(මදුශානි අබේසිංහ )

පොළොන්නරුව මහ රෝහලේ අපවාහන ජල ටැංකියක තිබී බිළිඳු මළ සිරුරක්  අද (13) සොයාගත් බව පොළොන්නරුව මූලස්ථාන පොලිසිය පවසයි.
පොළොන්නරුව මහ රෝහලේ සේවකයෙකු විසින් මෙම බිළිඳ මළ සිරුර දැක ඇති අතර මේ පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණ අද සවස සිදු කිරීමට කටයුතු කර ඇති බව පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක කේ.පී.පී. පතිරණ මහතා අප කළ විමසීමකදී පැවසීය.

මේ පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර පොළොන්නරුව පොලිසිය විසින් සිදුකරයි.