
(සුජිත් හේවාජුලිගේ)
ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,179ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය .
සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 28ක් බව පැවැසේ .
රෝගීන් සංඛ්‍යාව මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට රෝහල්වල ධාරිතාවය ඉක්මවා ගොස් ඇති බවත් මෙය දිගින් දිගටම සිදුවුවහොත් සමස්ත රෝහල් පද්ධතියම කඩා වැටීමේ බරපතළ අවදානමක් පවතින බවත් කන්නන්ගර මහතා වැඩිදුරටත් කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd