ඇමැති මහා මාර්ග අමාත්‍යංශයේ ලොක්කන්ට ඉවත් වෙන්න කියයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යංශය යටතේ පවතින සියලුම ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉවත් වන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වේ. 10 January 2022
සූ කී ට තවත් අවුරුදු 4 ක සිරදඩුවමක් මියන්මාරයේ බලය අල්ලා ගත් හමුදා පාලකයන්ගේ අත්අඩංගුවේ පසුවන මියන්මාර ප්රජාතන්ත්ර නායිකා අවුන් සාන් සූ කී, යළිත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ, චෝදනා තුනක් සම්බන්ධයෙන් වරදකාරිය වූ අතර ඇයට සිවු වසරක සිරදඬුවම් හිමිවිය. 10 January 2022
නීතිඥ සංගමයේ පෙත්සම සලකා බැලීමට අවසර විදේශ රටවල සිට බැංකු ගිණුම් හරහා මෙරටට එවන සියලු මුදල් ශ්‍රි ලංකා රුපියල් බවට අනිවාර්ශයෙන් පරිවර්තනය කළ යුතු බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහාතා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා නීතිඥ සංගමය ගොනු කළ පෙත්සම ලබන 20 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය. 10 January 2022
සියලු පක්ෂ නායකයෝ හෙට පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සියලු පක්ෂ නායකයෝ පාර්ලිමේන්තු සංකීරණයට හෙට (11) දහවල් කැඳවනු ලැබ සිටිති. 10 January 2022
සිම්බාබ්වේ ක්‍රිකට් පුහුණුකරුට කොවිඩ් තරග සංචාරයක් සඳහා අද (10) අලුයම ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉන්දීය ජාතික ලාල්චාන්ඩ් රාජ්පුට් මහතා ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 January 2022
‘බීජ නිෂ්පාදනයේ හරි තොරතුරු කෘෂි දෙපාර්තමේන්තුවේ නෑ‘ ශ්‍රී ලංකාවෙි බීජ අවශ්‍යතාව හා බීජ නිෂ්පාදනය පිළිබඳ නිවැරදි තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 10 January 2022
‘ආණ්ඩුව ජනතාව මුලා කරමින් සිටිනවා‘ ආණ්ඩුව රටේ ආර්ථිකයට සිදුකර තිබෙන හානිය මුදල් අච්චු ගැසීමෙන් හෝ ඇමතිවරු හා රාජ්‍ය නිලධාරීන් තනතුරුවලින් ඉවත් කිරීමෙන් නිවැරදිකරගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 10 January 2022
‘රජයේ ආයතනවල වියදම් තවත් අඩු කරන්න‘ රජයේ ආයතනවල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් ඇමැතිවරුන්ට දැනුම්දී ඇතැයි වාර්තා වේ. 10 January 2022
නාඳුනන විදේශිකයා ගුවන්තොටේ චිත්‍රපටයක් රඟයි ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් රටට පැන යාමට තැත් කළ ජාතිකත්වය හදුනා නොගත් විදේශිකයෙකු පැනයාමට උත්සාහා ගනිද්දී , කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා අද (10) අත්අඩංගුවට ගෙන ඇත. 10 January 2022
‘‘විදුලිබල මණ්ඩලයට ඩොලර් හොයන්න මට බෑ‘‘ ඛනිජ තෙල් අර්බුදයෙන් ගොඩ ඒමට ඩොලර් සොයන මට විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ද ඩොලර් සෙවීමේ හැකියාවක් නැතැයි ඇමැති උදය ගම්මන්පිල මහතා පවසයි. 10 January 2022
යුගදනවි ගිවිසුමට එරෙහි නඩුව විභාගයට යුගදනවි විදුලි බලාගාරය ඇමෙරිකා සමාගමකට පැවැරීමට එරෙහිව පැවරූ නඩුව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද විභාගයට ගත්තේය. 10 January 2022
කිත්සිරි කහටපිටිය දිවියෙන් සමුගනී බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක පළාත්සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත විය. 10 January 2022
මෛත්‍රීගෙන් චෝදනා පත්‍රයක් ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව දිනන්නට බැහැ යැයි කී පොහොට්ටුවේ නායකයන් ජනාධිපතිවරයෙන් පසු, කරපිංචා මෙන් එය භාවිතා කර විසිකර දැමූ බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 10 January 2022
වායු ගෝලය කැළඹෙයි:වැස්ස වැඩි වෙයි දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 January 2022
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලංකාව සමග ඕවර් 50 සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියක සහභාගී වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම මෙරටට පැමිණ ඇත. 10 January 2022
