‘‘එල් නිනෝ තව දරුණු වෙනවා‘‘ එල් නිනෝ දේශගුණික සංසිද්ධිය දුර්වල තත්වයේ සිට මධ්‍යම තත්වය දක්වා වර්ධනය වෙමින් පවතින බවත් එල් නිනෝ තත්වය දැඩි එල් නිනෝ තතත්වයක් දක්වා වර්ධනයවීමට සියයට 81 ක සම්භාවිතාවක් තිබෙන බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්නගේ මහතා ප්‍රකාශ කළේය. 11 August 2026
තව මාස කීපයකින් සියලු රාජ්‍ය නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් තව මාස කිහිපයකින් සියලූම රාජ්‍ය සේවකයින්ට තවත් මූලික වැටුප් වැඩිවීමක් ලැබීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 11 August 2026
ගොවීන්ගේ වී මිලදී ගන්න ව්‍යාපාරිකයන්ට ණයක් වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ණය මුදලක් ලබා දීමේ වැඩපිළිවෙළක් පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (11) පැවති හමුවකදී පැවසීය. 11 August 2026
‘‘මහා නා හිමිවරුන්ගේ ලිපිය ජනපතිට ලැබුණ‘‘ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් යොමුකළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලැබුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී අද පැවසීය. 11 August 2026
සංවර්ධන වැඩ ඉවර කරන්න අගමැතිගෙන් ඉලක්කයක් 2026 වසර සඳහා අනුමත ප්‍රතිපාදන යටතේ ආරම්භ කළ සියලුම සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස තුන ඇතුළත අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. 11 August 2026
’අන්‍යෝන්‍ය වාසිදායක සහයෝගීතාව පුළුල් කිරීමට සහතික වෙනවා’ දෙරට අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීම, අන්‍යෝන්‍ය වාසිදායක සහයෝගීතාව පුළුල් කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන චීන පුරවැසියන්ගේ හා ආයතනවල අයිතිවාසිකම් සුරැකීම උදෙසා තමන් සහ සිය කාර්ය මණ්ඩලය උපරිමයෙන් කැපවන බවට ද නව චීන තානාපති වේයි හුවාෂියැං මහතා මෙහිදී සහතික විය. 11 August 2026
යුද්දෙ කාලේ රටින් පැන්න අයට නැවත එන්න අවසර යුද්ධ වාතාවරණ සමයේ අනුමත තොටුපොළකින් හා විධිමත් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් තොරව රටින් පිටව ගොස් ඉන්දියාවේ සරණාගතභාවය ලද ශ්‍රී ලාංකිකභාවය තහවුරු කරන ලද තැනැත්තන් ස්වේච්ඡාවෙන් පෙරළා සිය රට පැමිණීමේදී ආගමන නිශ්කාශන පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 August 2026
ට්‍රම්ප් හැංගිලා ගිහිල්ලා ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි බියෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ආහාර සැපයුම් ට්‍රක් රියක නැගී, හමුදා ගුවන් යානයකට ගොඩවී බ්‍රිතාන්‍යය දක්වා රහසේ ගමන් කළ පුවතක් වොෂින්ටන් පෝස්ට් පුවත්පත අනාවරණය කරයි. 11 August 2026
රාජිතට එරෙහිව නඩු කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් අත්තනෝමතිකව හා අනීතික අන්දමින් ප්‍රසම්පාදන කටයුතු වලීන් තොරව, කොරියානු සමාගමකට බද්දට දී රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය. 11 August 2026
සිරියාවේ හිටපු ජනපතිට මරණ දඩුවම සිවිල් යුද සමයේ සිදුකරන ලද යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්ට මරණ දඬුවම නියම කිරීමට සිරියානු අධිකරණයක් තීන්දු කර ඇත. 11 August 2026
නොරොච්චෝලේට ගල් අඟුරු දෙන්න සැපයුම්කරුවන් දෙන්නෙක් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය වෙත ගල් අඟුරු ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 August 2026
මැතිසබයේ සතියේ වැඩ මෙහෙමයි මීළඟ පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරේ 11 August 2026
අධිවේගී මාර්ග නඩත්තු වැඩට අලුතින් ගන්න වාහන මෙන්න අධිවේගී මාර්ග ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 August 2026
සරසවි සිසුවෙක් කොළඹ සරසවියෙන් ලක්ෂ 50ක වන්දි ඉල්ලයි විභාග අක්රමිකතාවයන් කර තමන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් නිරපරාදේ නාස්ති කිරීම හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු සිසුවකු නුගේගොඩ දිසා අධිකරණයේ වන්දි නඩුවක් ගොනු කළේය. 11 August 2026
මුතුරාජවෙලට නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 August 2026
පොල් වගාව දිරිගන්වන්න ආණ්ඩුවෙන් සල්ලි පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 August 2026
මෙට්‍රො බස්වලට පහසුකම් දෙන්න මිලියන 800ක් ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම වෙත හිමිකම් ප්රාග්ධනය සලසා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 August 2026
රජය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පරිවර්තනය කර වෙළෙඳ පොළට නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 August 2026
ගැරඬියෙකු බේරන්න බ්රේක් ගසා වාහන තුනක් ඇනගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්න දූව සහ කොක්මාදුව මාර්ගය හරහා අද (11) යමින් සිටි ගැරඬියකු බේරීම සඳහා තිරිංග තද කළ අති සුඛෝභෝගී මෝටර් රථයේ වාහන දෙකක් ගැටීමෙන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පින්නදූව අනුපාලක මධ්‍යස්ථානය සඳහන් කරයි. 11 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුවේ අයත් දන්නේ නෑ 22 වැනි සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් ඔවුන් කිසිවක් කියන්න දන්නේ නැතැයි පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 11 August 2026
කුඩු ජාවාරමුන් කුඩු බොන්නන් එකට තියන්න එපා බන්ධනාගාරවල අධික තදබදය මෙන්ම මත්ද්‍රව්‍ය ලෝලීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එකට රඳවා තැබීමද බන්ධනාගාරවල අර්බුද උත්සන්න වීමට ප්‍රධාන හේතුවක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසීය 11 August 2026
මාමා මරූ බෑනා දිවි නාහාගෙන බෑනා විසින් තම මාමාට උල් ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහුද තම නිවස තුලදී සිය දිවි හානි කර ගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව ලග්ගල පොලිසිය පවසයි. 11 August 2026
ළමුන්ට දෙන එන්නත් අඩු කිරීමේ නියෝගයකට ට්‍රම්ප් අත්සන් කරයි ළමුන්ට ලබා දෙන එන්නත් සංඛ්‍යාව අඩු කිරීමටත්, කම්මුල්ගාය , සරම්ප සහ රුබෙල්ලා සඳහා වන MMR එන්නත වෙන වෙනම ලබා දීමටත් නිර්දේශ කරන නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇත. 11 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට ඇවන්ගාඩ් සමාගමේ සභාපති ලෙස කටයුතු කල නිශ්ශංක සේනාධිපති මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවූ බව එහි ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය 11 August 2026
භූමිකම්පාවට බිලිවුණු ගණන 150 ක් ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියාව කැලැඹූ භූමිකම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 15 පසු කර ඇත. නිවාස සහ ගොඩනැගිලි සුන්බුල් අතරේ බොහෝ දෙනකු සිරවී සිටින බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි. 11 August 2026
නිළි රෝසමන්ඩ් පයික් අගමැතිනිය හමුවෙයි සම්මානනීය හොලිවුඩ් රංගන ශිල්පිනී රෝසමන්ඩ් පයික් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. 11 August 2026
කොලොම්බියා භූ කම්පනයෙන් 111ක් මරුට වසර ගණනාවකට පසු කොලොම්බියාවට බලපෑ ප්රබලතම භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් ඇති අතර, එරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. 11 August 2026
නීතිඥ සංගමය 22 වැනි සංශෝධනය ගැන ජනපති සමග සාකච්ඡාවක් අභියාචනාධීකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා (12) සිදු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පැවසීය. 11 August 2026
ගුරු හිඟයට විසඳුම් දෙන්න ඉහළ පෙලේ සාකච්ඡාවක් ගුරු හිඟය විසඳීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමුවී තිබේ. 11 August 2026
බදු පරිපාලනය වහා ඩිජිටල් කරන්න බදු පරිපාලන ප්‍රතිසංස්කරණ හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාව, පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානයට යොමුව තිබේ. 11 August 2026
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026