දේශබන්දු මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 August 2025
සංචාරක සංවර්ධනයට ජනපති කාර්ය සාධක බලකායක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
දේශබන්දු ඉවත් කිරීම: පොට්ටුව ඡන්දෙ නොදෙයි අධිකරණයේ පවතින කාරණයක් සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි නිසා අද විවාදය අවසානයේ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 August 2025
වත්තල ඝාතනයකට තිදෙනකු අල්ලයි වත්තල හේකිත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසකට කඩා වැදි පුද්ගලයකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි 05 August 2025
සහජීවනය ගැන ක්‍රියාකාරී සැලැස්මක් ප්රතිසන්ධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
ඇමරිකා සරසවියක් එක්ක ගිවිසුමක් ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක් නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ University of Illinois අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
පිටකොටුව බස් නැවතුම සංවර්ධනය ගුවන් හමුදාවට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම් පොළ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
දේශබන්දුට වෙච්ච වැඩේ රාජ්‍ය නිලධාරීන්ට හොඳ පාඩමක් දේශපාලකයන්ගෙන් වැරදි තීන්දු ක්‍රියාත්මක කරන්නට යන රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනාට දේශබන්දුට අත්වූ ඉරණම හොඳ පාඩමක් බවකොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 August 2025
හරක් කටාගේ පෑන ගත්තයි SIට මරණ තර්ජන ’’උඹ නේද මගේ පෑන ගත්තේ ,උඹ ගැන මම එළියට ආවහම බලාගන්නම්’’ යනුවෙන් පරුෂ වචනයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා බැණ වැදි තර්ජනය කළ බව පවසමින් 05 August 2025
කුළු බඩු ප්‍රති අපනයනය සමාගම් හතරකට අනුමැතිය තෝරාගත් කුළු බඩු ප්‍රති අපනයනය සඳහා ආනයන සමාගම් වලට ’ අනුමත ව්‍යවසාය ’ තත්ත්වය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
හිටපු ජනාධිපති ලේකම් CIDයට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (5) කැදවා ඇත. 05 August 2025
කෝටියක කේරළ ගංජා සමඟ දෙන්නෙක් අල්ලයි රුපියල් කෝටියකට ආසන්න කේරළ ගංජා තොගයක් උතුරේ සිට අනුරාධපුරයට රැගෙන ආ පුද්ගලයින් දෙදෙනකු ගංජා සහ මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 05 August 2025
රජයේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට 2025 දෙවන කාර්තුව සඳහා වන රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ. 05 August 2025
රිය අනතුරින් තරුණයෙක් මරුට කොළඹ - මහනුවර මාර්ගයේ ඉඹුල්ගොඩ 14 හන්දිය ප්‍රදේශයේදී තණකොළ කපන යන්ත්‍රයක් රැගෙන ගිය ට්‍රැක්ටරයකට , යතුරු පැදියක ගමන්ගත් 23 හැවිරිදි තරුණයෙකු යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සදහන් කරයි. 05 August 2025
මන්ත්‍රී රක්ෂණාවරණය අඩු කරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 August 2025
දේශබන්දුට එරෙහි විවාදය ඇරඹේ ඇරඹුමේ සිටම විෂමාචාර්ය ක්‍රියා රැසකට වගකිවයුතු රටේ අපකීර්තිමත්ම පොලිස් නිලධාරියකු වූ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා පාර්ලිමේන්තු යෝජනා සම්මතයෙන් ඉවත් කිරීම ඓතිහාසිකා අවස්ථාවක් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 05 August 2025
දේශපාලන උවමනා මත යෞවන සමාජ නිලධාරීන් පත් කරලා ස්වාධීන යෞවන සමාජ අද දේශපාලනීකරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 05 August 2025
