(එන්. ආරච්චි)

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂයේ සඳහා වූ අයවැය  ඡන්ද 3 කින් පරාජයට පත් විය .

අය වැයට පක්ෂව ඡන්ද අටක් ද විපක්ෂව ඡන්ද 11ක් ද ලැබිණි.

2027 වර්ෂය සඳහා වූ අයවැය සභාපති නිමල් ජයරත්න මහතා (ජාතික ජන බලවේගය )විසින් මහා සභාවට ඉදිරිපත් කරන ලදී .

එහිදී පැවැත්වුණු ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ජාතික ජන ජනබල වේගය නියෝජනය කරන සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු අට දෙනා පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂව උප සභාපති ජගත් ලීලාරත්න මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු කණ්ඩායම ,සමගි ජන බලවේගය ,සර්වජන බලය පක්ෂය සහ පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු එකොළොස් දෙනා විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ .

2027 වර්ෂය සඳහා අයවැයෙහි අපේක්ෂිත ආදායම රුපියල් 87632233.10 ක් වන අතර අපේක්ෂිත වියදම රුපියල් 87631695.22කි.