සාම්පල 24කින් 20ක්ම සැර කොරෝනා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කොවිඩ් රෝගීන් 24 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂණයට ලක් කිරීමේදී ඉන් සාම්පල 20 කම තිබී හමුවී ඇත්තේ වේගවත් පැතිරීමක් සහිත ප්‍රබල ඔමික්‍රොන් බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය බව එම අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 05 August 2022
ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීම: පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ පසුගිය (4) දා විත්තිකරුවකු ඉලක්ක කර සිදු කරන ලද වෙඩි ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ දී ගල්කිස්ස අධිකරණ සංකීර්ණ මුර පොලෙහි සේවයේ යොදවා සිටි පොලිස් නිළධාරීන් දෙදෙනා ගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 05 August 2022
’’අරගලකරුවන් ආර්ථික අරගලය ජයගන්න එක්කාසු කරගන්නවා’’ අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 05 August 2022
කිව්.ආර්. කේතය මකන්නේ මෙහෙමයි ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ කිව්.ආර්. කේතයට ලියාපදිංචි වී සිටින වාහන හිමියෙකුට සිය කිව්.ආර්. කේතයට පිවිස එහි ඇති ගිණුම අවසන් කිරීමට ඇති ස්ථානයෙන් එය මකාදැමිය හැකි බවත් ඉන් පසුව අවශ්‍ය තොරතුරු නැවත ඇතුලත් කර ලියාපදිංචි වියහැකි බවත් බලශක්තිය අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසීය. 05 August 2022
පාද යාත්‍රාවෙන් කතරගම එන බැතිමතුන්ගේ රැකවරණෙට මුදල් වෙන් කරයි කතරගම ඇසළ උත්සවය සඳහා උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ආරක්ෂාව හා ජල සම්පාදනය ඇතුළු යටිතල පහසුකම් සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රුපියල් මිලියන 2.04ක මුදලක් වෙන් කර ඇත. 05 August 2022
ශ්‍රී ලංකන් අප්‍රසාදයට පත්කිරීමේ මෙහෙයුමක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියට ආහාර නොදෙන බවට මේ දිනවල වන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන බවත් එම ගුවන් සේවය පිළිබඳව ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීම සඳහා මෙවැනි ප්‍රචාර සිදුකරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 05 August 2022
පෞද්ගලික බස් රථ වර්ජනය අවසන් කරයි ප්‍රමාණවත් ඉන්ධන නොලැබීමට විරෝධය දක්වමින් පෞද්ගලික බස් රථ හිමියන් අද (5) පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව බස් රථ හිමියන්ගේ සංගම් පවසයි. 05 August 2022
කෘෂි ඇමති උමන්දාව බලන්න යයි යුරියා පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 48 ක මුදලක් රජයට වැය කිරීමට සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 05 August 2022
උඩරට මාර්ගයේ සීඝ්‍රගාමී දුම්රිය ධාවනය නොවේ අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටීම නිසා කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අත්හිටුවා ඇති බවත් අද (5) සහ හෙට (6) ධාවනය වීමට දුම්රිය අවලංගු කළ බවත් නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා අද (5) පස්වරුවේ පැවසීය. 05 August 2022
ජනතාවගේ පැත්තේ සිට රජයට උදව් කරන්නට සූදානම් අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනතාවගේ පැත්තේ සිට රජයට උදව් කිරීමට තම කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 05 August 2022
පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට කොවිඩ් සිවුවැනි එන්නත පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සඳහා කොවිඩ් සිවු වෙනි මාත්‍රාව ලබන 12 වැනිදා සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබාදීමට පියවර ගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. 05 August 2022
’’අරගල භූමියේ අනවසර ඉදිකිරීම් 10 තෙක් ඉවත් කරන්නෑ’’ ’’ගෝඨා ගෝ ගම’’ අරගල භූමියේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් නිසි අධිකරණ අවසරයකින් තොරව ලබන දහ වැනිදා තෙක් ඉවත් නොකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (05) පොරොන්දු විය. 05 August 2022
සති අන්තයේ විදුලි කප්පාදුවක් නෑ එළඹෙන සති අන්තයෙ විදුලි කප්පාදුව නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය. 05 August 2022
ගොදුරක් සොයා ආ කොටියා වතු නිවසක කාමරයට වැටිලා තලවකැලේ, ලිඳුල, ලෝගී වත්තේ කූමුඩ් කොටසේ වතු කම්කරු නිවසක වහලය මතින් කාමරයක් තුළට වැටුණු කඳුකර කොටියකු නිර්වින්දනය කර කැලැයට මුදා හල බව ලිඳුල පොලීසිය පවසයි. 05 August 2022
පාර්ලිමේන්තු කමිටු පිහිටුවීම ලබන සතියේ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග අහෝසිවූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා ) ඇතුළු එහි සියලු කමිටු පිහිටුවීමේ කටයුතු ලබන සතියේ අරඹන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. 05 August 2022
අ‘පුර කතක් සයිකල් 12ක් උස්සලා අනුරාධපුර නගරයේ වෙළඳසල් ඉදිරිපිට නවතා තිබෙන අගුල් නොදැමූ පා පැදි සොරා ගත්තෙ යැයි කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශය කියයි. 05 August 2022
හොර තක්කඩි එලවීම භාවනාවෙන් කරන්න බැහැ ලෝකයේ අරගල සාමකාමී නැති බවත් රටක හොර තක්කඩි එලවීම භාවනා කර පන්සිල් අරගෙන කළ නොහැකි බවත් සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 05 August 2022
ජනපති අමරපුර මහා නා හිමි බැහැදකී රටෙි දැවෙන ප්‍රශ්න වලට කඩිනම් විසඳුම් සෙවීම සඳහ සර්වපාක්ෂික ආණ්ඩුව ඉතා වැදගත් බව අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නා හිමියෝ පැවසූහ. 05 August 2022
අරගලකරුවෝ අදත් කූඩාරම් ඉවත් කර ගනිති ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින අරගල කරුවන් සඳහා අද පස්වරු 5,00 ට පෙර අරගල භූමියෙන් ඉවත් වන ලෙස පොලිසියේ නිවේදනය කිරීමත් සමග අද දිනයේත් විශාල කූඩාරම් ප්‍රමාණයක් ඉවත් කරගන්නා ආකාරය දක්නට ලැබිණි 05 August 2022
බොරතෙල් මිල පහළට ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරදිනට සාපේක්ෂව අද (05) තවදුරටත් පහළ ගියේය. 05 August 2022
තෙල් බෙදීම කාර්යක්ෂම කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධාරණය ඛනිජ තෙල් බෙදා හැරීම දැනට වඩා කාර්යක්ෂමව සහ විධිමත්ව සිදු කිරීමේ අවශ්‍යතාව ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අවධාරණය කළේය. 05 August 2022
වැලිගම ඖෂධහල් 20කින් 18ක් නුසුදුසු තත්ත්වයේ වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිහිටි ඖෂධ 20 කින් ඖෂධ හල් 18කම පිළිගත් ඖෂධවේදීන් නොමැති බව සිදු කළ විමර්ශනයකදී අනාවරණය වූ බව වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 05 August 2022
සතොසට නව සභාපතිවරයෙක් ලංකා සතොස නව සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධන මහතා පත්කර තිබේ. 05 August 2022
ඇමෙරිකාවේ ‘වඳුරු උණ’ හදිසි තත්ත්වයක් වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් මෙසේ තීරණය කළේ, රටේ ‘වඳුරු උණ’ ව්‍යාප්තිය ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින බැවිනි. 05 August 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපති - සජබ සාකච්ඡාව අද රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිළියම් සෙවීම සඳහා ජනාධිපතිවරයා සිදුකර ඇති ආරාධනාව මත අද (5) පස්වරු තුනට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට එක් වීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 05 August 2022
පඩව්ගම දෙදරු පියකු වෙඩි තබා මරයි ලුණුගම්වෙහෙර පඩව්ගම ප්‍රදේශයේ නිවසක සිය දරුවන් සමග රාත්‍රී ආහාර ගනිමින් සිටි 34 හැවිරිදි දෙදරු පියකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 05 August 2022
වැස්ස අදින් පසු අඩු වෙයි දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අදින් (5) පසු ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 August 2022
මහනුවරදී පැහැරගත් නව හැවිරිදි දරුවකු මහරගමදී අල්ලයි 9 හැවිරිදි පිරිමි දරුවකු රවටා ගෙන කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ දුම්රියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු මගීන් විසින් අල්ලා මහරගම දුම්රිය ස්ථානයේදී පොලීසියට බාර දී ඇත. 05 August 2022
පෞද්ගලික බස් වර්ජනයක් පෞද්ගලික බස් රථ ධාවනයට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් නොකිරීමට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් රථ වර්ජනයක් අද (5) දින ක්‍රියාත්මක කරන බව බස්රථ වෘත්තීය සමිති කීපයක් ප්‍රකාශ කළේය. 05 August 2022
අහංගම වෙඩි තැබීමකින් අයෙක් මරුට අහංගම ගොවියාපාන හෝටලයක් තුලදි අද රාත්‍රි සිදුවු වෙඩි තැබිමකින් එක් අයකු එම ස්ථානයේම මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි අහංගම පොලිසිය පවසයි. 04 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025