(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මත්පැන් සමාගම් පහක් රුපියල් කෝටි 672 කට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
බදු පමා වන සෑම මාසයකටම සියයට 3 ක බද්දක් අය කරන හෙයින් කෝටි 400ක ප්‍රමාද ගාස්තු එකතුවී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
මෙම සමාගම් වසා දැමීමෙන් එම බදු අය කර ගත නොහැකි වන බව පැවසූ සියඹලාපිටිය මහතා බදු ගෙවීම සඳහා ඒ සමාගම්වලට දෙසැම්බර් 29 තෙක් කල්දී ඇතැයිද ප්‍රකාශ කළේය.
ඉන්පසු බලපත්‍ර කාලය දීර්ඝ නොකිරීමටත් අධිකරණ ක්‍රියාමාර්ග වලට යෑමටත් කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.
සුරා බදු වංචා වැළැක්වීමට වැඩිම ක්‍රියාමාර්ග ගත් යුගය මෙය බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
මත්පැන් බෝතල් සඳහා ස්ටිකරය හඳුන්වාදීම විප්ලවකාරී පියවරක් බව පැවසූ අමාත්‍යවරයා එහි ප්‍රශ්න තිබෙන බවද සඳහන් කළේය.
ස්ටිකරය හරියාකාරව ක්‍රියාත්මක කළොත් රාජ්‍ය ආදායම විශාල වශයෙන් ඉහළ නැංවිය හැකි බවද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මත්පැන් සමාගම්වල බදු පොල්ල රාජ්‍ය ඇමති හෙළි කරයි
Ravindra Ashoka Tuesday, 07 November 2023 03:01 PM
මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධිවීම ගැන බොහෝම සතුටුයි... රුපියල් කෝටි 672 කට වැඩි බදු මුදල වහාම අයකර ගැනීමට වහා කටයුතු කළයුතුයි.
රංජිත් Tuesday, 07 November 2023 03:38 PM
අරක්කු කොම්පැණි ටික රජයට අරන් කොම්පැණිකාරයින්ගේ සියලුම දේපල ටිකත් එක්ක ප්‍රසිද්ධ වෙන්දේසියේ වික්කා නම් ඉවරයිනේ. හැබැයි එතකොට කොමිස් නෑ...!
Bamunuarachchi Wednesday, 08 November 2023 07:47 AM
ඇමැතිතුමා සිද්ද වෙන්නේ මේකයි. ඔවුන් ඔය බදු ගෙවන්නේ නැතුව සමාගම් තහනම් වෙන්න ඉඩ හරිනවා. ඊට පසු බිරිඳගේ හෝ දරුවෙකුගේ නමින් නැවත කර්මාන්තය පටන් ගන්නවා. එමනිසා... එම පුද්ගලයින් බංකොලොත් කාරයින් හැටියට පත්කරන්න ක්‍රමයක් තිබෙනවා නම් එය ක්‍රීයාත්මක කරන්න. දේපල විකුණා හෝ බදු ගෙවන තත්වයට පත් කරන්න.