
(සුජිත් හේවාජුලිගේ)
ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළ ගියහොත්, රෝහල් පද්ධතිය තුළ රෝගීන් කළමනාකාරණය කර ගැනීමට නොහැකි වන තත්වයක් උද්ගතවිය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා අනතුරු ඇඟවීය.
ගිය වසරේ රෝගීන් සංඛ්‍යාව අනුව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉතා ඉහළ මට්ටමක පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .
මෙලෙස ඩෙංගු රෝගීන් වාර්තාවීම දිගින් දිගටම ඉහළ ගියහොත්, රෝහල්වල පහසුකම් යටතේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම බරපතළ ගැටළුවකට ලක්වන බව ඔහු කීය.
ගිය වසරේ ජූනි මාසයේ ඩෙංගු රෝගීන් 5,466ක් වාර්තා වී ඇත. මේ වසරේ ජූනි මාසය තුළ මේ දක්වා (ජූනි 21 දක්වා) රටපුරා ඩෙංගු රෝගීන් 13,338ක් වාර්තා වී ඇති බව හෙතෙම පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd