බොරු ලිපියක් ගැන කියන්න ගුරු සංගම් ප්‍රධානියා සී.අයි.ඩියට යයි ගුරුවරුන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ව්‍යාජ ලියවිල්ලක් සකස්කර වැරදි සහ ජනතාව නොමඟ යවන සුළු තොරතුරු සමාජගත කළේ යැයි කියන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (2) පැමිණිල්ලක් කළේය. 03 August 2021
පිළිස්සී මියගිය මෙහෙකාර දැරිය රැඳී සිටි කාමරයේ බිත්තියක සටහනක් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනිගෙන පිළිස්සී මිය ගිය බව කියන දැරිය නවාතැන් ගෙන සිටි කාමරයේ බිත්තියක ලියා තිබූ ’’මගේ මරණයට හේතුව’’ යනුවෙන් සඳහන් වැකියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 03 August 2021
ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරස ව්‍යාප්තිය අවම වන පරිදි රාජකාරි කටයුතු සිදුකෙරෙන බැවින් කොන්සියුලර් සහ වීසා කටයුතු ඇතුළු මහජන සේවා ඉටු කිරීමේදී ඇතැම් විට වැඩි කාලයක් ගතවනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 02 August 2021
රිෂාඩ්ගේ නිවෙස රස පරීක්ෂක නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ කොළඹ පිහිටි නිවෙස රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද පරීක්ෂාවට ලක් කළ බව රජයේ රස පරීක්ෂිකා ගෞරි රාමණා මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 02 August 2021
අද කොවිඩ් ආසාදිතයන් 2,382ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 702 දෙනකු අද (2) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 02 August 2021
ශ්‍රී ලංකාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය සතුටින් ශ්‍රී ලංකාව සමස්ත ජනගහනයෙන් සියයට 10ක් එන්නත් කිරීමට දක්නට ලැබීම සතුටට කරුණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් අදනොම් ගේබ්‍රියේසස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 02 August 2021
දුමින්දට විදෙස් ගත වීම වළක්වන්නැයි ඉල්ලා පෙත්සමක් ජනාධිපති සමාව ලැබ සිටින හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මෙරටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන නීතීඥ ගසලි හුසේන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (02) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 02 August 2021
’’විශ්රාමගිය හෙද හෙදියන් සේවයට කැඳවන්න’’ කොරෝනා වයිරසය රට පුරා තදින් පැතිර යාමෙන් තිබෙනවා නමුත් ඒ සඳහා රෝහල් ප්‍රමාණවත් හිත කාර්යමණ්ඩලයක් නැතැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි. 02 August 2021
’’පළමු ශ්‍රේණියේ අයදුම්පත් කුරියර් සේවාවෙන් එවන්න’’ රජයේ පාසල්වල 2022 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් ’’ස්පීඩ් පෝස්ට්’’ කොරියානු සේවාව ඔස්සේ යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 02 August 2021
“ආණ්ඩුවට එරෙහිව ශක්තිමත් බලවේගයක් නිර්මාණය කරනවා’’ ආණ්ඩුවට එරෙහිව ශක්තිමත් බලවේගයක් නිර්මාණය කරන බව සමඟි ජනබලවේගයේ ක`ඵතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය. 02 August 2021
කොවිඩ් මරණ තවත් 63ක් කොවිඩ් ආසාදිතවූ තවත් 63දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,680ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,680 දෙනකු අද (2) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 02 August 2021
හෙට සිට පැය 24කට ප්‍රදේශ කීපයක ජල සැපයුම අත්හිටුවයි වත්තල සහ අවට ප්‍රදේශ කීපයක හෙට (03) පෙරවරු 10.00 සිට පසුදින පෙරවරු 10.00 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. 02 August 2021
සජබය කොතලාවල පනතට එරෙහිව වෙයි ’’නිදහස් අධ්‍යාපනය සුරකිනු. කොතලාවල පනත හකුලා ගනු’’ මැයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියෙහි අද(02) විරෝධතාවක් පැවැත්විණ. 02 August 2021
රජයේ සේවකයන්ගේ පැමිණීම ඉහළ මට්ටමක රාජ්‍ය සේවකයයන් සේවයට පැමිණීම ඉහළ මට්ටමක පැවැති බවත් එය සියයට 80 වඩා වැඩි බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියයි. 02 August 2021
‘‘රිෂාඩ්ගේ නිල නිවස මට දුන්නත් මා එය පාවිච්චි කළේ නැ‘‘ වෙළෙඳ අමාත්‍යවරයාට හිමි දැනට විවාදයට ලක්ව තිබෙන කොළඹ නිල නිවස පාවිච්චි නොකළ බවත් එය සතොස සේකවයන්ට නවාතැන් ගැනීමට ලබාදී ඇති බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 02 August 2021
