‘‘සීයට සියයක් කාබනික වගාවට යොමුවීම තනිව කළ නොහැකි‘‘ රට සීයට සීයක් කාබනික වගාවට රැගෙනයාම තනිව කළ හැකි දෙයක් නොවන බව රජය මේ වන විට ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (10) පැවසීය. 10 January 2022
මැතිසබයේ බතපතේ ගණන් උස්සයි ගෑස් ඉන්ධන කිරිපිටි එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගේ, සේවකයන්ගේ සහ අමුත්තන්ගේ ආහාර වේල්වල මිලද පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් මේ මාසයේ සිටම වැඩි කරනු ලැබ ඇත. 10 January 2022
තෙල් ටැංකි ගිවිසුමේ වැරදි ජනපතිට පෙන්නයි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘතියට අදාළව අත්සන් කර ඇති ගිවිසුමට අදාළ ක්‍රියාවලිය තුළ දේශපාලන හා තාක්ෂණික වැරදි රාශියක් සිදුකර ඇතැයි ජාතික සංවිධාන එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් දන්වා ඇත. 10 January 2022
අමාත්‍යංශ කීපයක විෂය පථයන් වෙනස් කරයි අමාත්‍යංශ 10ක ආයතන හා ඒවායේ කාර්යන් වෙනස් කරමින් ජනපතිවරයා විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි. 10 January 2022
විදුලිය කැපුවොත් කපන්නේ මෙහෙමයි විදුලි අර්බුදය හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට සිදු වුවහොත් දිවයිනපුරා විදුලිය විසන්ධි කරන කාලසටහන ලංකා විදුලිබල මණ්ඩලය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කළේය. 10 January 2022
පාඨලීගේ ඉල්ලීම ගැන තීන්දුව 24 රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් තමන් ඇතුලු තිදෙනකුට එරෙහිව පරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කර තිබූ ප්රතිශෝධන පෙත්සම විභාගයට ගන්නාවද? නැද්ද යන්න සම්බන්ධ නියෝගය ලබන 24 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය. 10 January 2022
සකුරායි ගුවන් සමාගමේ ප්‍රධානීන් දෙකක් සී.අයි.ඩී බාරයට පෞද්ගලික ගුවන් සමාගමක් වන සකුරායි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා සහ එහි ප්‍රධාන ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 10 January 2022
අලුතින් පක්ෂ තුනක් ලියාපදිංචියට නව දේශපාලන පක්ෂ තුනක් සඳහා ලියපදිංචිය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 10 January 2022
ජී.එම්.ඕ.ඒ නිලවරණය ගැන සී.අයි.ඩීය කරුණු කියයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2022 නිලවරණයේදී සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් වන පැමිණීල්ලකට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ අද (10) කරුණු වාර්තා කර ඇත. 10 January 2022
කොරෝනා මරණ 15 වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 January 2022
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලන කිරීමේ කාර්යය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමර්ග ගන්නා බව දේශීය ආදායම් සේවා සංගමය සඳහන් කරයි. 10 January 2022
බකමූණේ ගොවීහු කුඹුරට බැස විරෝධයේ ගුණාත්මක පොහොර ලබා දී අලි මිනිස් - ගැටුම ඇතුළු ඉල්ගැලීම්ට කීපයක් මුල්කර ගනිමින් බකමූණ ඔරුබැඳි සියඹලාව වෙල් යායේදී ගොවි උද්ඝෝෂණයක් පැවැත්විණි. 10 January 2022
සුසිල් ගැන පොහොට්ටුවේ තීරණය මේ සතියේදී රජය විවේචනය කිරීමේ චෝදනාව යටතේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණය ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය. 10 January 2022
කැරොලයින් - පුෂ්පිකා හබය සමථ මණ්ලයට ශ්‍රී ලංකා විවාහක රූ රැජිනට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියකට අදාළ ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍රන් යන අය සම්බන්ධයෙන් වන සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා කුරුදුවත්ත පොලිසියට අද (10) නියෝග කළේය. 10 January 2022
තැපැල් - දුරගමන් දුම්රිය හිටිහැටියේ අත්හිටුවයි දුම්රිය දෙපාර්තමේන්තුව රාත්‍රී තැපැල් දුම්රිය සහ ආසන වෙන්කළ හැකි සීග්‍රගාමී දුම්රිය කීපයක් අවලංගු කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය. 10 January 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට වාර්තා කීපයක්ම පිහිටුවමින් පසුගිය සතියේ කැපී පෙණන වර්ධනයක් ප්‍රදර්ශනය කළ කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය බලාපොරොත්තු නොවූ ලෙස අද (10) දිනයේ පහත වැටුණි. 10 January 2022
ගර්භණී මව්වරුන්ගේ පෝෂණ මල්ල යළි නවතී ලංකා සතොසින් මෙතෙක් ලබාදුන් ගර්භණී මව්වරුන්ගේ පෝෂණ දීමනා භාණ්ඩ මල්ල දෙසැම්බර් මස සිට අත්හිටුවා ඇති බව ලංකා සතොස උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 10 January 2022
‘‘ඇතුලෙදී නොකියා එළියෙදී විවේචනය වැරදියි‘‘ ආණ්ඩුවේ සිටිමින් එහි අභ්‍යන්තරයේ දී විවේචන ඉදිරිපත් නොකර, එළියේ දී ආණ්ඩුව විවේචනය කිරීම කැබිනට් සම්ප්‍රදායට පටහැනියැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (10) ප්‍රකාශ කළේය. 10 January 2022
‘‘අපි ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම්‘‘ පුළුල් ජාතික වැඩපිළිවෙලක් සහිත නව සන්ධානයක් තුළින් අනාගතයේ ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 10 January 2022
දුම්රිය මාර්ගයට පාත් කළ ගුවන් යානය දුම්රියේ ගැටේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර කුඩා සැහැල්ලු ගුවන් යානයක හදිසි ගොඩබෑමක් කරද්දී, දුම්රියක ගැටුණි. දුම්රියේ ගැටුණු කුඩා ගුවන් යානය සුනුවිසුණු වූ නමුත් යානයේ නියමුවා බේරා ගැනීමට ලොස් ඇන්ජලීස් පොලිස් නිලධාරීහු සමත් වූහ. 10 January 2022
ගෑස් සමාගම ඉලක්කය සපුරයි ලිට්රෝ ගෑස් සමාගම ගෑස් පිරවුම් සහ බෙදාහැරීමේ කටයුතු දෛනික අවශ්‍යතාවටත් වඩා වැඩියෙන් සිදුකරමින් යථා තත්වයට පත්කර ඇති බවත් ගෘහස්ථ සහ වාණිජ වෙළෙඳපොළ අවශ්‍යතාවයට සරිලන ගෑස් තොග එම සමාගස සතුව ඇති බවත් එම සමාගමේ වෙළෙඳ ජාල සංවර්ධන සහ ව්‍යාපාර සන්නිවේදන අංශය අද (10) පැවසීය. 10 January 2022
‘විදුලි අර්බුදයට විසඳුම් සොයන්න‘ ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල හා බලශක්ති ක්ෂේත්රයේ ප්‍රධානීන්ට අද (10) උපදෙස් දුන්නේය. 10 January 2022
බස් - ටිපර් ගැටී 29ක් රෝහලට මුතුර් පට්ටිතිඩල්, පුල්ලයාර් ප්‍රදේශයේදී ටිපර් රථයක් හා බස්රථ මුහුණට මුහුණ ගැටීමෙන් 29 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 10 January 2022
‘රෝග ලක්ෂණ තිබේ නම් පාසල් එවන්න එපා‘ පාසල් දරුවන් තුළ ‘කොවිඩ්’ රෝග පැතිර යෑම වැළැක්වීම සඳහා කටයුතු කිරීමේ වගකීම දරුවන්, දෙමව්පියන්ට, අධ්‍යයන සහ අනධ්‍යනය කාර්ය මණ්ඩල යන පාර්ශව හතරටම පැවරෙන බවත් මෙම පිරිස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුමනය කළ හොත් අවධානමෙන් ගැලවිය හැකි බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. 10 January 2022
’’ශාටා’’ රඳවා ප්‍රශ්න කරන්න අවසර හෙරොයින් කිලෝ 400 ක් සහ පිස්තෝල වර්ගයේ ගිනි අවි 40ක් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළැයි කියන මහා පරිමාණ ජාවාරම්කරුවෙකු වන උදයංග ලක්මාල් නොහොත් ’’ශාටා’’ ලබන 14 වැනිදා තෙක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය . 10 January 2022
මල්වතු ඔයේ දිය නෑ සිසුව අතුරුදහන් වෙන්නප්පුවේ සිට මඩු වන්දනාව සදහා පැමිණි නඩයක සිටි 17 හැවිරිදි සිසුවකු මල්වතූඔයේ දිය නාද්දී අතුරුදන් වී ඇතැයි තන්තිරිමලේ පොලීසිය කියයි. 10 January 2022
පැල් රැක්ක පියා අභිරහස් ලෙස මරුට මැදිරිගිරිය කදුරුගස්වැව හේනක පැල් රකිමින් සිටි පස් දරු පියකුෙ මියගොස් සිටියදී අද සොයා ගත් බව මීගස්වැව පොලිසිය කියයි. 10 January 2022
කොළොම්තොටේ තැන් තුනකින් මළ සිරුර තුනක් වැල්ලවත්ත සහ බම්බලපිටිය මුහුදු වෙරළට පිරිමි නිරුවත් මළ සිරුරු දෙකක් ගොඩ ගසා තිබියදී සොයාගත් බව පොලීසිය කියයි. 10 January 2022
ලෙඩට බොන බෙහෙතුත් නැතිවෙන ලකුණු ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80 ක පමණ හිගයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයෙය් සභාපති රවී කුමූදේශ් මහතා පැවසීය. 10 January 2022
’’අනාගත පරම්පරාව සඳහා ප්රජාතන්ත්රවාදය’’ සමුළුව පැවැත්වෙයි ’’අනාගත පරම්පරාව සඳහා ප්රජාතන්ත්රවාදය’’ පිළිබඳ සමුළුව ඉන්දියාවෙි නවදිල්ලි නුවර දී පැවැත්විණි. 10 January 2022
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026