(සුජිත් හේවාජුලිගේ)

අවුරුදු සමයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී පවතින අධික උෂ්ණත්වය ගැන අවධානය යොමු කරන ලෙස ජාතික ක්‍රීඩා විද්‍යායතනය ඉල්ලීමක් කරයි.

අධික උෂ්ණත්වය හේතුවෙන් සංකූලතා ඇති වුවහොත් ඒ සදහා ප්‍රථමාධාර සේවා සහ වෛද්‍ය සේවා සැපයීම අනිවාර්යයෙන් කළ යුතු බවද විද්‍යායතනය පවසයි.

අවුරුදු උත්සවවලදී අධික අව් රශ්මිය ඇති අවස්ථාවල පැවැත්වෙන ගම හරහා දිවීම සහ බයිසිකල් තරගවලදී තරගකරුවන් සංකූලතාවලට ලක්වීමේ වැඩි හැකියාවක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බව එහි වෛද්‍ය ධම්මික සේනානායක මහතා පැවසීය.