
14 වන ලියෝ පාප්තුමන් සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ විවේචනාත්මක ප්‍රකාශ කිසිසේත් අනුමත කළ නොහැකි බව ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි පවස ඇත. ඒ ට්‍රම්ප්ට සිය අප්‍රසාදය පළ කරමිණි.
පාප්තුමන් යනු කතෝලික සභාවේ උත්තරීතර නායකයා වන අතර සාමය වෙනුවෙන් පෙනී සිටීමත්, ඕනෑම ආකාරයක යුද්ධයක් හෙළා දැකීමත් උන්වහන්සේගේ නිවැරදි සහ සාමාන්‍ය කාර්යභාරය බව අගමැතිනිය පෙන්වා දී ඇත.
දක්ෂිණාංශික සන්ධාන රජයක නායකත්වය දරන, දැඩි කතෝලික භක්තිකයෙකු වන මෙලෝනි, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිතුරියක ලෙස සැලකෙයි. කෙසේ නමුත් ඇමෙරිකාව සහ ඉරානය අතරේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් එම මිත්‍රත්වය පළුදු වී ඇත.
මෙතෙක් කල් ඇමරිකානු ජනාධිපතිවරයා පාප්තුමන් කෙරෙහි එල්ල කළ දැඩි විවේචන හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කළ මෙලෝනි, පළමු වරට මෙලෙස සෘජුවම සිය විරෝධය පළ කිරීම විශේෂත්වයකි. මෙම සිදුවීමත් සමඟ ජාත්‍යන්තර දේශපාලනය සහ වතිකානය අතර සබඳතාව නව කතාබහකට ලක්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd