ආණ්ඩුව දැන් දුවන්නේ ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති වලට ජේ.වී.පී උදවිය ඉතිහාසයේ සිට කළේ ට්‍රාන්පෝමර් පුපුරවා රට අන්ධකාරයට ඇද දැමීම බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 August 2025
ධවල මන්දිර වහලේ සිට ට්‍රම්ප් මාධ්‍යවේදීන් අමතයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ධවල මන්දිරයේ වහලයේ සිට, පහළ රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇමතුවේය. 06 August 2025
කලාපයේ අඩුම විදුලි බිල ඇති රට කිරීම අපේ අරමුණයි වගකිව යුතු රජයක් කළ යුත්තේ කලාපයේ අඩුම මිල සහිත විදුලිය ලබාදෙන රට බවට පත් කිරීම යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 August 2025
පස් කන්දක් කඩා වැටී 5ක් රෝහලේ මස්කෙළිය සාමිමලේ මාර්ගයේ බනියම් පාලම අසල නිවසකට කඩා වැටුණු පස් කන්දක් ඉවත් කරමින් සිටි කම්කරුවන් 5 දෙනකු මතට තවත් පස් කන්දක් කඩා වැටීමෙන් යට වී සිටි පිරිස මුදා ගෙන රෝහල් ගත කිරිමට අවට පදිංචිකරුවෝ අද (06) සමත්වූහ. 06 August 2025
කෝපා සභාපති ඉල්ලා අස්වෙයි පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව එහි සභාපති අරවින්ද සෙනරත් මහතා(ජා.ජ.බ)පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 06 August 2025
සූර්වී රිය පැදවූ පීසී සිසුවියක් හප්පලා බීමතින් කැබ් රථයක් පදවා 16 හැවිරිදි පාසල් සිසුවියක හප්පා තුවාල සිදු කළ බව කියන වවුනියාව පොලිසියේ සංචාරක අංශයේ පොලිස් සැරයන්වරයකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව ඇට වීර ගොල්ලෑව පොලිසිය පවසයි. 06 August 2025
ලොකු ලූනු වලට අවම මිලක් ඉල්ලයි ගොවීන්ගෙන් ලොකු ලූනු මිලදී ගැනීමේදී අවම මිලක් නියම කරන්නැයි ලූනු ගොවීහු කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගෙන් ඉල්ලීමක් කළහ. 06 August 2025
ධීවර සංස්ථාවට වැලි කණින යන්ත්‍රයක් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සඳහා ඩ්‍රෙජරයක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 August 2025
ශෂින්ද්‍ර අත්අඩංගුවට මොනරාගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙරදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. 06 August 2025
ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනයට ව්‍යාපෘතියක් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 August 2025
ණයට දුන් මුදල යළි ඉල්ලුවැයි ඝාතනය කරලා මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිග ගොස් මිතුරා එල්ල කළ පිහි පහරකින් අනෙක් මිතුරා මිය ගොස් ඇතැයි නාඋල පොලිසිය කියයි. 06 August 2025
මිලියන 23ක කේරළ ගංජා යාපනයෙන් හමුවෙයි යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ තිබී කේරළ ගංජා විශාල තොගයක් සොයා ගත් බව නාවික හමුදාව සදහන් කරයි. 06 August 2025
ගීතයේ අයිතිය ගැන නීති සංශෝධනය කරන්නැයි ගායක සංගමය ඉල්ලයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.ගීතයක පරම සහ නෛතික අයිතිවාසිකම පද රචකයාට, තනු නිර්මාපකයින්ට මෙන්ම ගායක ගායිකාවන්ටද ලබා දීමට අවශ්‍ය නීති සංශෝධනය කරන ලෙස ශ්‍රී ලාංකීය ගායක-ගායිකා සංගමය මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. 06 August 2025
සවස තැනින් තැනට වැසි තත්වයක් බස්නාහිර, සබරගමව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 August 2025
මැති ඇමති පුත්තු ඥාතීන් 72 කට ජනපති අරමුදලෙන් රට ශිෂ්‍යත්ව තෑගි බෙදලා දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති අරමුදලෙන් පසුගිය කාලයේදී මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන් පිරිසකගේ දරුවන් ඥාතීන් සහ හිතවතුන් 72 කට වැඩි පිරිසකට රුපියල් කෝටි විස්සකට වැඩි වටිනා විදේශීය ශිෂ්‍යත්ව ලබාදී ඇතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය 06 August 2025
පොලිස් ගබඩාවෙන් ගිනි අවි ඉස්සූ සැරයන් මාට්ටු කොම්පඤ්ඤවීදිය පොලිසියේ අවි ගබඩාව තුළ තිබූ ගිනි අවියක් සහ උණ්ඩ විස්සක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිසියේ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි. 06 August 2025
