ජන මත විචාරණ නෑ ජාතික ජන බලවේග රජයට ව්‍යවස්ථා සංශෝධනයකට පමණක් නොව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ද ජනවරමක් තිබෙන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවැසීය. 12 August 2026
බදුල්ල ශික්ෂණ රෝහලට රු.බි. 11ක සංවර්ධන ව්‍යාපෘති බදුල්ල ශික්ෂණ රෝහලේ රු. මිලියන 11,000 ක දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. 12 August 2026
ඩයලොග් ආසියාටා “ඊ-කුණු” එකතු කරයි මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව ඩයලොග් ආයතනය ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය “ඊ-කුණු” (e-Kunu) බාර ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. 12 August 2026
ගුවන් යානා මාරුකරගත් බව ට්‍රම්ප් පවසයි පසුගිය මාසයේ තුර්කියේ පැවති නේටෝ සමුළුවකින් පිටව යන විට රහසිගතව ගුවන් යානා හුවමාරු සිදුවූ බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබේ. තර්ජන හේතුවෙන් ඒසේ කිරිමට සිදුවූ බව ට්‍රම්ප් පවසයි. 12 August 2026
වතුකරයේ පෝෂණයට කාසල්රීයට මත්ස්‍ය පැටවුන් 66,000ක් වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිමේ අරමුණින් කාසල්රි ජලාශයට මෙරිගල් මත්ස්‍ය පැටවුන් හැට හයදහසක් (12) දින පස්වරුවේ එම ජලාශයට මුදාහරිනු ලැබිය. 12 August 2026
ඇෆ්ගන් දැරියන් ලක්ෂ 24 කට අධ්‍යාපනය අහිමිවෙලා ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජයේ ෂරියා නීති හේතුවෙන්, එරට දැරියන් ලක්ෂ 24 කට ද්විතීයික අධ්‍යාපනය අහිමි වී ඇතැයි යුනෙස්කෝ සංවිධානය පවසයි. 12 August 2026
කදිරගාමර්ගේ ගුණ සමරයි ශ්‍රී ලංකාවේ කීර්තිමත් රාජ්යතාන්ත්රිකයකු වූ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව කදිරගාමර් අන්තර්ජාතික සම්බන්ධතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ දී (LKIIRSS) අද (12) පැවැත්විණි. 12 August 2026
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් ජනාධිපති වැය ශීර්ෂය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වෙන් කරන ලද මුදල් අව භාවිතා කළේ යැයි කියන හිටපු ජනාධිපති පුද්ගලික ලේකම් , ජනාධිපති කාර්යාල හිටපු විශේෂ ව්‍යාපෘතියක අධ්යක්ෂ ජයසිංහ මුදියාන්සේලාගේ සුගීෂ්වර බණ්ඩාර සැකකරු ලබන 25 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍යය මහතා ඊයේ (12)නියෝග කළේය. 12 August 2026
ටිල්වින් - ඉන්දීය මහ කොමසාරිස් හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝශ් ජා මහත්වරුන් අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී සිදු විය. 12 August 2026
ඒකාබද්ධ විපක්ෂය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවට විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ අද (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් මහතා කොළඹදී හමුවී සාකච්ඡා කළහ. 12 August 2026
අර්බුද කාලේ නැවැත්වූ මාර්ග වැඩ යළි අරඹන්න ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ 2022 වසරේදී නවතා දමන ලද සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 12 August 2026
වල්ලම පෙරළී දරු දෙදෙනෙක් මරුට කල්පිටිය කුරක්කන් හේන ධීවර තොටුපළින් කල්පිටි කළපුවට බලා යාත්‍රා කළ වල්ලමක් පෙරලීමෙන් එහි ගමන් ගත් දරුවන් දෙදෙනකු කළපුවට වැටී මිය ගොස් ඇති අතර,ඔවුන්ගේ මව සහ පියා දිවි ගලවාගෙන ඇති අතර, ඔවුන් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 12 August 2026
යෝෂිත රාජපක්ෂ සිඅයිඩියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය. 12 August 2026
තංගල්ලේ නිවසකට වෙඩි ප්‍රහාරයක් තංගල්ල කුඩා වැල්ල නාකුළුගමුව ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 12 August 2026
හදේ ගෙවල් හදන්න එන්නැයි ඉන්දියාවට ඇරැයුම් අනාගතයේ සඳ මතුපිට මිනිස් ජනාවාසයක් පිහිටුවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය සූදානමින් සිටින බවත්, ඒ සඳහා තමන් සමග අත්වැල් බැඳ ගන්නැයි නාසා ආයතනය ඉන්දියාවට නිල වශයෙන් ඇරැයුම් කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. 12 August 2026
22 විරෝධය දක්වමින් නිතිඥ සංගමයෙන් යළිත් නිවේදනයක් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම මගින් නඩු විභාග කඩිනම් කරඅධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කිරිම අරමුණ බව රජය ප්‍රකාශ කළත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිම හාප්රකාශිත අරමුණු අතර සම්බන්ධතාවයක් පැහැදිනි නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමන් පවසයි. 12 August 2026
ලෙබනන පාර්ලිමේන්තුව මරණ දඬුවම අහෝසි කරයි මරණ දඬුවම නිල වශයෙන් අහෝසි කිරීමට ලෙබනන පාර්ලිමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව, නීතිගතව මරණ දඬුවම අහෝසි කළ පළමු මැදපෙරදිග රාජ්‍යය වන්නේ ලෙබනනයි. 12 August 2026
භූමිකම්පාවෙන් මියගිය ගණන 250 පනී කොලොම්බියාවට බලපෑ භූමිකම්පාවෙන් මියගිය ගණන අද (12) උදේ වෙද්දී 250 සීමාව පසු කළේය. කොලොම්බියා රජය පැවැසුවේ, තවත් දහසකට වැඩි පිරිසක් නිවාස සහ ගොඩනැගිලි සුන්බුන් අතරේ සිරවී සිටින බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවත්ය. 12 August 2026
රොනාල්ඩෝට මංගල සීනු ලොව සුප්‍රකට පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය දීර්ඝකාලීන සහකාරිය ජෝර්ජිනා රොඩ්රිගෙස්ගේ මංගල උත්සවය පෘතුගාලයේදී සිදුවිය. 12 August 2026
ආර්ථික අර්බුදයේදි නවතා දැමූ සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති නැවත අරඹන්න ග්‍රාමීය මාර්ග සංවර්ධනයේදී දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී ඉදිරිපත් වන කඩිනම් ජනතා අවශ්‍යතාවලට ප්‍රමුඛතාව ලබා දෙමින් එම කටයුතු ක්‍රියාත්මක කරන ලෙසත්, ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ 2022 වසරේදී නවතා දමන ලද සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 12 August 2026
චීන ආයෝජනවලදී සියයට 90ක් දේශීය ශ්‍රමය යොදා ගන්නවා ආයෝජන අවස්ථාවලදී 90%ක් දේශීය ශ්‍රමය යොදා ගන්නා බවත්, එමගින් විශාල පිරිසකට රැකියා නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවටත් චීන සමාගම් ප්‍රධානීහු මෙහිදී සහතික විය. 12 August 2026
කොලොම්බියා භූ කම්පනයෙන් 181ක් මරුට සඳුදා ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු ගොඩනැගිලි තුළ සහ සුන්බුන් යට සිරවී සිටින දිවි ගලවා ගත් අය මුදා ගැනීමට කොලොම්බියාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් දැඩි උත්සාහයක නිරතව සිටිති. 12 August 2026
විභාග දෙපාර්තමේන්තුටත් හැකරු අවදානමක්? විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු වත්කම් ආරක්ෂා කිරීමට නියමිත ආරක්ෂක ක්‍රමවේද කිසිවක් අනුගමනය කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 12 August 2026
යුරෝපා රටවලට අද සූර්යග්‍රහණයක් වසර 27 කට පසු යුරෝපා රටවල වැසියන් මිලියන 15 කට අද (12) සවස පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබේ. සූර්යග්‍රහණය ආරම්භ වනු ඇත්තේ ග්‍රීන්විච් සම්මත වේලාවෙන් සවස 15:34 ටය. 12 August 2026
අටපිරිකර නොවන අටපිරිකර සොයා මෙහෙයුම් 2026 වසරේ මේ දක්වා අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් වැටලීම් 127ක් සිදු කර අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 11 August 2026
හිරගෙදරට කුඩු අදින නියාමකයෙක් මාට්ටු බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය තොග වශයෙන් සපයන බව කියන බන්ධනාගාර නියාමකවරයකු රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනා මත්ද්‍රවය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 11 August 2026
ආණ්ඩුවේ වැඩකට නොගන්න ඉඩම් හෙක්ටයාර 247ක් ආයෝජකයන්ට රජය සතු ඌන උපයෝජිත ඉඩම් තෝරා ගනු ලබන ආයෝජකයින්/ව්‍යාවසායකයින් වෙත දිගුකාලීන බදු පදනම මත ලබා දීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 August 2026
ධීවර විශ්‍රාම වැටුප් පනත සංශෝධනයට ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්රතිලාභ යෝජනාක්‍රම පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 August 2026
සෞදි යන ශ්‍රමිකයන්ට සිංහලෙන් දෙමලෙන් විභාගෙ ලියන්න වරම් සෞදි අරාබියේ රැකියා සඳහා පිටත්ව යන වෘත්තිය කුසලතා සහිත ශ්‍රමිකයින්ගේ අනිවාර්ය කුසලතා සත්‍යාපන විභාගයට ඉදිරියේදී සිංහල සහ දෙමළ භාෂාවලින් පෙනී සිටීමේ අවස්ථාව ලබාදීමට සෞදි අරාබියේ TAKAMOL Holdings ආයතනය එකඟතාව පළ කර තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාර්තාවක් උපුටා දක්වමින් සදහන් කරයි. 11 August 2026
මරණ දඬුවම ගැන අවසන් නිගමනයක් තාම නෑ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම සම්බන්ධයෙන් තවම අවසන් එකඟතාවයකට පැමිණ නැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 11 August 2026
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026