ගිය මාස හතට ’’අයිස් කාරයෝ’’ 45111ක් පොලිස් දැලේ 2025 ජනවාරි මස 1 දින සිට අගෝස්තු මස 1 දින දක්වා වන මාස 7ක කාලයේදී පමණක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1398.499 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගත වූ මාස 7ක කාලය තුළදී පුද්ගලයන් 45111ක ප්‍රමාණයක් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ද වැරදි සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. 02 August 2025
ජනතාවට නීතිය කියා දෙන්න අධිකරණ අමාත්‍යාංශය රට පුරා යයි ජනතාව තවදුරටත් රාජ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පසුපස යා යුතු නැතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවැසීය. 02 August 2025
චෝදනාවලට ’’යූත් ක්ලබ්’’ උත්තර දෙයි යූත් ක්ලබ් වෙත එල්ලවන චෝදනා පදනම් විරහිත බැවින් එම සියලු චෝදනා එකතු වී පරාජය කළ යුතු බව යූත් ක්ලබ් කොළඹ දිස්ත්‍රික් සම්මේලනයේ අධ්‍යාපන හා කාර්යාංශ බාර ලේකම් යුත් ක්ලබ් හෝමාගම ප්‍රාදේශීය සම්මේලනයේ සංවිධායක ලහිරු පෙරේරා මහතා පැවසීය. 02 August 2025
දුම්රිය මගීන්ගේ දුරකථන සොරාගත් අයෙක් මාට්ටු ගම්පහ සිට දුම්රියෙන් දෙමටගොඩ දක්වා පැමිණ මගීන්ගේ ජංගම දුරකථන සොරාගන්නා සැකකරුවෙකු ඇතුළු දෙදෙනෙකු ජංගම දුරකථන 23 ක්, laptop පරිගණක දෙකක්, ටැබ් පරිගණකයක් ඇතුළු භාණ්ඩ රැසක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර අපරාධ කොට්ඨාශය පවසයි. 02 August 2025
’’පෙන්ෂන් එක නැති කළොත් මරාගෙන මැරෙනවා’’ තමන් ජීවත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපෙන් බවත් එම වැටුප අහෝසි කළහොත් ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි සූදානම් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා සඳහන් කළේය 02 August 2025
මහවැලි ජනතාවට ඉඩම් ඔප්පු 25000ක් මහවැලි කලාපයේ ජනතාවට ඉඩම් ඔප්පු 25000ක් ඉදිරි මාස කීපයේදී ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය 02 August 2025
හිටපු ජනපතින්ගේ නිවාස ඉවත් කිරීමේ පනත මේ මස අග මැතිසබයට ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා ඉවත් කිරීමේ පනත් කෙටුම්පත බොහෝ දුරට මේ මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂන නානායක්කාර මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. 02 August 2025
සරසවි හතක ’’හොස්ටල්’’ නැතුව දරුවෝ අමාරුවේ රජයේ විශ්ව විද්‍යාල 17න් හරි අඩකම ශිෂ්‍ය නේවාසිකාගාර ගැටළුව බරපතළ තැනකට පැමිණීමෙන් ඒවායේ සිසු සිසුවියෝ දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. 02 August 2025
ඇගලුම් සේවකයන් ගෙන ගිය බසයක් පෙරලී 42කට තුවාල කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ ඉහල තල්දුව තිඹිරිපොල ප්‍රදේශයේදී ඇගලුම් කම්හලක සේවකයන් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් අද (02) උදැසන සිදුවූ අනතුරකින් එහි ගමන්කල 42 දෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත 02 August 2025
දේශබන්දු නෙරපන විවාදයට ආණ්ඩුවේ මන්ත්‍රීන්ට කොළඹ ඉන්න කියයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගන්නා ලබන අඟහරුවාදා(5) දින කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත. 02 August 2025
රටට කාන්තා නායකත්වය අත්‍යවශ්‍යයි වර්තමාන සමාජයේ කාන්තා නායකත්වය ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය කීවාය. 02 August 2025
වසරකදී දරුවෝ විසිදාහක් පාසලට සමුදෙති ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ සමාජමය කාරණා හේතුවෙන් සෑම වර්ෂයකම දරුවන් විසිදාහක් පමණ පාසල හැර යන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා ලංකාදීපයට පැවසීය. 02 August 2025
තැනින් තැනට අදත් වැස්ස උතරු,උතුරු - මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑග සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහි වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 August 2025
පොලිස් කොමිසමේ ටෝනර් උස්සලා ජාතික පොලිස් කොමිෂන් සභාවේ තිබූ රුපියල් 566,400/= ක් වටිනා ප්‍රින්ටර් ටෝනර් 12 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් එම කොම්ෂන් සභාවේ කාර්යාල කාර්ය සහයකයකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 02 August 2025
ගිලන් රථ - ත්‍රී රෝද රථ ගැටී 11ක් රෝහලට දිවුලපැලැස්ස මහියංගන ප්‍රධාන මාර්ගයේ හෙබරව ප්‍රදේශයේ දී අද (1) අලුයම රෝගින් පිරිසක් රැගෙන යමින් තිබු ගිලන් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කළ බව දිවුලපැලස්ස පොලිසිය පවසයි . 02 August 2025
ගල්කිස්සේ ගැටුමකින් අයෙක් මරුට ගල්කිස්ස අරලිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට තියුණු ආයුධයකින් පහර දීමෙන් එක් අයකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 02 August 2025
පුංචි මල් කැකුළක් හදිසියේ මිය ගිහින් කැකිරාව නගරා සන්නයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 11 හැවිරිදි සිසුවියක හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇතැයි කැකිරාව පොලිසිය පවසයි. 01 August 2025
තෙවන කුඹල් පෙරහර ගමන් අරඹයි ඓතිහාසික සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ තුන්වැනි කුඹල් පෙරහර අද පස්වරු 7.16 ට යෙදුන සුභ මුහුර්තියෙන් වීදි සංචාරය කළේය. 01 August 2025
‘‘ට්‍රම්පේ බද්දෙන් තරගයක් නිර්මාණය වෙලා‘‘ ජනපති ට්‍රම්ප් මෙරටට පනවා ඇති සියයට 20 ක තීරු බද්දෙන් යම්කිසි බලපෑමක් කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තකරුවන්ට එල්ල වනු ඇතැයි ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේය. 01 August 2025
‘‘කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස්‘‘ අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරයි ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදි වූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීරණය වන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා විවෘත කරනු ලැබීය. 01 August 2025
පොදු ප්‍රවාහනය ගැන මගී අදහස් ගන්න වට්ස්ඇප් අංකයක් පොදු ප්‍රවාහනය සම්බන්ධව මගී අදහස් ලබා ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සැකසූ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි. 01 August 2025
අතීතය ගැන කතා කර කාලය කා දැමීම අපරාධයක් අතීතයේ සිද්ධ වුණ දේවල් ගැන කතා කරමින් කාලය අපතේ යැවීම අපරාධයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 01 August 2025
පොලිසියේ පුරප්පාඩු විසිඅටදාහක් ශ්‍රී ලංකා පොලිසියේ මේවන විට පුරප්පාඩු 28000කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර එයින් පුරප්පාඩු 5000ක් කඩිනමින් පිරවීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 01 August 2025
පළාත් පාලන ආයතන වැඩ වලට පුරවැසි සහභාගීත්වය වැඩි කරයි පළාත් පාලන ආයතන වල කටයුතු සඳහා පුරවැසි සහභාගීත්වය පුළුල් කිරිම පිළිබඳ විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමුවිය. 01 August 2025
කතානායක නිල නිවස පර්යේෂණ මධ්‍යස්ථානයකට දෙන්න අනුමැතිය කතානායකවරයාගේ නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයකට ලබාදීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමිවී ඇත 01 August 2025
පොහොට්ටුවට නව සංවිධායකයෝ දාහතක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා නව ආසන සංවිධායක පත්වීම් දාහතක් ප්රදානය කිරීම කොළඹදී අද සිදු කෙරිණි. 01 August 2025
චීන තරුණ කඳවුරට අපෙන් පහක් යති චීනයේ නිංෂි හුයි ස්වයංපාලිත ප්‍රාන්තයේ පැවැත්වෙන 2025 ජාත්‍යන්තර තරුණ මිත්‍රත්ව කඳවුර සඳහා ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරමින් තරුණ තරුණියන් පස් දෙනෙකු සහභාගී වීමට නියමිත බව තරුණ කටයුතු අමාත්‍යාංශය කියයි. 01 August 2025
සීනි කර්මාන්තය බිඳ දාන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ විවිධ පාර්ශව සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවලින් සීනි කර්මාන්තය බිඳ වැට්ටවීමට රජය ඉඩ නොදෙන බව මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා පැවසීය. 01 August 2025
උතුරේ අක්කර දාසය දාහක අලුත් පොල් වගාවක් උතුරු පළාතේ මේ වසරේ අක්කර 16,000 ක අලුතින් පොල් වගා කරන බව ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය. 01 August 2025
වයඹ පාසල් දෙකක් ජනපති කාර්යාලයට ඉබ්බාගමුව වීර කර්නල් නියෝමාල් පලීපාන විද්‍යාලයේ සහ කුලියාපිටිය තාවල්ල ධම්මාලෝකමහා විද්‍යාලයේ සිසුසිසුවියන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පාසල් ශිෂ්‍යශිෂ්‍යාවන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට අද (01) අවස්ථාව උදා විය. 01 August 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025