මැතිසබෙත් උණුසුම් වූ දේශබන්දු ගෙදර යැවූ විවාදය දේශබන්දු යනු රාජපක්ෂලාගේ අපරාධ රාජ්‍යයේ සිටි එක් ’’ගෝඩ් ෆාදර්’’ කෙනෙක් බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 06 August 2025
යකල්ල යතුරු පැදි අනතුරින් දෙදෙනෙක් මරුට ගලෙන්බිදුණුවැව,කැකිරාව මාර්ගයේ යකල්ල 22 කණුව ආසන්නයේදි සිදුවු යතුරැ පැදි අනතුරකින් යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකු අද පස්වරැවේදි මියගිය බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි. 05 August 2025
එළුවන් බලන්න ගිය දරුවා ඉසඩ් ඇළට බිලි අවුරුදු අටක් වයසැති දරුවකු මව සමග එළුවන් බැලීමට අද සවස ගිය අවස්ථාවේදී පොළොන්නරුව වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේදී ඉසඩ්.ඩි. ප්‍රධාන ඇළට වැටි මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 05 August 2025
ආණ්ඩුවේ මේවා කරන්නේ අපෙන් පළිගන්න ආණ්ඩුව වරප්‍රසාද කප්පාදු කරන්නේ පළිගැනීමට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය 05 August 2025
නූතන රාජ්‍ය සේවයක් හදන්න ලබන අයවැයෙන් ප්‍රතිපාදන භෞතික සහ ආධ්‍යාත්මික වශයෙන් නටබුන් වූ රාජ්‍යය දේහය පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කළේය. 05 August 2025
ජපුර වෛද්‍යවරියගේ දියණිය සමාව ගන්න සූදානම් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන්ගෙන් කොන්දේසි විරහිතව සමාව අයදීමට සූදානම් බව ස්නායු ශල්‍ය උපකරණ වැඩි මිලට විකුණුවේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අද(05) ප්‍රකාශ කළාය. 05 August 2025
මත් වැරදි වලට 881ක් පොලිස් දැලේ පොලිසිය සහ හමුදාව එක්ව ඊයේ දිනයේ කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 881 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය කියයි. 05 August 2025
සීමා නිර්ණ කමිටු නිර්දේශ සමාලෝචනයට තව කමිටුවක් 2012 හා 2021 වර්ෂයන්හි පැවති සීමා නිර්ණය කමිටු නිර්දේශයන් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව සීමා නිර්ණය කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
බිරිය ඝාතනය කළැයි සැමියා පෝරකයට තියුණු ආයුධයකින් පහරදී සිය බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ අයෙකුට ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන්.එම්. මොහොමඩ් අබ්දුල්ලා මහතා අද (05) මරණ දණ්ඩනය නියම කළේය . 05 August 2025
දේශබන්දු රාජපක්ෂ අපරාධ රාජ්‍යයේ ගෝඩ් ෆාදර් කෙනෙක් දේශබන්දු යනු රාජපක්ෂලාගේ අපරාධ රාජ්‍යයේ සිටි එක් ’’ගෝඩ් ෆාදර්’’ කෙනෙක් බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 August 2025
ලග්ගල හිටපු සභාපතිගේ පුතා මැරුවාට දෙකක් පෝරකයට ලග්ගල ප්‍රාදේශිය සභා හිටපු සභාපති ධර්මසිරි කංනන්ගර මතාගේගේ පුතට වෙඩිතබා ඝාතනය කිරිම සහ ඔහු සමග සිටි තවත් අයකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට වරදකරුවන් වු චූදිතයන් දෙදෙනකුට මාතලේ මධ්‍යම පළාත් මහ අධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා මරණ දඬුවම අද නියම කළේය. 05 August 2025
චාර්මස් ධාන්‍යාගාර ඉඩම බදු දෙන්න යයි කොළඹ කොටුව, ඕල්කට් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් චාර්මස් ධාන්‍යාගාරය නමැති ඉඩම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
රත්මලානේ ඝාතනයට 4ක් මාට්ටු රත්මලාන මහල් නිවාසය ආසන්නයේදී පුද්ගලයකුට පිහියකින් ඇන ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයකුට කඩුවකින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයෙන් පලාගොස් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් 4 දෙනකු මොරටුව දුම්රිය ස්ථානයේදී ඊයේ (4) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි. 05 August 2025
හරක් කටාට - මිදිගම රුවන්ට අධිචෝදනා බාර දෙයි රහස් පොලිස් අත්අඩංගුවෙන් පළායෑමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ පාතාල අපරාධකරුවන් වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ’’හරක් කටා” මිදිගම රුවන් සහ රහස් පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවේ අද (05) බාර දුන්නේය. 05 August 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025