(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ චමිල් අල්විස්)

සිව් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් අද අලුයම හොරණ විවිධ සේවා සුභාකාර සමිතියට අයත් ගෝනපොළ කෝරළඉම ශාඛාවේ  රන් සුරැකුම් මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරියා බැඳ දමා සේප්පුවල බහා තිබූ රුපියල් කෝටි ගණනාවක රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලා ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය සඳහන් කරයි.

පැමිණි කොල්ලකරුවන් බැංකුවේ තිබූ DVR පද්ධතියට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

රන් සුරැකුම් මධ්‍යස්ථානයේ පිටුපස කොටස තිබෙනවා සුළං කවුළුවෙන් ඇතුළු වී තිබූ කොල්ලකරුවන් ආරක්ෂක නිලධරියාව ඒ තුළ බැඳ දමා මෙම කොල්ලේ සිදු කර තිබූ බව පොලිසිය කියයි.