(සුජිත් හේවාජුලිගේ)

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් 11 වැනිදා සිට 14 දින දක්වා ජලය නොකැපීමට ජාතික ජල සම්පත් හා ජලා පවාහන මණ්ඩලය තීරණය කර ඇත.

ජනතාවගේ පහසුව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසීය.

ලබන පහළොස් වැනිදායින් පසු ජලය සම්පාදනය සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කර තීරණයක් ගන්නා බව මණ්ඩලය පවසයි.