‘‘අධ්‍යාපන ගැටළු විසඳන්න තේරීම් කාරක සභාවත් පත් කළ යුතුයි‘‘ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන පිළිබඳව පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර පොදු නිර්දේශයක් ලබාගැනීමට සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 02 August 2021
කොවිඩ් මැද්දේ ලංකා බැංකුව ලාභ උපයලා: මුදල් කමිටුවේ දී තොරතුරු හෙළිවේ ලංකා බැංකුව මේ වසරේ මුල් මාස හතරේදී රුපියල් කෝටි 196 කට වැඩි ආදායමක් උපයාගෙන ඇති බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 02 August 2021
අධ්‍යාපන ඇමති ගුරුවරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි සියලුම රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය පරිදි කාර්යාලවලට පැමිණ රාජකාරී කළ යුතු බවට රජය දැනුම් දී ඇති බැවින් පාසල්වලට පැමිණ පාසැල් විවෘත කිරීමට අවශ්‍ය පෙර සූදානම් කටයුතුවලට යෙදෙන්නැයි සියලු ගුරු භවතුන්ගෙන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් තමන් ඉතා ඕනෑකමින් සහ ආයාචනාත්මකව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 02 August 2021
මැදිරිගිරියේ ගොවීහු වී වලට සහතික මිලක් ඉල්ලති වී මිල වහා වැඩි කර, පොහොර සහනාධාරය නැවත ලබා දෙන්නැයි රජයට බල කරමින් මැදිරිගිරියේ ගොවීහු මැදිරිගිරිය නගරයේ දී අද විරෝධතාවයක නිරතවූහ. 02 August 2021
රනිල්ගෙන් රිට් පෙත්සමක් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් අද ගොනු කළේය. 02 August 2021
සිසුන් 100ට අඩු පාසල් 2962ක් ශ්‍රී ලංකාව තුළ සිසුන් 100ට අඩු පාසල් 2962ක් ඇති බවත් එම පාසල් පළමුවෙන්ම වීවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 02 August 2021
කොරෝනා අසාදිතවී ඉකුත් මාසයේදී පොලිසියේ 5 ක් මැරිලා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉකුත් ජූලි මාසයේදී පොලිස් නිලධාරීන් පස් දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 02 August 2021
ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට ඔන්ලයින් සහාය කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කර ගැනීමට මාර්ගගත හා කෙටි පණිවුඩ (එස්.එම්.එස්) මගින් සිදුකල හැකි බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. 02 August 2021
‘ඇස්ට්‍රාසෙනිකා’ ඉතිරි තොගය සෙනසුරාදා ලංකාවට ජපාන රජයෙන් මෙරටට පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා ඉතිරි එන්නත් තොගය ලබන සෙනසුරාදා (7) රැගෙන ඒමට නියමිත බව ජපාන තානාපති, අකිරා සුගියාමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත. 02 August 2021
දිවා රැ නොබලා යුද හමුදාව එන්නත් කරණයේ කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දි පැය 24 පුරා සිදු කෙරෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරණ වැඩසටහනේ දී ඉකුත් 24 පැයේ පුද්ගලයන් 19,000 දෙනකුට එන්නත් ලබා දුන් බව යුද හමුදාව කියයි. 02 August 2021
හැටන් - නුවරඑළිය පාරට මාර ගසක් වැටේ හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රාදේශිය රෝහල ආසන්නයේ පිහිටි මාර ගසක් අද දහවල් ප්‍රධාන මාර්ගයට කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයකට ආසන්න කාලයක් නතර වූ බව දිඹුල පොලිසිය පවසයි. 02 August 2021
ජාතික සේවක සංගමය ගොනු කළ අභියාචනයක් නිෂ්ප්රභා කරයි පිළිගත හැකි සාධාරණ හේතුවක් නොමැතිව සැලකිය යුතු කාලයක් සේවයට වාර්තා නොකර සිටින සේවකයකු සේවය හැර ගියා සේ සලකා කටයුතු කිරීම ට සේවා දායකයකුට සාධාරණ අයිතියක් ඇති බව තීන්දු කරමින් ජාතික සේවක සංගමය ගොනු කළ අභියාචන පෙත්සමක් නිෂ්ප්රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. 02 August 2021
අද සිට දුම්රිය ධාවනය වන අයුරු රජයේ ආයතනවල රාජකාරී කටයුතු අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම හේතුවෙන් දුම්රිය ගමන්වාර 104ක් ක්‍රියාත්මක කරවීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තෙම්න්තුව පියවර ගෙන ඇත. 02 August 2021
මාවුස්සාකැලේ දොරටු වරින් වර අරී මවුස්සාකැලේ ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු අද දින 12ක් වරින් වර විවෘත කර තබන බවට විදුලි බල මණ්ඩලය දැන් වූ බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි. 02 August 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026