
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු කරගෙන යන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ සෙංකෝලය උස්සගෙන ගිහින් ගිල්ලත් නඩු අහන වේගය අඩු කරන්නේ නැතැයි පැවැසූ අමාත්‍යවරයා මෙතුමලගේ කාලයේ වගේ ජනාධිපතිට අගමැතිට ගොට්ට අල්ලන අය ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන ක්‍රමයක් මේ රජය යටතේ ක්‍රියාත්මක නොවන බවද සඳහන් කළේය
ඔහු මෙසේ පැවසුවේ එකතු කළ අගය මත මත (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2482/09 සහ 2487/02 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරනු ලැබූ නියමයන් දෙකක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2487/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි පිළිබඳ විවාදයේදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd