
(බිමල් ශ්‍යාමන් ජයසිංහ,ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න, බුද්ධික කුමාරසිරි සහ සුමිත් පොතුපිටිය )
උපාධිධාරී පෙම්වතියගේ ගෙළ කපා ඝාතනය කළ උපාධිධාරී පෙම්වතා පෙති වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව නාගොඩ රෝහලට ඇතුළත්වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව මූලස්ථාන පොලීසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අම්පිටිය ගැටහැත්ත පදිංචිව සිටි බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලිපිකාරිණියක් ලෙස සේවය කරන 32 අචිනි තුෂාරි නමැත්ති තරුණියකි. 33 හැවිරිදි සැකකරු මේ වන විට කළුතර නාගොඩ මහරෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ තරුණිය සහ සැකකරු බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවය කරන අතර සැකකරු නවාතැන් ගෙන සිටින හෝමාගම උසාවිය පාරේ දෙමහල් නිවසක උඩුමහලේ කාමරය වෙත සැකකරුගේ මව සමග තරුණිය ඊයේ පැමිණ ඇතැයි පොලිසිය කියයි.
ඇයට පිටත්ව යාම සඳහා හෝමාගම නගරයට යාමට ත්‍රීරෝද රථයක් රැගෙන ඒමට යැයි පවසා සැකකරු සිය මව නිවසින් පිටතට යවා තිබූ බවත් ඇය පැමිණෙන විට සැකකරු පවසා ඇත්තේ තරුණියක් පිටව ගිය බව යැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු ෙපෙති වර්ගයක් පානය කළ බව පවසමින් කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් වී ඇති අතර එහිදී වෛද්‍යවරුන් සැකකරු ඇඳ සිටි කමිසයේ ලේ පැල්ලමක් දැක ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත කළුතර දකුණ පොලිසියට කරන ලද දැනුම්දීමක් අනුව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් අනාවරණය වී උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඡායාරූප බුද්ධික කුමාරසිරි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන්නේ. මරනවා, කපනවා, කොටනවා වගේ දේවල් සාමාන්‍ය දේවල් වෙලා. අනික තමන් ආදරේ කරපු කෙනෙක්ව මරන්න තරම් හිතක් දරුණු වෙන්නේ කොහොමද?
ආදරය කියන එකේ තේරුම වත් නොදන්නා කාලකන්නි. හරිම කනගාටුයි.