
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ මිනිත්තු 40 ක් පුරා දුරකතන සංවාදයක් පැවැත්විණි.
පාකිස්තානයේ මැදිහත් වීමෙන්, ඇමෙරිකාව සහ ඉරානය අතරේ සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් පසු, ට්‍රම්ප් සහ මෝදි අතරේ දුරකතන සංවාදයක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.
නායකයන් දෙදෙනා අතරේ සුහද කතාබහක් සිදුවුණු බවත්, දෙරට අතර පවතින උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ට්‍රම්ප් සහ මෝදි එකගත්වය පළ කළ බවත් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ, මෙම වසරේ ට්‍රම්ප් සහ මෝදි අතරේ පැවැත්වුණු තෙවැනි දුරකතන කතාබහයැයි ද පැවැසෙයි. මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් දීරඝ වශයෙන් සාකච්ඡාවට බදුන් විය.
බටහිර ආසියානු කලාපයේ ආරක්ෂාව මෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණ වශයෙන් විවෘතව සහ ආරක්ෂිතව තබා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ලබන මස ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර, එහිදී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd