IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


’’අස්වැසුමට’’ ප්‍රා: ලේ සංගමය එකඟ වෙයි

(අංජුල මහික වීරරත්න)

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන  ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය .

ශ්‍රී ලංකා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සංගමය සමඟ  ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති සාකච්ඡාවේදී  මෙම තීරණය ගත් බව සඳහන් කළ විජේරත්න  මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක  මහත්වරුන් ඇතුළු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම  පැවති බවද සඳහන් කළේය.

අස්වැසුම සුබසාධක වැඩසටහන විධිමත්ව ඉදිරියට  ගෙනයාම සඳහා ගම් මට්ටමින් නිශ්චිත නිලධාරියෙක් පත් කිරීමටද මෙහිදී එකඟතාව පළ වූ බවත් ජයන්ත විජේරත්න මහතා පැවසීය .



අදහස් (2)

’’අස්වැසුමට’’ ප්‍රා: ලේ සංගමය එකඟ වෙයි

සි. සි. කුලරත්න Wednesday, 08 November 2023 12:12 AM

සමෘද්ධියෙන් වැඩිම ප්‍රතිලාභ ගන්න පිරිස ප්‍රාෙද්ශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම්ලා වන බැවින් අස්වැසුම කඩාකප්පල් කිරිමට ඔවුන් කටයුතු කරන ලදී. දැන් නැවත මේ එන්නේ අස්වැසුමේද වැඩිම ප්‍රතිලාභියා වීමේ මගක් පාදගෙන වියයුතුය.

:       0       2

අප්පුහාමි Wednesday, 08 November 2023 09:56 AM

රාජ්‍ය සේවයේ සිට විශ්‍රාම ගත්තු අයෙක් හැටියට මට ප්‍රශ්න කීපයක් ඇතිවුණා... මොකක්ද කිව්වොත් රජයේ සේවය සඳහා බඳවා ගන්නා පත්වීම් ලිපියේ තියෙනවා... ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි සහ ඒ වෙනුවෙන් නිකුත්කරන චක්‍රලේඛ අනුව කටයුතු කරන්න ඕනෑ කියලා එහෙම නම් ඔය නිලධාරින්ට ආයතන සංග්‍රහය අදාල නැද්ද? පළමු ප්‍රශ්නය වෙනවා දෙවැන්න ශ්‍ර්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහය 11 වැනි කාණ්ඩයේ XLV 11 වැනි පරිච්ඡේදය හා විශේෂයෙන් 1 වැනි වගන්තිය වන සාමාන්‍ය හැසිරීම හා විනය ඔය නිලධාරින්ට අදාල නොවේද යන්න. එහෙමත් නැත්නම් වර්තමානයේ රජයේ සේවකයින් හා නිළධාරින් සඳහා ආයතන සංග්‍රහය ක්‍රියාත්මක නොවේද යන්න දැනගන්න තියෙනවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site