(අංජුල මහික වීරරත්න)

ළමයින්ගේ ආරක්ෂාව යනු එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ කරුණක් නොව සියලු සංවර්ධන පාලන සහ සමාජ රාමු තුළ ඇතුළත් ජාතික ප්‍රමුඛතාවයක් බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. සෑම දරුවෙකුටම ආරක්ෂිත වටපිටාවක අධ්‍යාපනය ලබමින් හැකියාවන් වර්ධනය කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම වගකීම බව අග්‍රාමාත්‍යවරිය කීවාය.

දකුණු ආසියා කලාපයේ ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවැසුවාය.

ජුනි 23 සහ 24 දෙදින පැවැත්වෙන මෙම කලාපීය සමුළුව හරහා දකුණු ආසියාවේ ළමුන්ට එරෙහිව සිදුවන හිංසනය තුරන් කිරීම සඳහා දේශපාලනික පසුබිම ශක්තිමත් කිරීම, මෙතෙක් ලබාගෙන ඇති ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ.