විමලසුරේද්‍ර වාන් දමයි:කැළණි ගඟ ජලමට්ටම ඉහළට නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය අද උදෑසන සිට වාන් දැමීමට පටන් ගෙන ඇතැයි වාරි ඉංජිනේරුවෝ පවසති. 28 November 2025
පළාත් රැසකට අදත් මිලි මිටර් 200ක තද වැසි මඩකළපුව ප්‍රදේශය ආශ්‍රිතව පැවැති දිට්වා සුළි කුණාටුව ත්‍රිකුණාමලය සිට කිලෝ මිටර් 50ක් දකුණු දෙසින් අක්ෂාංශ 8.1°N සහ දේශාංශ 81.2°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇත. 28 November 2025
රත්නපුරයටත් ගංවතුර තත්වයක් කලු, වේ, දෙනවක්, හංගමු, කුරු යන රත්නපුරේ ප්‍රධාන ගංගා සියල්ල ජල මට්ටම් ඉහළ යමින් පවතින එම ගංගාවල ස්ථාපිත පූර්ව අනතුරු ඇගවීමේ පද්ධති දත්ත අනාවරණය කරයි. 28 November 2025
හදිසි තත්වයක් ඇති වුවහොත් ගුවන් හමුදා සහය ගැනීමට සුදානම් පවතින අවදානම් තත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිරි හදිසි මුදාගැනිම් සඳහා ගුවන් හමුදා හෙලිකෝප්ටර් යානා යොදා ගැනිමට සුදානමින් සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.අයි.එම්. සිල්වා මහතා 27 දින පැවසීය. 27 November 2025
හෙට රජයේ කාර්යාලවලට නිවාඩු පවතින හදිසි ආපදා තත්ත්වය නිසා රජයේ කාර්යාල සඳහා හෙට(28) විශේෂ නිවාඩු දිනයක් රජය ප්‍රකාශයට පත් කර ඇත. 27 November 2025
අධිවේගී මාර්ගයේ ගමනා ගමනය නොමිලේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගවල ධාවනය වන වාහන සඳහා ගාස්තු අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඉංජිනේරු කේ ඩඩ්ලිව්. කණ්ඩම්බි මහතා පැවසීය. 27 November 2025
ආපදාවෙන් මරණ 30යි : 21ක් අතුරුදන් අධික වැසි, තද සුළං සහ ගස් කඩා වැටීම අකුණු අනතුරු සහ ජල ගැලීම් ඇතුලු දිවයිනට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් පැය 24 ක් තුළ දිස්ත්‍රික්ක 5 ක මරණ 30 ක් සිදුවී තවත් 10 ක් තුවාල ලබා 21 ක් අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 27 November 2025
’’තාත්තගෙ තත්ත්වය යහපත්’’ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තත්ත්වය යහපත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. පවතින කාලගුණ තත්වය යටතේ ඕනෑම කෙනෙකුට උණ හෙම්බිරිස්සාවක් හැදෙන්න හැකි බවද නාමල් රාජපක්ෂ මහතා කීය. 27 November 2025
ජනපති ආපදා කළමනාකරණ සභාව රැස් කරයි වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ආපදා කළමනාකරණ සභාව කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ. 27 November 2025
හොංකොන් මරණ තවත් ඉහළට හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ උස් මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නෙන් මියගිය පුද්ගලයින් ගණන 55 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසයි. 27 November 2025
‘‘දට්වා‘‘ නිසා තද සුළං සමග තද වැසි ශ්‍රි ලංකාවට ගිනිකොණ දෙසින් පැවැති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකළපුව සිට කිලෝ මීටර් 120ක් ගිනිකොන දෙසින් අක්ෂාංශ 6.7°N සහ දේශාංශ 82.1°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 27 November 2025
වැස්සෙන් අ‘පුරට බරපතල තත්වයක් කලා වැවේ වාන් දොරටු දෙක අඩි 19 බැගින් විවෘත කිරීම හේතුවෙන් ඒ අසලින් දිවෙන කාපට් අතුරා මාර්ගයේ කොටස ෙ14වන කිලෝමීටර් කණුව අසලින් කැඩී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 27 November 2025
කටුගස්තොට පාර වැහේ කටුගස්තොට අලවතුගොඩ මාර්ගයේ (ඒ 09) කටුගස්තොට පොලිසිය අසලින් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව පොලිසිය කියයි. 27 November 2025
පෙර පාසල් හෙට සිට නිවාඩු පෙර පාසල් ඇතුළු සියලු මුල් ළමාවිය සංර්වධන මධ්‍යස්ථාන සඳහා හෙට (28) දින සිට නැවත කාලගුණ තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු නිවාඩු ලබා දෙන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි. 27 November 2025
දෙමහල් ගොඩනැගිල්ලක වහලයේ සිරව සිටි තුනක් ගුවන් හමුදාවෙන් බේරා ගනී පිටාර ගැලූ දැදුරුඔයේ ජලකඳට මැදිව මහව අල්ල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක වහලය මත සිරවි සිටි තිදෙනකු බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි. 27 November 2025
’’පාර්ලිමේන්තුව වහලා මැති ඇමතිලා ගම්වලට යවන්න’’ පාර්ලිමේන්තුව කල් තියලා මැති ඇමතිවරුන් තම තමන්ගේ ප්‍රදේශවලට යොමු කර ජනතාවට සහායවීමට යොද වන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) රජයෙන් ඉල්ලීමක් කළේය. 27 November 2025
හිටපු ජනාධිපති මහින්ද රෝහල්ගත කරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට අද (27) පෙරවරුවේ ඇතුළත් කර තිබේ. 27 November 2025
ආපදාවෙන් මිය ගිය අයකු වෙනුවෙන් ලක්ෂ දහයක අධික වර්ෂාව සමග ඇති වූ ගංවතුර සහ නායයාම් ඇතුළු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් දී තිබේ. 27 November 2025
පාර්ලිමේන්තු විවාද හෙට අනිද්දා නෑ ආපදා තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභාව අවස්ථාවේ විවාද හෙට සහ අනිද්දා නොපැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 27 November 2025
ආපදා දැනුම් දෙන්න ‘හොට් ලයින්’ එකක් අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන හදිසි තත්වයන් 117 අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි 27 November 2025
හලාවත යටවීමේ අවධානමක් දැදුරු ඔය ජලාශය වාන් දැමීම හේතුවෙන් අද (27) හෝ හෙට (28) හලාවත නගරය ජලයෙන් යටවීමේ අවධානමක් තිබෙන බව වාර්මාර්ග අධ්යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා පැවසීය. 27 November 2025
භාෂා පරිවර්තක විභාගය කල් දමයි හෙට (28) දිනයේ සහ 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක (සිංහල/ඉංග්‍රීසි ), (සිංහල /දෙමළ) හා (දෙමළ / ඉංග්‍රීසි) II ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත / සීමිත තරග විභාගය දින නියමයක් නොමැතිව කල් දමා අැත 27 November 2025
හොංකොං ගින්නෙන් මියගිය ගණන ඉහළට හොංකොං හි තායි පෝ දිස්ත්‍රික්කයේ උස් මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නෙන් මියගිය පුද්ගලයින් ගණන 55 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසයි. 27 November 2025
මහ වැස්සෙන් අ‘පුර ජන ජීවිතයටත් බාධා දින ගණනාවක් තිස්සේ ඇද හැලෙන වැසි සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව පවුල් 400 පුද්ගලයන් 1000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය. 27 November 2025
පොළොන්නරු - මඩකළපුව මාර්ගය ගල්ලෑල්ලෙන් යටවෙයි පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් අඩි දෙකක් පමණ ගංවතුරෙන් යටවීමත් සමග අද (27) අලුයම සිට එම මාර්ගය වසා දැමීමට පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබේ. 27 November 2025
අනුරාධපුර පාදෙණිය මාර්ගය වහයි දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇද හැලෙමින් පවතින වර්ෂාපතන තත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 අඩි 11 බැගින් විවෘත කර ඉන් තත්පරයට ඝන අඩි 60600 ක ජලධාරිතාවක් දැදුරු ඔයට මුදා හැරෙන බව වාරියපොල ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි. 27 November 2025
මාර ගසක් කඩා වැටී ඩිෆෙන්ඩර් දෙකකට හානි පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ඊයේ (26) රාත්‍රී හමාගිය සුළගකින් ඇමැති ආරක්ෂක කොට්ඨාස භූමියේ තිබූ නවතා තිබූ ඩිෆෙන්ඩර් රථ 2 ක් අතුළු වාහන 5 කට විිශාල මාර ගසක් කඩා වැටී ඇති බව ඇමැති ආරක්ෂක කොට්ඨාසය පවසයි. 27 November 2025
රම්බොඩ උමං මාර්ගය නායයයි පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් නුවරඑළිය- ගම්පොල මාර්ගයේ රම්බොඩ උමං මාර්ගය අසල කොටසක් අද (27) නායයෑමට ලක්විය. 27 November 2025
පාතහේවාහැට නායයෑමෙන් අඹුසැමි යුවළක් මරුට පාතහේවාහැට මැදගම පල්ලේගම ග්‍රාම නිලධාරී වසමේ ඊයේ (26) රාත්‍රී කාලයේ සිදුවූ නාය යාමකින් පස් කන්දකට යටවීමෙන් අඹුසැමි යුවළක් මරණයට පත්ව තිබේ. 27 November 2025
නාඋල ප්‍ර.ස අය වැය සම්මතයි ජාතික ජන බලවේගයට බලය හිමි නාඋල ප්‍රාදේශිය සභා 2026 අය වැය වැඩි ඡන්ද තුනකින් අද (27) සම්මත විය. 27 November 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026