විමල්ට තරයේ අවවාද
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කර මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියට අදාළව වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ වරෙන්තුව ආපසු කැඳවූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, ඔහුට තරයේ අවවාද කරමින් පෙර ඇප මත අද (21) මුදා හැරියේය.