’’ෆයිසර්’’ එන්නත් තවත් 608,000ක් මෙරටට ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් තවත් මාත්‍රා 608,000 ක් අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ . 19 October 2021
දුම්රිය කෝටි ගණනක් විහින් කාබාසිනියා කරලා කොළඹ වරායෙන් පිට කෙරෙන කන්ටේනර් හා අනෙකුත් භාණ්ඩ දුම්රිය මගින් ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනයට ප්‍රවාහනය නොකිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 12කට ආසන්න ආදායමක් අහිමිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලූත්ම වාර්තාවේ සඳහන් වේ. 19 October 2021
අද රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැස්ස උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් රාත්‍රී කාලයේදී හෝ සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 October 2021
අඹන්පොළ ගම්මුලාදැණි ඝාතනයේ දෙකක් හඳුනා ගැනෙති අඔන්පොල දකුණ ග්‍රාම නිලධාරිවරයාට අමානුෂික ලෙස තියුණු ආයුධවලින් පහරදී කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් කර සිටින සැකකරුවන් තිදෙනා අතරින් සැකකරුවෝ දෙදෙනෙක් සාක්සිකරුවකු විසින් විවෘත අධිකරණයේදී හදුනා හදුනා ගනු ලැබූහ. 19 October 2021
සමස්ත වැසියන්ගෙන් සියයට 70 එන්නත් මෙරට සමස්ත ජනගහනයෙන් සියයට හැත්තෑවකට ඉදිරි සතියේදී එන්නත් මාත්‍රා දෙකම ලබාදී පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට අපේක්ෂා කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි. 19 October 2021
නයිට්රජන් දියර පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය මහ කන්නය සඳහා අවශ්‍ය නැනෝ නයිට්රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අද (18) අනුමැතිය ලබා දුන්නේ ය. 18 October 2021
කොවිඩ් ආසාදිතයන් තව 103ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 103 දෙනකු අද(18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 18 October 2021
පාලම හැදුවත් පාර වහන්නෑ කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ලබන 21 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වා මාස දෙකක කාලයක් සඳහා කොළඹ - හොරණ මාර්ගයේ වාහන ධාවනය සීමා කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසයි. 18 October 2021
කොවිඩ් මරණ 23ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. 18 October 2021
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට එරෙහිව අතුරු නියෝගයක් නිවාස සෑදීමට සමාගමකට ලබා දී තිබියදී,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ගේ උපදෙස් මත පවරා ගත් කොළඹ 10 , ඩාර්ලි පාරේ ඉඩම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගෙන, පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙන යන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද එම අධිකාරිය වෙත අතුරු නියෝගයක් නිකුත් කළේය. 18 October 2021
පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ට දඬුවම් කරන්න පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ ත්රස්තවාදීන්ට දඩුවම් දී කතෝලික ජනතාවට සාධාරණය ඉටුකළ යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 18 October 2021
අධ්‍යාපනයේ මළගමට අත තබන්න එපා! එක් පසෙකින් රටේ අධ්‍යාපනය විනාශ කරන ආණ්ඩුව අනෙක් පැත්තෙන් කෘෂි ආර්ථිකය විනාශ කොට රට සාගතයකට තල්ලුකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 18 October 2021
කඩවුණු පොරොන්දුවක් ගැන ආනයනකරුවෝ මතක් කරති මාසයකට සීනි හා පරිප්පු මෙට්ට්‍රික් ටෝන් 2500ක් බැගින් ඉන්දියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන බවට මීට මාස දෙක තුනකට කලින් වෙළෙඳ අමාත්‍යංශය ප්‍රකාශ කළද රජය මැදිහත් වීමෙන් මෙතෙක් සීනි හෝ පරිප්පු ඇටයක්වත් මෙරටට ගෙන්වා නැතැයි ආනයනකරුවෝ පවසති. 18 October 2021
ලංකා මුහුදට යන්න එපා තමිල්නාඩු පොලිසිය එරට ධීවරයන්ට කියයි ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන්නැයි ඉන්දියාවේ තමිල්නාඩු පොලීසිය එරට ධීවරයින්ට දැනුම් දී ඇතැයි චෙන්නායි හී ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියා සිටී. 18 October 2021
සීනි පාලන මිල ඉවත් කරන්නැයි ඉල්ලයි සීනි පාලන මිල වහා ඉවත් කරන්නැයි ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවන් දස දෙනකු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් මගින් ඉල්ලා ඇත. 18 October 2021
කොවිඩ් ආසාදිතයන් 467ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 467 දෙනකු අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 18 October 2021
රැකියා විරහිත උපාධිධාරිහු ලිපියක් බාර දෙති උපාධි සහ අමාත්‍යංශය දැක්වූ සුදුසුකම් සම්පූර්ණ කර මාස හතක කාලයක් ගතවීමෙන් පසුව ද අභ්‍යාසලාභී පත්වීම් නොලැබීම සම්බන්ධයෙන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් අද (18) ලිඛිත විමසීමක් කළේය. 18 October 2021
මැදි සහ දිගු දුර ක්‍රීඩකයන්ට කෙන්යාවේ පුහුණුව මැදි සහ දිගු දුර ධාවන ඉසව් නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනෙක්ට කෙන්යාවේ මාධ්‍ය සහ දිගුකාලීන පුහුණුවීම්වල නිතර වීමට අවස්ථාව ලැබෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 18 October 2021
පැන්ඩෝරා සිද්ධිය ගැන තවත් පිරිසකගෙන් ප්‍රකාශ ගන්න යයි ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරගෙන යන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි. 18 October 2021
ඉන්ධන මිල වැඩි කරන්න අදත් ඉල්ලයි ඉන්ධන මිල ඉහළ දමන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් අද (18) නැවත ඉල්ලීමක් කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා පැවසීය. 18 October 2021
රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය. 18 October 2021
ලංකා විදුහල්පති සංගමයත් 25 සිට සේවයට රටපුරා පාසල්වල සේවය කරන ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් ද මේ මස 25 වැනි දා සිට සේවයට වාර්තා කිරීමට තීන්දුවක් ගත් බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පවසයි. 18 October 2021
තාත්තාගේ අඩි පාරේ යන දහම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ඒකච්ජන්දයෙන් තේරිපත්විය. 18 October 2021
ලක්ෂ 13ක කහ මන්නාරමෙන් අල්ලයි රුපියල් ලක්ෂ 13ක් වටිනා කහ තොගයක් නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෝ දෙදෙනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මන්නාරමේදී අද පෙරවරුවේදී අත්අඩංගුවට ගනු ලැබූහ. 18 October 2021
යුගදනවි පැවැරීම ගැන ආණ්ඩුවේ හවුල් පක්ෂ තීරණය ළඟදීම කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුවට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල මතය රටට ළගදීම ඉදිරිපත් කිරීමට එම පක්ෂවල නායකයන් තීරණය කර ඇත. 18 October 2021
මුං ඇට මිලට ගන්න දිසාපතිවරුන්ට රජයෙන් මුදල් වෙවර මුං ඇට අස්වැන්න මිලදී ගැනීම සඳහා දිසාපතිවරුන්ට මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. අතරමැදි බෝගයක් ලෙස වගා කර ඇති මුං ඇට අස්වැන්න විකුණා ගැනීමට නොහැකි බවට ගොවීන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කීරිමෙන් පසු මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. 18 October 2021
දිසාපතිගේ නියෝගයෙන් නුවරඑළියට වැටක් පිට පළාත්වලින් ජනතාව නුවරඑළියට පැමිණියහොත් ඔවුන් වහාම නැවත හරවා යවන්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ මහතා පොලිසියට උපදෙස්දී ඇත. 18 October 2021
අබලන් පාලම බලන්න ගිය මන්ත්‍රී අනතුරකට මුහුණ දෙයි හාලිඇළ සහ ඌවපරණගම මැතිවරණ කොට්ඨාස යාකමින් ඌමා ඔය මතින් සුදු පාලකයන් ඉදිකළ හළාඹ යකඩ පාලමේ අබලන් තත්ත්වය සොයා බැලීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා එහි ලෑල්ලක් කැඩී දෙපා පහළට ගොස් පාලම මත ඇද වැටිණි. 18 October 2021
සූදු කෙළියේ යෙදුණු කතුන් 5 ක් ඇතුළු 9 ක් මාට්ටු මුදල් ඔට්ටුවට සූදු කෙළීමේ ජාවාරමක් වටලා , කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු නවදෙනකු , ඔට්ටු තැබීමට සන්තකයේ තබාගෙන තිබූ රුපියල් හය ලක්ෂ අනූ පන්දහසක මුදලක් ද සමග අද (18) අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි . 18 October 2021
යුගදනව් දුන්නාට කාදිනල්තුමන්, ඇල්ලේ ගුණවංශ හිමිගෙන් පෙත්සමක් කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ සියයට 40 කොටස් ඇමරිකාවේ සමාගමකට පවරාදීමට එරෙහිව සහ එම සමාගමට ද්‍රව වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හා ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය. 18 October 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026