
(බී.එච්.රම්‍යා)
හබරදුව ,කොග්ගල නිදහස් වෙරළ උද්‍යානය ආසන්න මුහුදේ දිය නාමින් සිටියදී එකම පවුලේ දෙදෙනෙකු දිය වැලකට හසුවී මියගොස් ඇතැයි කියයි.
මොවුන් මුහුදේ ගසාගෙන යමින් සිටියදී හබරාදුව පොලිසිය සහ අසල පිහිටි සංචාරක හෝටලයක ජීවිත ආරක්ෂකයින් විසින් ඔවුන් මීපේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළද, පොලිසිය පැවසුවේ ඔවුන් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බව වෛද්‍යවරුන් පැවසූ බවය.
මෙසේ මියගොස් ඇත්තේ කටුනායක ලර්දු ස්ටේෂන් මාර්ගයේ පදිංචි ජූඩ් ශෙවන්ත පෙරේරා (26) සහ ඇන්ටන් ෂෙනාල් පෙරේරා (21) යන එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකි.
එම ස්ථානය ආසන්නය ධීවර කටයුතු යෙදෙන රිටිපන්න ධීවරයන් පැවසුවේ මෙම ස්ථානය දිය නෑම සඳහා ඉතාම අනතුරුදායක බවත් මීට පෙරද කීප දෙනෙකු මෙම ස්ථානයේ අනතුරට පත්ව සිටියදී බේරා ගත් බවත් ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd