
(අංජුල මහික වීරරත්න)
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ, 'සමාජ සහ චර්යාත්මක වෙනසක් ඔස්සේ ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ජාතික සන්නිවේදන වැඩසටහන ' දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 05ට අඩු ළමුන් අතර දුර්වල ශාරීරික සහ මුඛ ස්වස්ථතාව, අධික සීනි සහ ලුණු පරිභෝජනය, පැණි බීම සහ බේකරි නිෂ්පාදන ආහාරයට ගැනීම, ප්‍රමාණවත් ශාරීරික ව්‍යායාම සහ නින්ද නොමැතිකම, ඩිජිටල් තිරවලට ඇබ්බැහි වීම, පරිසරය සඳහා සංවේදී නොවීම වැනි අයහපත් සෞඛ්‍ය හැසිරීම් බහුලව පවතින බව නිරීක්ෂණය වී ඇත.
එකී ගැටලු සම්බන්ධයෙන් පවතින විද්‍යාත්මක දත්ත සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2025-2029 මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහු ආංශික උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්ම මත පදනම්ව මුල් ළමාවිය සෞඛ්‍ය ප්‍රවර්ධනයට අදාළ පාර්ශ්වයන් සමඟ එක්ව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ' සමාජ සහ චර්යාත්මක වෙනසක් ඔස්සේ ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ජාතික සන්නිවේදන වැඩසටහන ' නමින් වැඩසටහනක් සකස් කර යුනිසෙෆ් සංවිධානයේ මූල්‍ය සහයෝගය ඇතිව 2025 වර්ෂය තුළදී පහත සඳහන් පරිදි ක්‍රියාත්මක කරනු ලැබ තිබේ:
* එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගික හා සුදුසු සැකැස්ම වශයෙන් පෙර පාසල් ප්‍රජාව තෝරා ගැනීම.
* සෞඛ්‍ය, මුල් ළමාවිය සංවර්ධනය සහ පූර්ව ළමාවිය අධ්‍යාපන අංශ වලින් තෝරාගත් නිලධාරින් 277 දෙනෙකු වැඩසටහනේ ප්‍රධාන පුහුණු කරුවන් වශයෙන් පුහුණු කිරීම.
* එම ප්‍රධාන පුහුණුකරුවන් විසින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරා ගත් සෞඛ්‍ය ප්‍රවර්ධන පෙර පාසල් 900 ක ගුරුවරුන් පුහුණු කර අදාළ ක්‍රියාකාරකම් එම පෙර පාසල් තුළ සිදු කිරීම සඳහා අවශ්‍ය සන්නි වේදන මෙවලම් පැකේජය බැගින් ලබා දීම.
* සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අදාළ සන්නිවේදන මෙවලම් පැකේජය භාවිත කිරීම පිළිබඳව සහ තවදුරටත් එම පැකේජය භාවිත කිරීමට පවතින ශක්‍යතාව පිළිබඳව පසු විපරම් වැඩසටහනක් මඟින් තහවුරු කර ගැනීම.
ඉහත සඳහන් පරිදි 2025 වර්ෂය තුළ එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම මඟින් අත් කරගනු ලැබ ඇති ප්‍රගතිය සැලකිල්ලට ගෙන, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මඟින් ආරම්භ කරනු ලැබ ඇති STEP - UP මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන යටතේ 'සමාජ සහ චර්යාත්මක වෙනසක් ඔස්සේ ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ජාතික සන්නිවේදන වැඩසටහන' දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd