(රංජිත් රාජපක්ෂ)

වලාන දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් යාපනය ප්‍රදේශයේදි  අත්අඩංගුවට ගත් භෞත චිකිත්සකවරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු, බිරිද සහ දරුවා වලාන දුෂණ මර්ධන ඒකකකයේ නිළධාරින්   ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරිම සදහා නුවරඑලිය පොලිසිය වෙත භාර දෙනු ලැබුවා.

සැකකරු බිරිද සහ දරුවා සමග වෙස්වලාගෙන වැල්ලවත්තේ සිට යාපනය දක්වා පෞද්ගලික බස් රථයකින් ගමන් කරමින් සිටියදි සැකකරුව වලාන දූෂණ මර්ධන ඒකකයේ නිළධරින් අද අලුයම චාවාකච්චෙරි කයිතඩි ප්‍රදේශයේදි අත්අඩංගුවට ගනු ලැබුහ.

මේ අතර සැකකරුට ඝාතනය කළ භෞත චිකිත්සකවරියගේ සිරුර සැගවීමට සහ ඔහුට නවාතැන් පහසුකම් ලබා දුන් ඔහුගේ මිතුරකු වන කුන්ඩසාලේ ප්‍රාදේශිය සභාවේ රියදුරකු නුවරඑලිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් කුණ්ඩසාලේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබුණී.