ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට සමාන වන අයුරින් දැක්වෙන කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද සිතුවමක් සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇත. 

මෙය මේ වනවිට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇතැයි ද පැවැසෙයි.

ජේසු තුමන් මෙන් දිගු ලෝගුවකින් සැරසී, දිව්‍යමය ආලෝකයක විහිදුවමින්, ට්‍රම්ප් අසරණයකුට පිහිට වන ආකාරයත්, දේවදූතයන් ලෙසින් ඔහුගේ ආධාරකරුවන් ඔහු අසල සිටින අයුරුත් එම කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කළ සිතුවමේ දැක්වෙයි.

සිතුවමේ පිටුපසින් ලිබර්ටි ප්‍රතිමාව දකින්න ලැබෙන අතර, එමගින් ඇමරිකානු අනන්‍යතාවය තවදුරටත් අවධාරණය කෙරේ.