මහයියාව අලුත් බිංගෙයි වැඩ හෙට සිට කටුගස්තොට මාර්ගයේ පවතින අධික වාහන තදබදයට පිළියම් වශයෙන් ඉදිකිරීමට නියමිත බිංගයේ කැණීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (06) ආරම්භ වීමට නියමිතය. 05 February 2026
බස් හිමියන්ට මගී ප්‍රවාහන බලපත්‍රය අලෙවි කිරීමට අවස්ථාව පවතින මගී ප්‍රවාහන බලපත්‍ර නීත්‍යානුකූලව අලෙවි කිරීමට බස් රට හිමියන්ට අවස්ථාව හිමිකර දෙමින් දශක 3 ක කාලයක් තිස්සේ ගැටලුවක්ව පැවති මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද(6) සිට බලාත්මක කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 05 February 2026
ටිල්වින් නවදිල්ලියට සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනාවකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියා සංචාරයක් සඳහා අද (05) පෙරවරුවේ නවදිල්ලි නුවර බලා පිටත්ව වූහ. 05 February 2026
සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ ඉදිරි වැඩ ගැන සාකච්ඡා කරයි දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (5)පැවැත්විණි. 05 February 2026
වාහන අංක තහඩු ලක්ෂ 3ක් නිකුත් කර නෑ වාහන අංක තහඩු නිකුත් කිරීමේ අත්හිටුවා ගතවූ මාස 9 ක පමණ කාලය තුළ නව අංක තහඩු ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 05 February 2026
විගණකාධිපතිනිය රහස්‍යභාවයේ දිවුරුම දෙයි නව විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (5) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්නාය. 05 February 2026
තරුණ - ක්‍රීඩා අමාත්‍යංශයේ නම යොදා සල්ලි ගරන ජාවාරමක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එකතු කරන ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිදරව් වී ඇතැයි තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි. 05 February 2026
වරාය හදද්දී විරුද්ධ වෙච්ච අය අද හොඳ කියනවා අපි වරායවල් හදන විට විරුද්ධ වෙච්ච උදවිය අද ඊට හොඳ කියනවිට සතුටු යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 February 2026
ආණ්ඩුවේ එකම ප්‍රතිපත්තිය බොරුව මුලාව විතරයි බොරුවෙන් මුලාවෙන් රට පාලනය කරනවා වෙනුවට රටට ජනතාවට පොරොන්දු වූ දේ ඉටු ඉටු කරන්නැයි ඉල්ලා සිටින බවවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 February 2026
නාගරික සංවර්ධනය අධිකාරියට මිනිසුන් ගැන තෙතමනයක් නෑ මිනිසුන් ගැන තෙතමනයෙන් වැඩ කරන සංස්කෘතියක් නාගරික සංවර්ධන අධිකාරියේ නැතැයි ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 05 February 2026
බිඳ වැටුණු මහනුවර ගොඩනගන වැඩ හෙට අරඹයි දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම සහ වන්දි ප්රදානය මෙන්ම සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ඇරඹීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (06) මහනුවරදී සිදු කිරීමට නියමිතය. 05 February 2026
දයාසිරිගේ වරප්‍රසාද ප්‍රශ්නයට ඉඩනෑ: විපක්ෂ මැතිසබයේ විරෝධයක සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාට වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට කතානායකවරයා ඉඩ නොදීම හේතුවෙන් ජයසේකර මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එක දිගට කෑ කෝ ගැසීමෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (5) පෙරවරුවේ ඇතිවිය. 05 February 2026
බදාමයක කොටසක් හිසට වැටී හත්හැවිරිදි දරුවා මරුට කොළඹ මෝදර මාදම්පිටිය හෙළමුතු සෙවන මහල් නිවාස සංකීර්ණයෙ පිටත බිත්තියක් කපාරාරු කර තිබූ සිමෙන්ති බදාමයක කොටසක් හිස මතට කඩා වැටීමෙන් හත් හැවිරිදි දරුවෙකු මියගොස් ඇතැයි මෝදර පොලිසිය පවසයි 05 February 2026
මෝදිගෙන් අනුරට ස්තුතියක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී පූජනීය දෙව්නිමෝරි ධාතු ප්‍රදර්ශනය විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට කෘතඥතාවය පළ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 05 February 2026
රිය අනතුරින් දෙදරු පියාට දිවි අහිමිවෙයි ආණමඩුව වඩිගමංගාව ප්‍රදේශයෙ දී ලොරි රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටි සිදුවු මාරක අනතුරකින් තරුණ දෙදරු පියකු අවාසනාවන්ත ලෙස එම ස්ථානයෙදීම අද( 5) මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි. 05 February 2026
