

(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී අද(15) මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මල්වතු මහා විහාරය වෙත ගොස් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියන් බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා අස්ගිරි මහා විහාරයට ගොස් වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා ප්රමුඛ පිරිස වෙත සිය ආශිර්වාදය පළ කළහ.සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd