
(විමුක්ති එස් රුද්‍රිගු)
ස්විට්සර්ලන්තයේදී පැවැති පළමු අදියරේ තාක්ෂණික සාකච්ඡාවලදී ඇමෙරිකාව අත්හිටුවා තිබූ ඩොලර් බිලියන 12ක් වටිනා වත්කම් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු අවසන් කළ බව ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බගේර් ගලිබෆ් ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් වත්කම් නිදහස් කර ගැනීමෙන් පසුව ඉන් මිලදී ගතහැකි දේ පිළිබඳව දෙපාර්ශ්වය පරස්පර විරෝධී මත ඉදිරිපත් කර ඇත.
ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් පසුගිය 22 වැනිදා ස්විට්සර්ලන්තයේදී මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කර සිටියේ මුදාහරින වත්කම්වලින් ඉරානය සොයා බෝංචි, බඬ ඉරිඟු සහ තිරිඟු පිටි වැනි ඇමෙරිකානු භාණ්ඩ මිලදී ගතයුතු බවයි.
කෙසේ නමුත් ඉරාන මහ බැංකු අධිපති ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාව සහ ඉරානය අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම යටතේ නිදහස් කරන අත්හිටවූ වත්කම්වලින් ඇමෙරිකානු නිෂ්පාදන මිලදී ගතයුතු බවට බැඳීමක් ඉරානයට ඇති නොවන බවයි.
නිදහස් කරන වත්කම්වලින්, සම්බාධක පනවා නැති භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව තිබෙන බවද මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
එසේම හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමත් නැවතත් ක්‍රමයෙන් ඒ හරහා යාත්‍රා කරන නෞකා ප්‍රමාණය වැඩිවෙමින් පවතින බවත් නමුත් තවමත් යුද්ධයෙන් පෙර තත්වයට හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය පත් නොමැති බවත් මැරිටයිම් ට්‍රැෆික් වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.
ඕමානය සහ ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධියේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට කටයුතු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd