(එම්.කේ.නන්දසේන)

මෙවර උදාවූ සිංහල හා හිංදු අලුත් අවුරුදු මංගල්‍යයේ නොනගත කාලය නිමිත්තෙන් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය පූජා වෙිල් දෙකක් නොපැවැත්වෙන බව බස්නායක නිළමේ කාර්යාලය නිවෙිදනය කරයි.

ඒ අනුව අප්‍රේල් 13 වැනි අද දින පස්වරු 6.30 පූජාව පවත්වා රාත්‍රී 9 ට පමණ කිරි උතුරුවා වසා තබන මහ දේවාලය නැවත විවෘත කරනු ලබන්නේ හෙට 14 දින පස් වරු 2 ට බව දැනුම් දෙනු ලබයි.

මෙලෙස විවෘත කිරීමෙන් පසු බැතිමතුන්ට පළතුරු පූජාවන් දේවාලයට භාරදිය හැකිය.

වාර්ෂිකව පවත්වනු ලබන බක්මහ මංගල්‍ය පෙරහර මෙදින රාත්‍රී 7.45 ට පමණ ආරම්භ කිරීමට නියමිතය.

වතබැඳ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ ආරම්භ වන පෙරහර ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්වී ප්‍රධාන වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන්කොට චිරාගත පුදසිරිත් ඉටුකිරීමෙන් අනතුරුව එම වීදිය ඔස්සේ මහ දේවාලයවෙත ගෙවදීමෙන්පසු පෙරහැර මංගල්‍ය නිමාවනු ඇත.

අලි ඇතුන්, උඩරට පහතරට සබරගමු සම්ප්‍රදායන්ට අයත් නර්තන කණ්ඩායම් භක්තිකාවාඩි, ගිනි බෝල සංදර්ශන ඇතුළු විවිධාංග රැසකින් පෙරහැර වර්ණවත් කිරීමටද කටයුතු යොදා ඇත.

පෙරහැර අවසන් වීමෙන් අනතුරුව තේවාව සිදුකොට නැවත බැතිමතුන්ගේ පූජාවන් බාරගනු ලබයි.

මෙිඅනුව 14 දින අළුයම 4. 30 පූජාව, සහ පෙර වරු 10.30 පූජාව නොපැවැත්වෙන හෙයින් එම කාලයේ පෝලිම්ගැසී අපහසු තාවයට පත් නොවන ලෙස බස්නායක නිළමේ තිළිණ මධුසංඛ මහතා බැතිමතුන් ගෙන් කාරුණික ඉල්ලීමක් කරයි.