නීතී විරෝධීව ගෙනා ඖෂධ - එන්නත් තොගයක් අල්ලයි නීතී විරෝධීව තීරු බදු රහිතව මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මිළ කළ නොහැකි වටිනාකමින් යුතු ඖෂධ හා එන්නත් විශාල තොගයක්, කල්පිටිය කන්ද කුලිය මුනේ දූපතේ වසා දමන ලද මා දැල් වාඩියක ගබඩා කර තිබියදී කල්පිටිය පොලිසිය විසින් අද (4) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. 04 August 2025
විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් මාට්ටු මිනුවන්ගොඩ දෙවලපොල ප්‍රදේශයේ සිදුකල හදිසි වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, අපරාධ සදහා භාවිතා කළ බවට සැකකෙරෙන යතුරු පැදියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි. 04 August 2025
මහනුවරට විශේෂ රථවාහන සැලැස්මක් මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර පැවැත්වෙන ඉදිරි දින කිහිපය තුළදී නගරයේ සියලු වීදි වැසී යන බැවින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කොට ඇති බව පොලිසිය කියයි. 04 August 2025
සජබ මන්ත්‍රීගේ සූදු පොළ වටලයි ඉපලෝගම ප්‍රාදේශීය සභා සභිකයකු පවත්වාගෙන ගිය සූදු පොළක් වැටලු පොලිසිය ප්‍රාදේශීය සභා සභීකයකු ඇතුලු පුද්ගලයන් 15 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත. 04 August 2025
පොලිස් නිලධාරීන් 35කට ස්ථාන මාරු පොලිස් පරීක්ෂක තනතුරේ සිට ජේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරු දක්වා පොලිස් නිලධාරීන් 35 ක් උදෙසා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි 04 August 2025
ටෝනර් සොරා ගත් පොලිස් කොමිෂන් කාකාසට ඇප ජාතික පොලිස් කොමිෂන් සභා කාර්යාලයේ තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමන් යුත් ප්‍රින්ටර් ටෝනර් 12 ක් සොරා ගත් බව කියන කාර්යාල සහායකයකට එරෙහිව චෝදනා ගොනුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය කුරුඳුවත්ත පොලිසියට අද (4)නියෝග කළාය. 04 August 2025
හොඳ ආර්ථිකයක පළමු පියවර දේශීය ගොවියා රැකීමයි සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ පළමු පියවර විය යුත්තේ දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 04 August 2025
පසුගිය මාස 4ට ත්‍රිවිධ හමුදා සෙබළු 3504ක් අත්අඩංගුවට සක්‍රීය සේවයේ යෙදී සිටියදී නිවාඩු ලබා සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සෙබළුන් 3504ක් ඉකුත් පෙබරවාරි 22 වැනිදා සිට පෙරේදා 3 දක්වා මාස 4 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් ෆ්රැන්ක්ලින් ජෝශප් මහතා පැවැසීය. 04 August 2025
හිටපු ජනපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා ගෙන් පැය හයක් ප්‍රශ්න කරයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරියක ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 6 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය. 04 August 2025
සෞඛ්‍යයට කාටත් සමාන ඉඩක් දෙන ප්‍රතිපත්තියක් එළි දකියි “සාර්ව සෞඛ්‍ය ආවරණය (Universal Health Coverage – UHC) සඳහා සෞඛ්‍ය සේවා සැපයීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය” සහ “සෞඛ්‍ය ප්‍රතිපත්ති වල ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රධාන ප්රවාහයට ගෙන ඒම සඳහා වන මාර්ගෝපදේශය” විශ්ලේෂණය කිරීමේ වාර්තාව එළිදැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී සිදු විය. 04 August 2025
සමාගම් පනතට කථානායක සහතිකය සමාගම් (සංශෝධන) පනත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (04) සිය සහතිකය සටහන් කළේය. 04 August 2025
උපන් ඇඳුමින් බයිසිකලයේ ගිහින් කඳාන නගර මධ්‍යයේ දී අද (4) දහවල් පුද්ගලයෙක් උපන් ඇඳුමින් බයිසිකලයක් පැදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළින් විදහා දක්වයි. එම විඩියෝව වාහනයක සිට වීඩියෝ ගත කර තිබේ. 04 August 2025
අර්චුනා CIDයට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා අද (4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි. 04 August 2025
ඉන්දුනීසියා තානාපති කෘෂි ඇමති හමුවෙයි ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියන් තානාපති ඩිවි ගුස්ටිනා ටොබිං මහත්මිය( Dewi Gustina Tobing ) සහ කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී සිදු විය. 04 August 2025
ගණිකා නිවාසයක් වටලා 5ක් අල්ලයි මාදිවෙල ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් සුරූපී කතුන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙකු ඊයේ (03) දා රාත්‍රි අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි . 04 August 2025
හැඳුනුම්පත් 8ක් සමඟ අයෙක් මාට්ටු මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව සිදු කරන විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජාතික හැඳුනුම්පත් 08ක් තබාගත් පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පවසයි. 04 August 2025
ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාට මරණ තර්ජන ‘තමුසෙටත් දරුවෝ ඉන්නවා නේද? අපි මරණ වරෙන්තු අරගෙන ඉන්නේ. පවුල් පිටින් නැති කර දමනවා.‘යැයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට තර්ජනය කර ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. 04 August 2025
අල්ලස් ගත් සී අයි යළි රිමාන්ඩ් වැලි ප්‍රවාහනය බාධාවකින් තොරවක් කරගෙන යෑම සඳහා ඉඩ සැලසීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 50000.00 මුදලක් මාසිකව ඉල්ලා 40000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ඔක්කම්පිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද(04) නියෝග කළාය. 04 August 2025
ලොතරැයියට නව නීති: මුදල් කමිටුවෙන් නියෝගයක් ලොතරැයි සූදුවක් වන හෙයින් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය නියාමන රාමුවකට ඇතුළත් විය යුතු බව රජයේ මුදල් කාරක සභාව මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට පෙන්වා දුන්නේය. 04 August 2025
ලංකාවේ සමාගම්වලට ‘බොනස්’ එකක් කොටස් වෙළඳපොළ ලැයිස්තුගත සමාගම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත ආයෝජන කළ හැකි සීමාව ඇ.ඩො 500,000 සිට ඇ.ඩො 750,000 දක්වා ඉහළ නංවා ඇත. 04 August 2025
කෑම සොයා ආ ගාසාවේ 56කට ඊශ්‍රාලයෙන් වෙඩි ගාසා තීරයේ ආහාර, ජලය හා වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට පැමිණි 56 දෙනෙකු ඊයේ (03) ඊශ්‍රායල හමුදා වෙඩිතබා ඝාතනය කර ඇති බවත් ඉන් 27 දෙනකු පැමිණ ඇත්තේ ආහාර සොයා ගෙන බවත් අල්-ජසීරා පුවත්සේවය වාර්තා කළේය. 04 August 2025
ධීවර කර්මාන්තයත් ඩිජිටල්කරණයට මෙරට ධීවර කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහ ඩිජිටල්ල්කරණය ඉලක්ක කරගත් ’’ජාතික ධීවර යාත්‍රා සංගණනය - 2025 අද ඇරැඹිණි. 04 August 2025
කෙහෙල්බද්දර පත්මෙගේ පාසල් මිතුරෙකු ඇතුළු 3 ක් අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ නැමැත්තාගේ පාසල් මිතුරෙකු වන නාවික හමුදා සෙබලකු ඇතුළු තිදෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමග අද (4) අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි. 04 August 2025
වරායේ කරල පැහේ මේ වසරේ පළමු මාස හයේදී වරායේ මෙහෙයුම් ලාභය රුපියල් කෝටි 2441ක් බව ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය 04 August 2025
දේශබන්දු නෙරපන විවාදය හෙට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී හෙට(5) විවාදයට ගැනීමට නියමිතය. 04 August 2025
මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අහෝසියි මන්ත්‍රී විශ්‍රාම වැටුපත් ස්ථිරයෙන්ම අහෝසි කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. 04 August 2025
ජාලිය ඕපාත මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි දඹුල්ල මහනගර සභාවේ ලංකා පොදු ජන පෙරමුණ නාගරික මන්ත්‍රී දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අද( 04 ) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් දැනුම් දුන්නේය. 04 August 2025
ඉන්දියාවෙන් හොරට ගෙන්වූ භාණ්ඩ පන්නන්න බැරිවෙයි ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් ආලංකුඩාව වෙරළ තීරයෙන් ලොරි රථයකට පටවා ,ප්‍රවාහනය කරමින් තිබියදී,එම රථය හඹා ගොස් කරඹ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ. 04 August 2025
අනාරක්ෂිත වැසිකිළි වළකට වැටී දරුවා මරුට පියා විසින් කපා තිබූ වැසිකිළි වළකට වැටී 8 හැවිරිදි බාල පුතා ජීවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලීසිය කියයි. 04 August 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025