කාදිනල්තුමෝ පාස්කු ප්‍රහාරය ගැන ඇති සැකයක් ගැන කියති ජනතා ඡන්දය ලබා ගැනීම ඉලක්ක කරගනිමින් පාස්කු ප්‍රහාර සිදුවීමට ඉඩ හැරියේද යන්න ගැන සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 10 January 2022
නෑනාගේ රන්වලට විද්ද දෙදරු මව මාට්ටු තම නෑනාගේ රන් භාණ්ඩ තොගයක් සොරාගත් බව කියන තල්පොත ප්‍රදේශයේ දෙදරු මවක පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 January 2022
ලොව වටා යන ඔමික්‍රෝන් රැල්ල තවත් දැඩි වෙයි ඔමික්‍රොන් රැල්ල ඉතා වේගයෙන් පැතිර යන අතර ආසාදිතයන් වැඩි වුවත් මරණ අඩු වී ඇතැයි කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සකසා ඇති වාර්තාවකින් පවසයි. 09 January 2022
විපක්ෂ නායක නාගදීපය වැඳපුදා ගනී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යාපනය නාගදීප පුරාන රජමහා විහාරයට ගොස් අද ආගමික වතාවත් වෙනුවෙන් සහභාගී විය. 09 January 2022
ගාමිණි අම්බලන්ගොඩ දිවි රඟමඬලෙන් බැසයයි ප්‍රවීන විකට රංගන ශිල්පියකු වූ ගාමිණී අම්බලන්ගොඩ මහතා අභාවප්‍රාප්ත විය. 09 January 2022
ඖෂධ හිඟයක් නැහැ:ගබඩා කරගන්න එපා රටේ කිසිදු අත්‍යවශ්‍ය ඖෂධයක හිඟයක් නැති හෙයින් අනවශ්‍ය ආකාරයට ඖෂධ නිවෙස්වල ගොඩගසා ගැනීමෙන් හෝ ගබඩා කිරීමෙන් වළකින්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි . 09 January 2022
ලෝකල් ‘‘එල්විස් ප්‍රෙස්ලි‘‘ සමුගනී ප්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී අභාවප්‍රාප්ත විය. 09 January 2022
කොරෝනා මරණ ප්‍රමාණය පහළට කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 7දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය. 09 January 2022
කහටගහ පතලේ සේවකයන්ට තහංචියක් කහටගහ පතලේ සේවකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සේවකයනට පතල් පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කරමින් එහි ප්‍රධාන ගේට්ටු ඉබි යතුරු යොදා වසාදැමීමට පාලනාධිකාරිය කටයුතු කිරීමත් සමග එහි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. 09 January 2022
සිමෙන්ති හිඟයෙන් ඉදිකිරීම්වලටත් බාධා වෙළෙඳපොළේ පවතින අධික සිමෙන්ති හිඟය නිසා ඉදිකිරීම් වැඩ බිම්වලින් සියයට 50ක පමණ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයි ඉදිකිරීම් සමාගම් පවසයි. 09 January 2022
ගල්අඟුරු හිඟ වෙයි:විදුලිය නැති වෙයි? ඩොලර් හිගය හේතුවෙන් ඉදිරියේදී ගල් අගුරු ආනයනය සීමාවීමේ දැඩි අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය. 09 January 2022
දිනපතා විදුලිය කපන්න ලංවීමට අවසර දිනපතා විදුලිය කප්පාදුවක් කිරීමට ලංවීමට අවසර දුන් බව ශ්‍රීලංකා මහජන අපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. 09 January 2022
එස්.ටි.එෆ්. පළමු ඒ.එස්.පී.වරිය පත් වෙයි පොලිස් විශේෂ කාර්යය බලකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා සහකාර පොලිස් අධිකාරිවරිය ලෙස එන්.ටි.එන්.කුමාරි මහත්මිය උසස්වීම් ලබා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා පවසයි. 09 January 2022
‘‘ආණ්ඩුව බේරන්න මුක්කු ගහන්න එජාප නායකත්වය සූදානනම් නෑ‘‘ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වී ජාතික ආණ්ඩුවක් හදනවා නම් ඊට නායකත්වය දීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් නමුත් රටේ මතුව තිබෙන ප්‍රශ්න වලින් වත්මන් ආණ්ඩුව බේරා ගැනීම සඳහා මුක්කු ගැසීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 09 January 2022
කොළඹ සිට කන්කසන්තුරේට සැප දුම්රියක් කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන් ගන්නා මගීන්ට සියලු පහසුකම් සහිත සුබෝපභෝගී දුම්රිය සේවාවක් අද(09) සිට ආරම්භ කෙරෙණි. 09 January 2022
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026