කෝටි 14ක රන් සමඟ දෙන්නෙක් මාට්ටු
නීතී විරෝධී ලෙසින් ශ්රී ලංකාවේ සිට ඉන්දියාවට ඩිංගි යාත්රාවකින් ප්රවාහනය කරමින් තිබූ කෝටි 14 කට වැඩි වටිනාකමින් යුතු රන් කිලෝ හතරයි ග්රෑම් 454 ක්,සැකකරුවන් දෙදෙනෙකු ද සමගින් අද (1) කල්පිටිය කළපුවේ සින්න අරිච්චල් ප්රදේශයේ දී ,කල්පිටිය විජය නාවුක ආයතනයේ මුර සංචාරක යාත්රාවක් මගින් අත් අඩංගුවට ගෙන ඇත.