කෝටි 10ක් වංචා කළ දෙන්නෙක් අල්ලයි 2024 ’’උරුමය’’ වැඩසටහන යටතේ බව පවසා ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථීර ඔප්පු ලබාදෙන බව පොරොන්දු වී රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු සහ සැකකාරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. 01 October 2025
අද කාලගණය බස්නාහිර ,සබරගමුව පළාත්වල ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (01) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 October 2025
තාජුඩීන්ගේ මරණය ගැන තොරතුරක් කජ්ජාගේ බිරිය කියයි 2012 දී ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක වසීම් තජුඩින් මියගොස් සිටි රථයට පිටුපසින් පැමිණි සැක කටයුතු රථයක මිද්දෙණියේ දී ඝාතනයට ලක් වූ අරුණ විදාන ගමගේ හෙවත් ’’ කජ්ජා ’’ නැමැත්තා සිට ඇති බව ඔහුගේ බිරිය අනාවරණය කළ බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ඊයේ පැවසීය. 01 October 2025
ළමා -වැඩිහිටි අයිතිය රකින්න කැපවෙනවා ළමා සහ වැඩිහිටි අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් රජය පූර්ණ වශයෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 01 October 2025
දරුවන්ට පූර්ණ ළමා ලොවක්- වැඩිහිටියන්ට ගෞරවනීය සමාජයක් දරුවන්ට පරිපූර්ණ ළමා ලෝකයක් සහ වැඩිහිටියන්ට ගෞරවනීය සමාජ ජීවිතයක් ගත කිරීමට අවැසි ’’පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’’ වෙනුවෙන් උපරිමයෙන් කැපවෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ළමා සහ වැඩිහිටි දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. 01 October 2025
ළමා-වැඩිහිටි සුබ සාධනයට පුළුල් සංවාදයක් ඕනෑ ළමා දිනයේ දී සහ වැඩිහිටි දිනයේ දී ඔවුනගේ සුබ සිද්ධිය උදෙසා කළ යුතු දේ පිළිබඳව පුළුල් සංවාදයකට යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලෝක ළමා දින සහ වැඩිහිටි දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. 01 October 2025
ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය ජනපති හමුවෙයි ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් ටෝකියෝහි ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි. ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය විසින් මෙම උදෑසන භෝජන සංග්‍රහය සංවිධානය කරනු ලැබ තිබිණි. 30 September 2025
අපට දැන් හිරේ යනවද?උගන්වනවද? හිතන්න වෙලා ළමයින් හිංසනයට ලක්වීම වැළැක්වීම සඳහා රජය ගෙන ආ පනත් කෙටුම්පත සම්මත වුවහොත් දරුවන්ට උගන්වනවාද? නැතිනම් හිරේ යනවද? කියා ගුරුවරුන්ට හිතන්න වෙන බව ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ මාධ්‍ය හමුවකදී අද (30) පැවසීය. 30 September 2025
ඉන්ධන වර්ග තුනක මිල පහළට ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 30 September 2025
බිරිය සැමියාට සිර මැදිරියේදී කුඩු දීලා කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණ ශාලාවේ සිරමැදිරිය අසළදී බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි රැදවියකුට මත් ද්‍රව්‍ය තොගයක් ලබා දුන් එම රැදවියගේ බිරිය අත් අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. 30 September 2025
බඩෝවිට රජිතගේ කොකේන් සමග ගොලයෝ තුනක් මාට්ටු විදේශගතව සිට මෙරට කොකේන් ජාවාරම මෙහෙයවන බඩෝවිට රජිත නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුලු දෙදෙනකු සමග රුපියල් කෝටි පහළොවක් පමණ වටිනා කොකේන් කිලෝ තුනක් භාරයට ගත් බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය පවසයි. 30 September 2025
කිරි නිෂ්පාදනය වැඩි කරන්න ජපන්- ලංකා ගිවිසුමක් ජපාන නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA) සභාපති ටනාකා අකිහිකෝ (Dr. TANAKA Akihiko) මහතා හමුවී සාකච්ඡාවක නිරත විය. 30 September 2025
අස්වැසුම ප්රතිලාභ හෙට ගිණුම් වලට අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ප්‍රථම අස්වැසුම දීමනාව අද (30)දින බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය කියයි. 30 September 2025
මෝදරින් විදෙස් ජීව අත්බෝම්බ හමුවෙයි මෝදර අලුත් මාවත එළිය හවුස් නගර සභා වැඩබිමේ තාප්පය අසල දමා ගොස් තිබූ විදේශීය රටකට නිෂ්පාදිත ජීව අත් බෝම්බ තොගයක් සොයාගත් බව මෝදර පොලිසිය කියයි. 30 September 2025
සම්පත් මනම්පේරිට වරෙන්තු ද්‍රවිඩ ව්‍යාපාරිකයකු බියගන්වා වසර 16කට පෙර සහල් ලොරියක් කොල්ලකෑමේ සිද්ධියක විත්තිකරුවකු වන පොදු පෙරමුණේ පළාත් පාලන අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඒ සඳහා වරෙන්තුවක්ද අද (30) නිකුත් කළේය. 30 September 2025
හිටපු ඇමැති ප්‍රසන්නට ඇප කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමකට කූටලේඛන සැකසීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන මාස පහකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර හා සරත්කුමාර එදිරිසිංහට ලක්ෂ පහක මුදල් හා ලක්ෂ පහ බැගින් වූ ශරීරය ඇප පහක් මත මුදාහරින්නැයි ගම්පහ මහාධිකරණය අංක දෙක විනිසුරු නයනා සෙනවිරත්න මහත්මිය අද 30දා නියෝග කළාය. 30 September 2025
උතුර නැගෙනහිර පාසල් සීයක් අලුත් කරන්න ජපානෙන් උදව්වක් ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා හමුවී සාකච්ඡාවක නිරත විය. 30 September 2025
‘‘ලංකාව පැහැදිලි ප්‍රකාශයක් කළොත් අපි සූදානම්‘‘ රුසියාව මෙරට තෙල් පිරිපහදුව පුළුල් කිරීමට පමණක් නොව මෙරටට න්‍යෂ්ටික බලශක්තිය ලබාගැනීමටද සහාය වීමට රුසියාව සූදානම් බවත් නමුත් ඒ සඳහා පැහැදිලි යෝජනාවක් ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඉදිරිපත්විය යුතු බවත් සෙගරායන් මහතා ප්‍රකාශ කළේය. 30 September 2025
හිටපු SSP සතිෂ්ට ඇප ප්‍රකට සංවිධානත්මක අපරාධ කල්ලි නායකයින් ලබා දුන් රුපියල් කෝටි දෙකකට අධික අල්ලස් මුදල් බැංකු ගිණුම් තුනකට බැර කරවා ගත්තේ යැයි දින 45ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 30 September 2025
වී කොල්ල කන ලොක්කන් ගැන සජිත් කී කතාව මේ ඇමතිවරුන් විපක්ෂයේ සිටියදී කුඹුරට බැහැලා ගොයම් කකා වී වලට සහතික මිලක් දෙන බව පැවසුවේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 30 September 2025
රෝහිත ඉවත් කරන්නැයි රාජිතගේ පෙත්සම විසි වේ පසුගිය මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්වීම බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ග්රෙෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 30 September 2025
පොලිසියෙන් ඉල්ලූ තහනමට අධිකරණයෙන් දුන් නියෝගය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ සිට පා ගමනින් ගොස් විශ්ව විද්‍යාල ප්රතිපාදනයක් කොමිෂන් සභාව ඉදිරිපිට සිදු කිරීමට නියමිත උද්ඝෝෂණ ක්‍රියාවලිය වළක්වන්නැයි කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා කිසිදු නියෝගයක් නිකුත් නොකළේය. 30 September 2025
’’මට වැරදුණා’’ ජපානයේ වෙන්දේසියකදී මෙරට තේ කිලෝවක් සඳහා වාර්තාගත මුදලක් නියමවීමට අදාළව නොබෙල් තෑග්ග ලැබුණු බවට කෙරුණු ප්‍රකාශය වැරැද්දකින් සිදුවූවක් බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. 30 September 2025
ජනපති ජපාන -ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතයි ශ්‍රී ලංකාවේ නැඟී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරැයුම් කළේය. 30 September 2025
පහුගිය ආණ්ඩු ගමේ සෞඛ්‍යයට දුන්නේ කුඩම්මාගේ සැලකිලි පසුගිය ආණ්ඩු මෙරට සෞඛ්‍ය සේවාවේ තෘතීයික සහ ද්විතීයික ආයතන ශක්තිමත් කිරීමට යොදවන ලද අවධානය ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නඟා සිටුවීමට යොදවා නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 30 September 2025
දක්ෂිණ අධිවේගියට අලුත් ගිමන් හලක් රියදුරන්ට සහ මගීන්ට විවේක ගැනීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර උඩුකාව ප්‍රදේශයේ විවේක මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර ඇත. 30 September 2025
විදුලියේ තනතුරකට ’’කෝප්’’ කෝප වෙයි විදුලි බල මණ්ඩලයේ විගණක ලෙස වැඩබලන නිලධාරිනියක මාස 11ක් තිස්සේ රාජකාරී අවරණය කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව එහි නිලධාරීන්ට අප්‍රසාදය පළ කළේය. 30 September 2025
ශෂින්ද්‍ර යළි රිමාන්ඩ් අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා 30 September 2025
පද්මේගේ අවි ළඟ තබාගත් දෙන්නෙක් අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නමැත්තාට අයත් මයික්‍රෝ වර්ගේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 30 September 2025
තලල්ල වෙරළ ජාත්‍යන්තරයට මාතර දෙවිනුවර දිගු රන්වන් දුඹුරු වැලි සහිත වෙරළ තීරයක් වන තලල්ල වෙරළ තීරය ජාත්‍යන්තර සහතික ලාභී නිල්ධජ වෙරළ තීරයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය තලල්ල වෙරළ තීරයේදී ආරම්භ කෙරිණි. 30 September 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025