යෞවන සමාජ දේශපාලනීකරණය නොකරන්නැයි විරෝධයක් යෞවන සමාජ දේශපාලනිිකරණය කිරීමට විරෝධය පලකරමින් අක්මීමන ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු අද (05) පෙරවරුවේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වූහ. 05 August 2025
පලාගිය සැකකරු අල්ලන්න ගිය සැරයන්ගේ පිස්තෝලය අතුරුදන් අධිකරණයෙන් පැන පලා යමින් සිටි සැකකරුවකු පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරී පිස්තෝලය සහ ජීව උණ්ඩ 10ක් සහිත පතුරන් ගැබ අස්ථානගත වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 05 August 2025
අනුරාධපුරයට නාගරික උද්‍යානයක් අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා කරමින් දරුවන් වැඩිහිටියන් ඇතුලු සියලු ජනතාවට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනුරාධපුර නගරය උද්‍යානයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. 05 August 2025
ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් අගමැතිනි හමුවෙයි ධූරකාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. 05 August 2025
දියේ ගිලී තරුණයෙක් මරුට තලවකැලේ ළිදුල ලෝගි වතුයායේ වැවේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි මියගෙස් ඇතැයි ළිදුල පොලිසියේ නිළධාරියෙකු පැවසීය. 05 August 2025
ටිකට් නොදෙන කොන්දොස්තරලාට දැඩි දඬුවම් පොදු ප්‍රවාහනය භාවිතා කරන මගී ජනතාවට අනිවාර්ය ප්‍රවේශ පත්‍රයක් ලබාදීමේ අරමුණින් මාර්ග පරීක්ෂක නිලධාරීන් ලවා සිදුකරන හදිසි බස් රථ පරීක්ෂාවලදී අවස්ථා දෙකකදී ප්‍රවේශ පත්‍ර ලබා නොදුන් කොන්දොස්තර මහතුන් අසූ අට දෙනකුගේ සේවය දින තුන බැගින් අත්හිටුවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකරියේ සභාපති (විශ්‍රාමික කොමදෝරු) ගාමිණී ජාසිංහ මහතා පැවසීය. 05 August 2025
වෛද්‍යවරයාගේ බෑගයේ උණ්ඩ සහිත පතුරොම් ගැබක් ගුවන්තොටුපළ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුගේ බෑගයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 8 ක් සහිත පතුරන් ගැබක් සොයා ගත් බව ගුවන්තොටුපොළ පොලිසිය පවසයි. 05 August 2025
අදත් තැනින් තැනට තරමක තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රිකකවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 August 2025
සූදූ ක්‍රීඩා කළ ඉන්දීය තරුණියන් තුනක ඇතුළු 20ක් මාට්ටු අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ යෙදුණු ඉන්දීය ජාතික තරුණියන තිදෙනකු ඇතුළු සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 05 August 2025
පොහොට්ටුවේ කට්ටියක් නාමල් එක්ක සාකච්ඡා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මැති ඇමැතිවරුන් විස්සකට ආසන්න පිරිසක් එම පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ. 05 August 2025
දේශබන්දු නෙරපන විවාදය අද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදයේදී ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් අනාවරණය කිරීමට සූදානමින් සිටින හෙයින් මැතිසබය අද දිනයේ උණුසුම් මුහුරුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 05 August 2025
දෙවිනුවර පෙරහරෙ අලියකු කුලප්පු වේ දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී වීෂ්ණු දේවාලයේ තෙවැනි පේලි පෙරහරේ ගමන් කළ “භානුක” නැමැති අලියකු හදීසියේ කුලප්පු වීමෙන් දැඩි කලබලකාරී තත්වයක් ඇති විය. 05 August 2025
ඇමෙරිකා බෞද්ධ දූත පිරිස අගමැතිනිය හමුවෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පැවැත්වෙන 2026 ජාත්‍යන්තර වෙසක් සැමරුමට ශ්‍රී ලංකාවේ සහාය පළකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇමෙරිකා බෞද්ධ දූත පිරිස හමුවේ පැවසුවාය. 04 August 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025