශේෂී වැඩපිළිවලක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත. 15 August 2026
හිර වූ රස වාර්තා 9000ක් උසාවියට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මීගමුව දළුපොත පල්ලන්සේන බන්ධනාගාරයට අද පෙරවරුවේ ගොස් එහි කටයුතු නිරීක්ෂණය කළේය. 15 August 2026
ඇල්ල සංවර්ධනයට මිලියන දාහක් ඇල්ල ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය තවදුරටත් නංවාලීමේ අරමුණින් මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000කට අධික වටිනාකමකින් යුත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පැවසීය. 15 August 2026
හැටන්-කොළඹ පාර එක් මංතීරුවකට සීමා කෙරේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් අද (15) අලුයම කඩා වැටීමෙන් ඇණ හිට තිබූ ගමනා ගමන කටයුතු උදෑසන වන විට එක් මන් තීරුවකට සීමාකර විවෘත කර ඇති බව හැටන් පොලිසිය පැවසිය. 15 August 2026
ජනපතිට උපදෙස් දෙන අධිකරණ ජ්‍යෙෂ්ඨයන් දැනගන්න ආසයි අධිකරණ විෂය පථය ගැන ජනාධිපතිවරයා උපදෙස් ගත්තා යැයි කියන ජ්‍යෙෂ්ඨයන් කවුදැයි නම් කළ යුතු බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 15 August 2026
උ:පෙළ ප්‍රශ්න පත්‍ර සිද්ධිය: සීඅයිඩියත් පරීක්ෂණ අරඹයි හම්බන්තොට අම්බලන්තොට ප්‍රදේශයේ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකදී පසුගියදා සිදුවී ඇතැයි පැවසෙන විභාග ප්‍රශ්න පත්‍ර අක්රමිකතාව සම්බන්ධ සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධූර සෙනෙවිරත්න මහතා පැවසීය. 15 August 2026
හිරෙන් පැන්න 709ක් තවමත් නිදැල්ලේ බන්ධනාගාරවලින් පැන ගිය සිරකරුවන් 709 දෙනෙකු නැවත අත්අඩංගුවට ගෙන නැතැයි ජාතික විගණන නිකුත් කරන අලුත්ම වාර්තාවක සඳහන්වේ. 15 August 2026
බන්ධනාගාර නිලධාරීන්තේ තොරතුරු රැස් කළ අයකු අල්ලයි නව මැගසින් බන්ධනාගාරයේ නියාමකවරුන් ඝාතනය කිරීමට තොරතුරු රැසක් හුවමාරු කර ගත් හඬ පට රැසක් අඩංගු ජංගම දුරකථනයක් සමග සංවිධානාත්මක අපරාධ අපරාධ කල්ලි සාමාජිකයකු බොරැල්ල වනාතමුල්ලේ නිවසකදී අත්අඩංගුවට ගත් බව සහස් පුර පොලිසිය කියයි. 15 August 2026
හැටන් - කොළඹ පාර වැහේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයෙන් අද උදෑසනක් යළිත් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමන ගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි පොලිසිය කියයි. 15 August 2026
එල් නිනෝවෙන් මනසටත් බලපෑම් එල්නිනෝ හමුවේ පරිසර උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගියහොත් මානසික රෝගවලට ගොදුරුවන පුද්ගලයන්ගේ සංඛ්‍යාවේ ද වැඩිවීමක් සිදුවනු ඇතැයි ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පැවැසීය. 15 August 2026
ගල්අඟුරු කොමිසම කාංචනගෙන් පවිත්රාගෙන් ප්‍රශ්න කරයි ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව හිටපු බලශක්ති අමාත්‍යවරුන් වන කාංචන විජේසේකර සහ පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 15 August 2026
ශිරාන් බාසික් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී ඇත. 15 August 2026
සියයට පනහේ අධි භාරය දීර්ඝ කරයි ආනයනය කරන මෝටර් රථයක් සඳහා රේගු ආනයන බද්ද මත පනවා තිබූ සියයට 50ක අධිභාරය එළැඹෙන දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය. 15 August 2026
යලේ ගොවීන්ට කෝටි 1426 ක “සල්ලි මල්ලක්” මෙවර යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් කෝටි 1426 කට ආසන්න මුදලක් රට පුරා ගොවි ජනතාවට බෙදා හැරීමට සියලු පියවර ගෙන ඇතැයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පැවැසීය 15 August 2026
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් රියදුරු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කරයි. 14 August 2026
ජනාධිපති කාර්ය සාධක බලකාය රැස් වෙයි රට නැවත ගොඩනගන“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්විය. දිට්වා ආපදාවෙන් අනතුරුව යටිතල පහසුකම් යළි ගොඩනැඟීමේ ගිවිසුම්ගත ව්‍යාපෘති ප්‍රමාදවිම් පිළිබඳව සහ 2026 ව්‍යාපෘති ඉලක්ක සපුරා ගැනීමට ඇතිව තිබෙන බාධා සම්බන්ධව මෙන්ම, “Rebuilding Sri Lanka“ වැඩසටහනෙහි වත්මන් ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 14 August 2026
දළඳා පෙරහරේ ආරක්ෂාවට 8000ක් මහනුවර දළඳා පෙරහරේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 6200ක්, පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් 564ක්, ත්රිිවිධ හමුදා නිලධාරීන් 1200ක් හා සිවිල් ආරක්ෂක නිලධාරින් 29ක් යොදා ගැනීමට සැලසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි. එසේම දළඳා පෙරහර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. 14 August 2026
ආහාර මිල- ප්‍රමිතිය ගැන නිරන්තර අවධානයෙන් ඉන්න ආහාර පාන වල ප්‍රමිතිය සහ මිල ගණන් නියාමනය පිළිබඳ නිරන්තරව සක්‍රීය ලෙස මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් දුන්නේය. 14 August 2026
ඕමාන් වෙළෙඳ උපදේශක අගමැතිනිය හමුවේ ඕමාන සුල්තාන් රාජ්‍යයේ වාණිජ අමාත්‍යාංශයේ විදේශ වෙළෙඳ සහ ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක පංකජ් කිම්ජි මහතා සහ දූත පිරිස අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූහ. 14 August 2026
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026