ගුරු හිඟයට විසඳුම් දෙන්න ඉහළ පෙලේ සාකච්ඡාවක් ගුරු හිඟය විසඳීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමුවී තිබේ. 11 August 2026
බදු පරිපාලනය වහා ඩිජිටල් කරන්න බදු පරිපාලන ප්‍රතිසංස්කරණ හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාව, පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට යොමුව තිබේ. 11 August 2026
අද වහින තැන් මෙන්න සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 August 2026
සාගර කාරියවසම්ට ඇප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.. 10 August 2026
මත් වැරදි වලට මරණ දඬුවම ? මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වී තිබෙි. 10 August 2026
ඉෂාරා සෙව්වන්දි මාස නවයකට පසු රිමාන්ඩ් බාරයට ගණේමුල්ල සංජීව ඝාතන සැලසුම් සිද්ධියේ මහමොලකාරියේ යැයි කියන ප්‍රධාන සැකකාරි ඉෂාරා සෙව්වන්දි ලබන 21 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂවිතාන මහතා ඊයේ(10) නියෝග කළේය. 10 August 2026
කංජිපානිගේ ගෝලයන් කටුනායකට කංජිපානි ඉම්රාන් නැමති මෙරට සුප්‍රකට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකගේ මුල්‍ය අංශයේ කටයුතු භාරව ක්‍රියා කළ තොටිවිලගේ ධනුෂ්ක කෞශල්‍ය නොහොත් ’’ රත්මලානේ සයිමා ’’ සමග තවත් දෙදෙනෙකු , සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මැලේසියාවේ දී අත් අඩංගුවට අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි . 10 August 2026
ගුවන් කපොල්ලට අසූ වූ යානයේ නියමුවන් මතින් ඉඳලා? තායිලන්තයේ පුකෙට් සිට නවදිල්ලිය බලා පියාසර කරමින් තිබියදී පසුගිය සතියේ දැඩි වායු කැළඹීමකට හසුවූ ගුවන් යානයේ නියමුවා පළමු මත් ද්‍රව්‍ය පරීක්ෂණය අසමත් වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. 10 August 2026
ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීම ගැන ජාත්‍යන්තර පැසසුමක් ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන අතිසාර්ථක බව ලෝක ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනී සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර තානාපතිනි රෝසමන්ඩ් පයික් මහත්මිය නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා හමුවේ අද (10)පැවසුවාය. 10 August 2026
පොලිස් කොමිසම “කුලී ගෙදරට” අවුරැද්දට කෝටි 07 ක් ගෙවලා ජාතික පොලිස් කොමිෂන් සභාව පවත්වාගෙන යන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ගොඩනැගිල්ල සහ අනෙකුත් ගොඩනැගිල්ලට පසුගිය වසරේදී රුපියල් හය කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇති බවත් මෙය ආර්ථික වශයෙන් ඵලදායී නොවන වියදමක් බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 10 August 2026
කොරියා තානාපතිනිය අධිකරණ ඇමති හමු වෙයි ශ්‍රී ලංකාවේ කොරියා තානාපතිනි මියන් ලී මහත්මිය සහ අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද(10) පැවැත්විණි. 10 August 2026
අගෝස්තු මුල් දින 9ට ඩෙංගු රෝගීන් 4,292ක් අගෝස්තු මාසයේ මුල් දින නවය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,292 ක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 10 August 2026
කාදිනල්තමාගෙන් නිවේදනයක් කොළඹ අගරදගුරු පදවිය ‘පාස්කු ඉරුදින’ බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් සමඟ පූර්ණ සහයෝගයෙන් යුතුව කටයුතු කරමින් සිටින බවත් එම ප්රහාරයන්ට සම්බන්ධ මහ මොළකරු හෝ මහ මොළකරුවන් සහ සියලු පාර්ශවයන් හෙළිකරගැනීමට සහ රටේ නීතියට අනුව වින්දිතයන්ට යුක්තිය ඉටුකරදීමට අඛණ්ඩව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති. 10 August 2026
ග්‍රාම නිලධාරීහු අද හෙට ලෙඩ වෙති ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරීහු අද (10) සහ හෙට (11) වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වී සිටිති. 10 August 2026
කංජිපානිගේ ඥාතියෙක් වෙඩි තබා මරයි පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ඥාතියකුගේ හිසට අද (10) දහවල් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය සඳහන් කරයි. 10 August 2026