බඹරු ඇන කිලිනෝච්චිය විදුහලක 37 ක් රෝහලේ බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනකු අතුළු පාසල් සිසුන් 37 දෙනකු අද(05) රෝහල්ගත කොට ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි. 05 February 2026
ට්‍රම්ප් මරන්න හැදූ රයන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඝාතනය කිරීම තැත් කළ රයන් රවුත් නමැති 59 හැවිරිදි සැකකරුට ජීවිතාන්ත සිරදඬුවමක් නියම විය. ඒ, ඔහු ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කළ බවට එල්ල වුණු චෝදනාවලට වරදකරු වීමෙනි. 05 February 2026
යුක්රේන සෙබළු 55,000 ක් මියගිහින් රුසියන් යුක්රේන යුද්ධයෙන් මියගිය යුක්රේන සොල්දාදුවන් ගණන 55,000 ක් යැයි යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී පවසයි. ඊට අමතරව තවත් යුක්රේන සොල්දාදුවන් බොහෝ දෙනකු අතුරුදන් බව ද යුක්රේන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. 05 February 2026
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඉන්දීය විදෙස් ලේකම් හමුවෙයි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ ඇමෙරිකන් රාජය ලේකම් මාර්කෝ රූබියෝ අතරේ හමුවක් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී පැවැත්විණි. 05 February 2026
නව විගණකාධිපතිනියට පත්වීම් ලිපිය දෙයි ලංකාවේ 42 වන විගණකාධිපති ලෙස පත් කෙරුණු එල්.එස්.අයි. ජයරත්න මහත්මිය වෙත පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද (05) බාර දෙනු ලැබීය. 05 February 2026
ඇමෙරිකා ඉරාන සාකච්ඡා හෙට ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා හෙට (6) ඕමානයේදී පැවැත්වීමට නියමිතය. ඒ, දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් අවසන් කිරීමේ අරමුණින්ය. 05 February 2026
රට නඟන්න ෆස්ට් කැපිටල් මිලියන 15ක් දෙයි දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ අරමුදලට ෆස්ට් කැපිටල් හෝල්ඩින්ග්ස් පීඑල්සී රුපියල් මිලියන 15 ක මුදලක් පරිත්‍යාග කළේය. 05 February 2026
හර්ෂණ කතානායක පෞද්ගලික ලේකම්ට දෙහි කපයි කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් බාර දෙමින් කතානායකට විරුද්ධව මැතිසබේ හිටපු නියෝජ්‍ය ලේකම් අල්ලස් කොමිසමට දුන් පැමිණිල්ල ගැන මහලේකම්වරියගෙන් ලිඛිතව තොරතුරු විමසා ඇති බවත් අල්ලස් පරීක්ෂණයට මේ අාකාරයට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරීක්ෂණයක් කරන්නැයි තමා එම කොමිසමෙන් ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 February 2026
අගමැතිනිය සර්වඥ ධාතු වඳී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ’’දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ’’ වැඳ පුදා ගත්තාය. 05 February 2026
බන්ධනාගාර නියාමකට තියුණු ආයුධ ප්‍රහාරයක් වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙකු රාජකාරි නිවාඩු ලබා ගෝණපිනුවල පිහිටි නිවසට යමින් සිටියදි ඊයේ රාත්‍රි හික්කඩුව ප්‍රදේශයේදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදි ඔහුගේ යතුරුපැදියද කොල්ලකා පලාගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස් පති කාර්යාලය පවසයි. 05 February 2026
’’කතානායකතුමා වැරදියි’’ කතානායකවරයා පෞද්ගලිකවම වරප්‍රසාද ප්‍රශ්න යොමු කිරීම වැරදි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 05 February 2026
රොහාන් ඕලුගල අයි.සී.යූ වලාන මධ්‍ය දූෂණ මර්දන ප්‍රහාරක බළාකායේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 05 February 2026
මත්තල ගුවන් තොට වැඩ පෙන්වයි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2025 වසරේ එදා මෙදා තුර වැඩිම ගුවන් මගීන් සංඛ්‍යාවක් මෙහෙයවීමට සමත් වී ඇති බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසයි. 05 February 2026
මහ පාරේ අලි වලියක් දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී ඊයේ(04) පැය කිහිපයක් තිස්සේ වන අලින් දෙදෙනෙකු වරින් වර මහමගට පැමිණ ගැටුම් ඇතිකර ගන්නා ආකාරයා දැක ගැනීමට හැකි විය. 05 February 2026
ගාල්ල බන්ධනාගාරයෙන් දුරකතන 19ක් සොයාගනී ගාල්ල බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බන්ධනාගාරය තුළ තිබු ජංගම දුරකථන 19 ක් මත්ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ රැසක් සොයාගෙන ඇතිබැව් ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. 05 February 2026
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026