( ජේ.ඉඳුරුවගේ)
හික්කඩුව නාරිගම මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරකට අසුවී දියඹට ගසා ගොස් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මෙරට සංචාරයකට පැමිණ හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නතරව සිටි 60 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බව හික්කඩුව පොලිසිය පැවසීය.
මොහු තවත් විදේශිය සංචාරකයන් පිරිසක් නාමින් සිටියදී මුහුදු රළකට හසුව දියඹට ගසා ගෙන යද්දී වෙරළ තීරයේ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ගොඩට ගෙන බලපිටිය රෝහලට ඇතුලත් ඇතුලත් කර තිබුණි.එහිදි ඔහු මිය ගොස් සිටි බව අනාවරණය වූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd