ජනපති- ජපාන ආරක්ෂක ඇමති හමු වෙයි ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී ජපාන ආරක්ෂක අමාත්‍ය ඩී එම් නකටානි (DM Nakatani) මහතා හමුවී සාකච්ඡාවක නිරත විය. 30 September 2025
ගල් අඟුරු ව්‍යාපෘතියේ වාහන හයක් අතුරුදන් පුත්තලම ගල් අඟුරු ව්‍යාපෘතිය වෙනුවෙන් කෝටි 12 කට වැඩි මුදලක් වැයකර මිලදීගත් වාහන 6ක් කොන්ත්‍රාත්කරු මේ වනතුරුද විදුලි බල මණ්ඩලයට බාරදී නැති බව වාර්තාවේ. 30 September 2025
ලංවිම ගිල්ල සල්ලි මල්ල විදුලි බල මණ්ඩලය2014 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රුපියල් කෝටි පනස් නව දහසකට වැඩි පාඩුවක් ලබා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය 30 September 2025
අද කාලගුණය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 September 2025
රනිල් ගැන මහින්ද කී දේ ’’අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලන සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්’’ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා තමා බලන්නට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසයි. 30 September 2025
බබාලා 47ක් අම්මලා සමග කූඩු වෙලා මෙම වසර මුල සිට ගතවූ මාස 9 ක කාලය තුළ විවිධ වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කළ කාන්තාවන් සමග කුඩා දරුවන් 47 දෙනකු බන්ධනාගාරයේ රැදී සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසයි. 30 September 2025
අල්ලසේ රංගගෙන් නන්දනට පිළිතුරක් තමා ජනතා විමුක්ති පෙරමුණේ කිසිම වැඩ පිළිවෙලකට තමා කිසිම අවස්ථාවක සම්බන්ධ වී නැතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය . 29 September 2025
ජනපතිගෙන් ජපන් ආයෝජකයන්ට ඇරැයුමක් ජපාන නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී ජපානයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සමඟ වට මේස සාකච්ඡාවකට එක් විය. 29 September 2025
අයි.එම්.එෆ්- රජයේ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය අගයයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී, Evan Papageorgiou මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (29)හමුවිය. 29 September 2025
මහනුවර මාර්ගයේ බස් රථ අනතුරින් 12ක් රෝහලට රන්දෙනිගල මහනුවර මාර්ගයේ ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් කීර්ති බණ්ඩාරපුර ප්‍රදේශයේදී අනතුරකට පත්වීම හේතුවෙන් එහි ගමන් කරමින් සිටි මඟින් 12 දෙනකු කැන්කැටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කොට ඇති බව වලපනේ පොලීසිය කියයි. 29 September 2025
හරිනි - රොබෝ එක්ක කතා කරයි ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයක් කරා ගෙන යාමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය මූලික පියවර වන්නේ නවීන තාක්ෂණයට අනුකූල වන මානව සම්පතක් නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 29 September 2025
’’මානිගේ තීරුව. NOT OUT 36!’’ කෘතිය එළිදකියි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානීද මැල් මහතාගේ ’’මානිගේ තීරුව. NOT OUT 36!’’ කෘතිය දොරටවැඩුම බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් එළිදක්වන ස්ථානයේදී අද (29) සිදුකෙරිණි. 29 September 2025
ජනපති - ජපාන මුදල් ඇමති සාකච්ඡා ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන මුදල් අමාත්‍ය කතෝ කසුනොබු (KATO Katsunobu) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අද (29) පස්වරුවේ ටෝකියෝ අගනුවර පිහිටි ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි. 29 September 2025
කෝප් කමිටුවෙන් විදුලියට රතු එළියක් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් බෙදී ඇති ආකාරය අපැහැදිලි බැවින් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ඉදිරියේදී බරපතළ ගැටලු ඇතිවිය හැකි බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කොප් කමිටුව) එහි නිලධාරීන්ට පෙන්වාදී ඇත. 29 September 2025
ලංකා - ජපන් නායකයෝ ඒකාබද්ධ මාධ්‍ය හමුවක ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී අද (29) පෙරවරුවේ පැවැත්විණි. 29 September 2025
ජනපති-ජපන් අගමැති හමු වෙයි ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර හමුව ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී අද (29) සිදු විය. 29 September 2025
මෛත්‍රී කවි කියයි කිසිදු දේශපාලනඥයකු අධ්‍යාපනයට අද තැබීම හොඳ නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය 29 September 2025
’’එක පෑන් පහරින් ඔක්කොම කරන්න බෑ’’ ආර්ථික වශයෙන් පරිහානියට පත්වූ රටක් අදියරෙන් අදියර ගොඩනගමින් ආර්ථික වර්ධනයක් උදාකර ගනු ලබන අවස්ථාවක සියලු අඩුපාඩු එක් පෑන් පහරකින් සම්පුර්ණ කර ගත නොහැකි බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 29 September 2025
අපරාධකරුවන් හැත්තෑ දෙදෙනකුට රතු නිවේදන විදේශයන්හි ශ්‍රී ලාංකික අපරාධකරුවන් හැත්තෑ දෙදෙනෙකු වෙනුවෙන් ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 29 September 2025
බැකෝ සමන්ගේ බිරිඳගේ දුරකථන තවත් පරීක්ෂා කරන්න නියෝග ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳගේ ජංගම දුරකථන දෙක ඔස්සේ තවදුරටත් විමර්ශන කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා රහස් පොලීසියට අද(29) නියෝග කළේය . 29 September 2025
පේරාදෙණි වෛද්‍ය සිසුවා අනතුරින් මරුට කඩුගන්නාව ඌරාපොළ හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ලබමින් සිටි 24 හැවිරිදි සිසුවකු මියගොස් ඇති බව පොලිසිය කියයි. 29 September 2025
දේශපාලන ගැති රාජ්‍ය සේවය අවසන් ජනතාවට නිසි පරිදි සේවය සපයන ස්වාධීන හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය. 29 September 2025
මන්ත්‍රී අර්චුනාට ඇප පොලිස් නිලධාරියකුගේ රාජකාරියට සාපරාධී බලහත්කාර පෑම ඇතුළු චෝදනා දෙකක් යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රාමනාදන් අර්චුනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය. 29 September 2025
පිපිරීමකින් දෙන්නෙක් රෝහලේ කිලිනොච්චියේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවය පොලීසිය කියයි. 29 September 2025
වැඩ තහනම් වූ එස් අයි කසිප්පු ජාවරමේ යෙදිලා යතුරුපැදියක සඟවාගෙන නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදුණු වැඩ තහනමට ලක් කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 29 September 2025
ජනපති අද ජපාන අගමැති හමුවෙයි ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 29 September 2025
ආරක්ෂිත බැම්ම විශාල අනතුරක් වළක්වයි නුවරඑලියේ සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වලපනේ ප්‍රදේශයෙදි මාර්ගයේ ඉවතට පැන ආරක්ෂිත පස් බැම්මක ගැටී නතර වීමෙන් සිදු විමට ගිය විශාල අනතුරක් වැළකී ගොස් ඇතැයි වලපනේ පොලිසිය කියයි. මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑලිය වලප 29 September 2025
මාවනැල්ල පස් කන්දට යට වූ තිදෙනාම මරුට මාවනැල්ල මානික්කාවේ ඉඩමක ආරක්ෂක බැම්මක් කප්පද්දි පස් කන්දට යටවූ සේවකයන් තිදෙනාගේ සිරුරු ගොඩ ගත් බව පොලිසිය කියයි. 29 September 2025
රැඳවුම් නිවාසයෙන් ළමුන් 15ක් පැන ගිහින් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මාකොළ බාලක රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින පිරිමි ළමුන්ගෙන් ළමුන් 15 දෙනෙකු පැන ගොස් ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසයි. 29 September 2025
මත්ද්‍රව්‍ය-ජීව උණ්ඩ ඇතුළු හොරබඩු සමඟ අයෙක් මාට්ටු කොට්ටාව රුක්මලේ පාර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හොරයින් මත්ද්‍රව්‍ය ජීව උණ්ඩ සහ වාහන අංක තහඩු සහ ඊට අදාළ ලිපි ලේඛන තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 29 September 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025