මත් වී බස් එලවන රියැදුරන් අල්ලන්න ජංගම පරීක්ෂණ බසයක් ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ආරම්භ කර ඇති මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා පූර්ණ පහසුකම් සහිත ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ බස් රථයක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ දී අද(10) පිරිනැමීය. 10 August 2026
සැප රියෙන් ගංජා ඇද්ද තරුණ යුවළක් මාට්ටු අධි සුඛෝපභෝගී ජීප් රථයකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි තරුණ අඹු - සැමි යුවළක් රථවාහන රාජකාරීයේ යේදී සිටි ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 10 August 2026
22 සංශෝධනය පරාජය කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනා 22 වැනි සංශෝධනය නීත්‍යානුකූල රාමුවක් යටතේ පරාජය කරන බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය. 10 August 2026
අ‘පුර වැව් හඳී වී වගා පාළු වෙලා උතුරු මැද පළාතට බලපා ඇති දැඩි නියං තත්ත්වය හමුවේ අනුරාධපුර නාච්චාදුව ප්‍රදේශයේ අස්වැන්න නෙළීමට ආසන්නව පැවති සශ්‍රීක කුඹුරු යායක් සම්පූර්ණයෙන්ම මැරී, අව්වට පිච්චී ගොස් ඇති බව ගොවීහු පිරිසක් පෙන්වා දුන්හ. 10 August 2026
ශිෂ්‍යත්ව ප්‍රතිඵල මාසයකින් 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය කීවාය. 10 August 2026
වී ගබඩාවට වල් අලි පහර දෙති මොරවැව පන්කුළම රජයේ වී ගබඩාවට එල්ලවූ වල් අලි ප්‍රහාරයෙන් පසු එහි ගබඩා කර තිබූ වී තොග ත්‍රිකුණාමලයේ පිහිටි වෙනත් ගබඩාවකට රැගෙන යෑමට කටයුතු කළ බව වී අලෙවි මණ්ඩලය කියයි. 10 August 2026
සාගර කාරියවසම් අත්අඩංගුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මීට සුළු වේලාවක පෙර අත්අඩංගුවට ගෙන ඇත. 10 August 2026
පළාත් කීපයකට අදත් වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 10 August 2026
තරුණියකට තර්ජනය කළ සිවුරක් දැරූ අයකු අල්ලයි තරුණියකගේ නිරුවත් ඡායාරූප අන්තරජාලයට මුදා හරින බව පවසා ඇයට තර්ජනය කළ බව කියන සිවුරක් දරා ගත් අයකු උඩුගම පොලිසිය අත් අඩංගුවට ගත් බව ගාලුදිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 10 August 2026
හැත්තෑ හතේ ආච්චි මිණිපිරියන් සමග බූරුවා ගහලා අඟුරුවාතොට උඩුවර ප්‍රදේශයේ නිවෙසකදී මිනිබිරියන් දෙදෙනා ඇතුළු පිරිසක් සමඟ මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි බවට අධිකරණයට ඉදිරිපත් කළ 77 හැවිරිදි කාන්තාවකට සහ තවත් සැකකරුවන් තිදෙනකුට මාස තුනක අත්හිටවූ සිර දඬුවමක් නියම කළ හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය, ඔවුන්ට පැය 50 බැගින් ප්‍රජා සේවයේ යෙදෙන ලෙස ද නියෝග කළාය. 10 August 2026
අතුරු වෛද්‍ය වෘත්තීන් අටකට බඳවා ගන්න අයැදුම්පත් කැඳවයි අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම අරඹා තිබේ. 09 August 2026
මාතර-පොතුවිල් මූද කුඩා ,එක්දින යාත්‍රා වලට තහනම් මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වී ඇති බැවින් කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක් කරයි. 09 August 2026
‘‘ආදිවාසී පනත ආමාත්‍ය මණ්ඩලයට යොමු කළා‘‘ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කැප වෙනවා. වසර ගණනාවක සිට වැදි ජනතාවගේ ඉල්ලීමක් වූ ආදිවාසී පනත ආමාත්‍ය මණ්ඩලයට යොමු කළා ආදිවාසීන් ඇතුළු අදාල ආයතන සමඟ සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදු කරනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 09 August 2026
බන්ධනාගාර නව මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න බන්ධනාගාර නව මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා පත් කර ඇත. 09 August 2026
අරගලේ වෙලාවෙ අපි අඩියක් පස්සට තිව්වා අරගලේ වෙලාවේ අපි අඩියක් පස්සට කිව්වා යැයි පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. දරුවන් මරා ඔවුන්ගේ ජීවිත මතින් ආණ්ඩුව රකින්න අවශ්‍ය නොවූ බවද රාජපක්ෂ මහතා කීය. 09 August 2026
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026